Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

දුම්රිය සේවාවේ වැටුප් වැඩිකිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට විරෝධය පළකරමින් සෞඛ්‍ය සේවාවට අයත් වෘත්තීය සමිති 16ක නියෝජිතයන් 50,000ක් පමණ දෙනා මේ මස 22 වන දින සංකේත වැඩවර්ජනයක් පැවැත්වීමට තීරණය කළ බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ කැඳවුම්කරු අජිත් පී. තිලකරත්න මහතා සඳහන් කරයි.
දුම්රිය සේවාවේ වැටුප් වැඩිකිරීම පිළිබඳව විරෝධයක් නොමැති නමුත් ඊට සමගාමීව සෞඛ්‍ය සේවාවේද වැටුප් වැඩිකරන ලෙස රජයට දැනුම්දී ඇතැයිද හෙතෙම කීය.
එහෙත් මේ වන තෙක් රජය සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් ලබා නොදුන් බැවින් සංකේත වැඩවර්ජනයක් පැවැත්වීමට තීරණය කළ බවද ඔහු පැවැසීය.
මෙම වැඩ වර්ජනයට රජයේ ලියාපදිංචි, සහකාර වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය, පරිපූරක වෛද්‍ය සේවාවට අයත් වෘත්තීය සමිති, අතුරු වෛද්‍ය සේවාවට අයත් වෘත්තීය සමිති මෙම වැඩ වර්ජනයට සහය දක්වනු ඇත.
මෙම වැඩ වර්ජනය හේතුවෙන් රෝහල්වල බාහිර රෝගීන්ට ඖෂධ නිකුත් කිරීම, සායනවල රෝගීන්ට ඖෂධ නිකුත් කිරීම, වාට්ටු තුළ රෝගී සත්කාර සේවාවන්, රසායනාගාර පර්යේෂණ සියල්ලක් බිඳ වැටෙනු ඇතැයි තිලකරත්න මහතා පැවැසීය.ළමා මාතෘ හා පිළිකා රෝහල් තුළ මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක නොකිරීමට බලමණ්ඩලය ඊයේ (14) තීරණය කළ බවද ඔහු සඳහන් කළේය.
 
