Coss Ear2
lakbima.lk
COSS Ear 1

පළාත් පාලන ඡන්දය නිමිත්තෙන් දිවයින පුරා පිහිටි සියලුම සුරාසල් හෙට (10) දින වසා තැබිමට සුරාබදු දෙපාර්තමේන්තුව සුරාසල් හිමියන් වෙත නියෝග කර ඇත.මැතිවරණ දිනයේදී රට තුළ සමය පවත්වා ගැනීම සඳහා රජය විසින් මෙම තීරණය ගෙන ඇත.
මෙදින අදාළ සුරාබදු නියෝගය කඩකරමින් මත්පැන් අලෙවි කරන සුරාසල් වැටලීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරී කණ්ඩායම්ද රාජකාරියේ යෙදවීමට නියමිතය.

පානුක රාජපක්ෂ

පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම පැවැත්වෙන හෙට (10) දිනයේදී උදෑසනම ඡන්ද ‍පොළට ගොස් ඡන්දය ප්‍රකාශ කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සියලුම ඡන්ද හිමියන්ගෙන් ඉල්ලීමක් කරයි.
ඡන්දය භාවිත කිරීමට යන විට වලංගු හැඳුනුම්පතක් ඡන්ද ‍පොළට රැගෙන යාම අනිවාර්ය වන අතර ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව තැන් තැන්වල නොරැඳී තම තමන්ගේ නිවෙස්වලට යන ලෙසද සභාපතිවරයා පවසයි.
මැතිවරණයට අදාළ ඡන්ද පෙට්ටි අදාළ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් වෙත යැවීමට පියවර ගෙන ඇති අතර ඡන්ද විමසීම සඳහා අදාළ ඡන්ද ‍පොළවල් සැකසීමේ කටයුතු අද (09) සිදුවන බවද මහින්ද දේශප්‍රිය මහතා කීය.
ඡන්ද ‍පොළේදීම ඡන්දය ගණන් කෙරෙන අතර එහිදීම ඡන්ද ප්‍රතිඵල දැන ගැනීමට අවස්ථාව හිමිවේ. හෙට (10) මධ්‍යම රාත්‍රිය වන විට ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම අවසන් කිරීමට හැකිවනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව බලා‍පොරොත්තු වේ.

ලසන්ත වීරකුලසූරිය / ගයාත්‍රි ගීගනආරච්චි
 

පළාත් පාලන ආයතන 340ක සභික ධුර අටදහස් තුන්සිය විසිපස් දෙනකු තෝරා ගැනීම වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන 13420දී හෙට (10) පෙ.ව. 7.00 සිට සවස 4.00 දක්වා ඡන්ද විමසීම පැවැත්වේ.මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා 340ක සභික ධුර 8325 ක් සඳහා අපේක්ෂකයන් 57095 දෙනෙක් මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත්ව සිටිති.
දේශපාලන පක්ෂ 43කින් හා ස්වාධීන කණ්ඩායම් 222කින් මෙම අපේක්ෂකයෝ මැතිවරණයට ඉදිරිපත් වෙති.
ඡන්ද විමසීම මැතිවරණ කොට්ඨාස 4903ක පැවැත්වෙන අතර ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථාන 6823දී එදින සවස 4.00න් පසු ඡන්දය ගණන් කිරීම ඇරඹෙයි.
මෙවර මැතිවරණයේදී ඡන්ද ‍පොළේදීම ඡන්දය ගණන් කරන බැවින් නිලධාරීන් එක්ලක්ෂ හැත්තෑතුන් දහස් තුන්සිය අසූ තුන් දෙනෙක් (173383) මැතිවරණ රාජකාරි සඳහා යොදවා සිටිති.මැතිවරණයේදී ඡන්දය භාවිතා කිරීම සඳහා ඡන්දදායකයන් 1570806 දෙනෙක් මෙවර සුදුසුකම් ලබා සිටිති.
ඡන්ද විමසීම පැවැත්වෙන හෙට (10) දිනයේදී ඡන්ද ‍පොළවල්වලට ඇතුළුවිය හැක්කේ අදාළ ඡන්ද‍පොළ හිමියන් ඡන්ද ‍පොළ කාර්ය මණ්ඩලය අපේක්ෂකයන්, විධිමත් පත්වීමක් ලබා ඇති ඡන්ද ‍පොළ නියෝජිතයන් හා නිරීක්ෂකයන් ඡන්ද ‍පොළ රාජකාරියෙහි නියුක්ත ‍පොලිස් නිලධාරීන්, තේරීම් භාර නිලධාරී හා තේරීම් භාර නිලධාරීන්ගේ අවසරය ඇති පුද්ගලයන්ට පමණි. අදාළ ඡන්ද හිමියන්ට ඡන්දය භාවිතා කිරීම සඳහා ජාතික හැඳුනුම්පත, වලංගු රියැදුරු බලපත්‍රය, වලංගු විදේශ ගමන් බලපත්‍රය, විශ්‍රාමික හැඳුනුම්පත, පූජ්‍ය පක්ෂය සඳහා නිකුත් කරන හැඳුනුම්පත හෝ වැඩිහිටි හැඳුනුම්පත යන ඒවායින් එකක් ළඟ තිබිම අනිවාර්ය වේ.
එමෙන්ම මෙහිදී කොට්ඨාස තරග කරන අපේක්ෂකයන්ට ස්වකීය කොට්ඨාසයේ ඡන්ද මධ්‍යස්ථානවලට පමණක් ඇතුළු විය හැකි අතර අතිරේක ලැයිස්තුවේ අපේක්ෂකයන්ට ස්වකීය පළාත් පාලන ආයතනයේ ඕනෑම ඡන්ද ‍පොළකට ඇතුළු විය හැකි යැයි මැතිවරණ කොමිසම පෙන්වා දෙයි.
එහෙත් කිසිදු අවස්ථාවකදී කිසිම අපේක්ෂකයකු ඡන්ද ‍පොළ තුළ හෝ ඡන්ද ‍පොළ අවට රැඳී සිටිමින් පක්ෂ අපේක්ෂක ප්‍රවර්ධන කටයුතු කළ නොහැකිය.
ඊට අමතරව ඡන්ද භූමිය තුළ කිසිදු පුද්ගලයකු ජංගම දුරකතන ගෙන යාම හෝ භාවිත කිරීම, ඡායාරූප ගැනීම, වීඩියෝ කිරීම, අවිආයුධ සන්තකයේ තබාගැනීම, දුම්පානය, මත්පැන් හා වෙනත් මත්ද්‍රව්‍ය භාවිත කිරීම සපුරා තහනම් වේ.
ඡන්ද පෙට්ටි අදාළ ඡන්ද මධ්‍යස්ථානවල අද (09) ස්ථාපිත කිරීමට නියමිතව ඇත.

ලසන්ත වීරකුලසූරිය
ගයාත්‍රි ගීගනආරච්චි

 

පළාත් පාලන මැතිවරණයට අදාළව හෙට (10) දින පැවැත්වෙන ඡන්