ශ්‍රියානි විජේසිංහ

චීනය ශ්‍රී ලංකාවේ කරන ආයෝජන කාර්යයේදී කිසිදු දේශපාලන හෝ ආර්ථික කොන්දේසියක් දමා නැතැයි, චීන විදේශ කටයුතු අමාත්‍යංශ දකුණු ආසියානු කලාපයේ උප අධ්‍යක්ෂිකා ෂෙන් ෂියෝ ෂිආ මහත්මිය බෙයිජිං නුවරදී ඊයේ (14) පැවැසුවාය.
ෂෙන් ෂියෝ ෂිආ මහත්මිය බෙයිජිං නුවරදී ඊයේ (14) පැවැසුවාය.
ශ්‍රී ලංකාව තුළ චීනය සියලු ව්‍යාපාර කටයුතු කරන්නේ මෙරට වෙළෙඳ ‍පොළ තුළ පවතින ‍පොදු රෙගුලාසි සියල්ලටම යටත්ව යයිද දකුණු ආසියානු කලාපයේ උප අධ්‍යක්ෂිකා ෂෙන් ෂියෝ ෂිආ මහත්මිය වැඩිදුරටත් කීවාය.
ශ්‍රී ලංකා/චීන සංස්කෘතික හුවමාරු වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලාංකේය මාධ්‍යවේදීන් කණ්ඩායම චීනයේ බෙයිජිං නුවරදී හමුවූ අවස්ථාවේදී චීන විදේශ කටයුතු අමාත්‍යංශ දකුණු ආසියානු කලාපයේ උප අධ්‍යක්ෂිකා ෂෙන් ෂියෝ ෂිආ මහත්මිය මෙසේ පැවැසුවාය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේදී කොළඹ වරාය නගර (මූල්‍ය නගරය) අදාළ ගිවිසුමට අත්සන් කළද මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජාතික රජය ඊට අදාළ ආයෝජන ප්‍රතිපත්ති විනාශ කළේ නැතැයිද දකුණු ආසියානු කලාපයේ උප අධ්‍යක්ෂිකා ෂෙන් ෂියෝ ෂිආ මහත්මිය තවදුරටත් කීවාය.
චීන ජනාධිපති ෂී ජින් මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ මහ‍ලේකම්වරයා වශයෙන් යළිත් තේරී පත්වීමෙන් පසුව එරට සංචාරය කළ ප්‍රථම ශ්‍රී ලාංකේය මාධ්‍ය කණ්ඩායම දකුණු ආසියානු කලාපයේ උප අධ්‍යක්ෂිකා ෂෙන් ෂියෝ ෂිආ මහත්මිය හමුවුණේ බෙයිජිං නුවර චීන විදේශ කටයුතු අමාත්‍යංශයේදීය.
ශ්‍රී ලංකාවේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය නියෝජනය කරමින් මාධ්‍යවේදීහු දස දෙනෙක් මිත්‍රත්ව හුවමාරු වැඩසටහනට සහභාගි වී සිටිති.
ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇතිවී වසර 60 ක් සපිරීමද ශ්‍රී ලාංකේය මාධ්‍යවේදීන්ගේ සංචාරයට විශේෂ හේතුවක් වී තිබිණ.
ශ්‍රී ලාංකීය මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් දකුණු ආසියානු කලාපයේ උප අධ්‍යක්ෂිකා ෂෙන් ෂියෝ ෂිආ මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ චීනය හා ශ්‍රී ලංකාව අතර දේශපාලන, වෙළෙඳ, සංස්කෘතික ඇතුළු ඕනෑම ආකාරයේ ගනුදෙනුවක් වන්නේ අනාදිමත් කාලයක සිට දෙරට අතර පවතින අනේ‍යා්න්‍ය ගරු කිරීම පදනම් කරගෙන බවය.
චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ දකුණු ආසියා කලාපයේ තුන්වැනි ‍ලේකම් ජන්ග් සොන්ග් මහතා සහ චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ සිංහල අංශයේ හඹ ළී ෆං මෙනෙවියද ඉහත හමුවට සහභාගි වූහ.
 
ලසන්ත වීරකුලසූරිය චීනයේ බෙයිජිං නුවර සිට

සයිටම් ආයතනය අහෝසි කිරීමට රජය කටයුතු කර ඇත්තේ එහි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අනාගතය සම්බන්ධ විධිමත් වැඩපිළිවෙලක් සකසා නොමැති පසුබිමක යැයි මාලඹේ වෛද්‍ය විද්‍යාල දෙමාපිය සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරයි.

එම ආයතනයට සිසු සිසුවියන් ඇතුළත් කරන ලද්දේ උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසින් සයිටම් ආයතනය සම්බන්ධයෙන් ලබා දුන් ප්‍රමිතිය සහ සුරක්ෂිතතාවය නිසා බවද පෙන්වා දුන් විජේරත්න මහතා සයිටම් ආයතනය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී උසස් අධ්‍යාපන සහ සෞඛ්‍ය අමාත්‍යංශ ඇතැම් උසස් නිලධාරීන් වංචා දූෂණ රැසක් සිදුකොට ඇති බව අනාවරණය වී ඇතැයිද කීය.

එ‍මෙන්ම ඒ සම්බන්ධ අද (14) අල්ලස් කොමිසමට ලිඛිත සංදේශයක් ලබා දෙන අතර ඉදිරියේ දී ඒවා සනාථ කිරීමට අවශ්‍ය සාක්ෂි සැපයීමට ද තම සංගමයට කටයුතු කරන බවද කීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද පැවැති මාධ්‍ය හමුවකදීය.

එස්.ටී.පී සිල්වා

හිටපු ගුවන්සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා ආණමඩුව එක්සත් ජනතා නිදහස් සන්ධාන ආසන සංවිධායක ධුරයෙන් ඉවත්කර ඇත. ඒ පසුගිය දා ආනමඩුව ආසන සංවිධායක වශයෙන් හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත්කුමාර මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නව ආනමඩුව සංවිධායක ලෙස පත්කිරීමත් සමගිනි.

ආනමඩුව නවෝද්‍යා පාසලේ ගුරුවරියක දණගැස්වූ සිද්ධිය මුල්කොට පුත්තලම මහාධිකරණයෙන් වරදකරුවෙකුව දඬ මුදලකට යටත්වූ ඒ මහතාට මෙම පත්වීම ලබා දීම පිළිබඳව ශ්‍රීලනිපයේ පසුපෙල මන්ත්‍රීන් තුළ දැඩි අප්‍රසාදයක් පළව ඇතැයි ද වාර්තා වේ.

එස්.ටී.පී. සිල්වා

දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා මේ මස 27 දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ඊයේ (13) නියෝග කොට ඇත.

සංවර්ධන ලොතරැයි මණ්ඩල සභාපති ධුරය හොබවන කාලයේ ඔහු රුපියල් අසූලක්ෂ අනූපන්දහසක සුඛෝපභෝගී රථයක් තම පෞද්ගලික පරිහරණය සඳහා යොදාගත් බවට කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගනු ලැබූ ගුණවර්ධන මහතා මෙලෙස නැවත රක්ෂිත බන්ධනාගාරගත‍ කර ඇත.

මේ දක්වා මෙම වාහනය සොයා ගත නොහැකි වී ඇති අතර ඒ සම්බන්ධ විමර්ශන කටයුතු අවසන් වී නොමැති නිසා විත්තියේ නීතිඥවරුන්ගේ ඇප ඉල්ලීම පිළිගත නොහැකි බව විනිසුරුවරිය කියා සිටියාය.

ඒ.ජී.රේණුකා

 

හෙම්මාතගම ප්‍රසිද්ධ මුස්ලිම් පාසලක අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසුන් දෙපිරිසක් අතර ඊයේ (13) පස්වරුවේ ඇති වූ ගැටුමකට සම්බන්ධ සිසුන් පස්දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර අද (14) ඔවුන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සිසුන් දෙදෙනෙකු අතරේ හටගත් බහින්බස් වීමක් දුරදිග යෑම මෙම ගැටුමට මුල් වී ඇතැයි කියනු ලැබේ.

හෙම්මාතගම වැඩබලන පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක අශෝක බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

 

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට පහර දුන් බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය මෙතෙක් කටයුතු නොකිරීමට විරෝධය පළ කරමින් ලබන 16 වැනිදා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් සහ විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව සමස්ත ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

පහර කෑමට ලක්ව ඇත්තේ පුත්තලම නගර සභාවට අනුයුක්තව සේවය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂක නඩරාජා සුරේෂ් නම් අයෙකි. ඔහු මේ වන විට පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

පුත්තලම නගරයේ පවත්වා ගෙන අනවසර ව්‍යාපාරික ස්ථාන නගර සභා සේවකයින් විසින් පසුගිය 12 වැනිදා ඉවත් කිරීමට කටයුතු කර  ඇත. එම අවස්ථාවට පහර කෑමට ලක්ව ඇති මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාද සහභාගි වී තිබේ. රාජකාරි කටයුතු අවසන් කර යතුරු පැදියෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා තම නිවස බලා ගමන් කරමින් සිටින විට ත්‍රි රෝද රථයකින් පැමිණි අයෙකු පහර දීම සිදු කර පලා ගොස් ඇත.

පහර දීම සිදු කර දින දෙකක් ගතවී ඇතත් ඊට සම්බන්ධ පුද්ගලයින් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර නොමැති බව සමස්ත ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට ලිඛිතව දැණුම් දීමට කටයුතු කර ඇති බවත්,තව දුරටත් පොලීසිය කටයුතු නොකරන්නේ නම් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් සහ විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බවද උපුල් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.

ජුඩ් සමන්ත

 

 

මීරිගම ප්‍රධාන රූපලාවණ්‍යාගාරයක සේවය කරන තරුණ රූපලාවන්‍ය ශිල්පිනියකගේ මළ සිරුර ඊයේ (13) පස්වරුවේ එම රූපලාවණ්‍යාගාරයේ  හමුවී ඇත. පොලිසියට සිරුර හමුවී ඇත්තේ රූපලාව්‍ය ආසනයක් මත තිබිය දී බව කියනු ලැබේ.

මෙසේ මියගොස් ඇත්තේ කිතලවලාන මඩුගස්වත්ත මුත්තෑවත්තේ පදිංචි  හෙනරත් හෙට්ටිආරච්චිගේ දිනේෂා චතුරංගනී නමැති 21 හැවිරිදි තරුණියක වන අතර ඇගේ පියා මීරීගම පොලිසියේ නිලධාරියකු බව ද කියනු ලැබේ.

මරණය සිදුවන අවස්ථාවේ මෙම තරුණිය තනිවම සේවයේ යෙදී සිට ඇති බවත් රූපලාවන්‍යාගාර හිමිකාරිය කිසියම් කටයුත්තක් සඳහා බැහැරව ගොස් සිටි බවත්  මූලික පොලිස් පරීක්ෂණවල දී හෙළිවී තිබේ.

මෙම මරණයට හේතුව කිසියම් අපරාධයක් ද නැතහොත් හදිසි රෝගී තත්ත්වයක් ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඇය කිසියම් ‍රූපලාවන්‍ය කටයුත්තක් කර ගනිමින් සිටිය දී අසාත්මිකතා කම්පනයකට (Anaphylactic Shock) ලක්වූයේ ද යන්න පිළිබඳව ද මූලික මරණ පරීක්ෂණයේ දී අනාවරණය කර ගත හැකි වනු ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

 

එස්.ටී.පී සිල්වා

 

ශ්‍රී ලංකාවේ වසර 30ක් පුරා පැවති යුද ගැටුම් හේතුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 400ක පාඩුවක් රටට සිදු වී ඇති බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.මෙම යුද ගැටුම්වලදී ශ්‍රී ලංකා රජයට ඩොලර් මිලියන 200ක පාඩුවක් සිදු වී ඇති බවත් එල්.ටී.ටී.ඊ,ය පාර්ශ්වයෙන්ද  මේ හා සමාන මුදලක් වැයකර ඇති බවත් පාර්ලිමේන්තුවේ පර්යේෂණ අංශය තමන්ට දැනුම් දුන් බව කිරිඇල්ල මහතා මෙහිදී පැවැසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය.
“විශේෂයෙන්ම ජනවාර්ගික ප්‍රශ්නය අපි කළමනාකරණය නොකරපු නිසා අපේ රට තිස් අවුරුදු යුද්ධයකට අවතීර්ණ වුණා. මේ තිස් අවුරුදු යුද්ධයේ පාඩුව මේ වන විට කවුරුත් තක්සේරු කරලා නැහැ. මම පාර්ලිමේන්තුවේ රිසර්ච් යුනිට් එකකට කිව්වා මේ තිස් අවුරුදු යුද්ධයේ පාඩුව සනාථ කරන්න පුළුවන් ලියවිල්ලක් ලබා දෙන්න කියලා. මට රිසර්ච් යුනිට් එකෙන් ලැබුණා රජයට ඇමෙරිකානු ඩොලර් බිලියන 200 ක පාඩුවක් වෙලා තිබෙනවා යුද්ධය නිසා. එල්.ටී.ටී.ඊ. එක පැත්තෙනුත් මේ හා සමාන මුදලක් වැය කරලා තිබෙනවා. සමස්තයක් වශයෙන් ගත්තාම ඇමෙරිකානු  ඩොලර් බිලියන 400ක පාඩුවක් අපේ රටට වෙලා තිබෙනවා. මේ ජනවාර්ගික  ප්‍රශ්නය අපි විසඳගත යුතුයි. නැත්නම් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල මතය විමසලා, ව්‍යවස්ථාදායක කමිටුවක් හරහා අපි වැඩ කරගෙන යනවා.

පැතුම් වික්‍රමරත්න, ප්‍රසාදිකා ජයවර්ධන

සයිටම් ආයතනය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව අහෝසි කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ගොනු කර ඇති අභියාචනා පෙත්සම් විභාගයෙන් පෞද්ගලික හේතුන් මත තමා ඉවත් වන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.
සයිටම් අර්බුදයට විසඳුම් ලබාදීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටුව නිකුත් කළ නිර්දේශ සියල්ල මෙම වසර අවසන් වීමට පෙර ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇති බැවින් එම අභියාචනා පෙත්සම විභාගයට ගැනීම සඳහා ලබන වසරේ දින නියම කරන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. අතිරේක සොලිසිටර් ජනරාල්වරයාගේ එම ඉල්ලීමට විරුද්ධත්වය දක්වමින් සයිටම් ආයතනය වෙනුවෙන් හා එම ආයතනයෙන් වෛද්‍ය උපාධිය දිනාගත් සිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට පෙන්වා දුන්නේ එකී පෙත්සම් විභාගය දිනෙන් දින කල්යාමෙන් තම ආයතනයේ හා සිසුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවන බවයි. එබැවින් හැකි ඉක්මනින් එම අභියාචනා පෙත්සම විභාගයට ගෙන තීන්දුවක් ලබාදෙන ලෙසද එම නීතිඥවරුන් එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම අභියාචනා පෙත්සම ඊවා වනසුන්දර, ප්‍රියන්ත ජයවර්ධන හා නලීන් පෙරේරා යන විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිණි. මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය දිනාගත් මල්ෂා සූරියආරච්චි නමැත්තියට වෛද්‍ය වෘත්තියේ නියැලීමට ඉඩකඩ සලසමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරගන්නා ලෙසට අභියාචනාධිකරණය පසුගිය ජනවාරි 31 වැනි නිකුත් කළ තීන්දුව අභියෝගයට ලක්කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් එම පෙත්සම ගොනුකර තිබුණි.

නිශාන්ති රාමනායක - කොළඹ අධිකරණ

රජයේ අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, ප්‍රාදේශීය සභා ඇතුළු විමර්ශනයට ලක්කළ රාජ්‍ය ආයතන සියල්ල අතරින් තුනෙන් එකක් රජයේ මූල්‍ය හා කාර්යසාධන නියමයන්ට අනුගතව කටයුතු කර නොමැති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ තෙවැනි වාර්තාව අනාවරණය කරයි.
2015 මුදල් වර්ෂයට අදාළව සැකසූ මෙම රාජ්‍ය ගිණුම් කාරක සභා වාර්තාව එම කාරක සභාවේ සභාපති, මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
2015 වර්ෂයට අදාළ මෙම විමර්ශනයට අනුව අමාත්‍යංශ 50 ක් අතුරින් 28 ක්ම ස්ථාවර වත්කම් ‍ලේඛන නිසි පරිදි නඩත්තු කර නොමැති බව වාර්තාවේ සඳහන් වේ.
එසේම රජයේ දෙපාර්තමේන්තු 61 ක්ද, ස්ථාවර වත්කම් ‍ලේඛන නිසි පරිදි නඩත්තු කර නොමැති බව වාර්තාවේ දැක්වේ.
පළාත් සභා, අධිකාරි හා ව්‍යවස්ථාපිත ආයතන අතරින් සියයට 50 ක් 2015 වර්ෂයේ ගිණුම් ඉදිරිපත් කර නොමැති බවද වාර්තාවේ දැක්වේ.
කාර්ය සාධන වාර්තා නියමිත පරිදි පාර්ලිමේන්තුව ඉදිරිපත් කළ අමාත්‍යංශ සංඛ්‍යාව 24 ක් වන බවද මෙහි දැක්වේ.
මෙහිදී දෙපාර්තමේන්තු නවයක් (9) කිසිදු වත්කම් ‍ලේඛනයක් පවත්වාගෙන ගොස් නැති බවද සඳහන් වේ.අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, පළාත් සභා, නගර සභා ඇතුළු ආයතන 831 ක තොරතුරු ප්‍රශ්නාවලියක් ඔස්සේ පරිගණක ජාලගත පද්ධති හරහා ලබාගනිමින් විගණකාධිපතිවරයාගේද සහභාගිත්වයෙන් මෙම විමර්ශන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

පැතුම් වික්‍රමරත්න/ප්‍රසාදිකා ජයවර්ධන

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 4890

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 4476

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 7629

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4832

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 3101

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3909

Please publish modules in offcanvas position.

Web Analytics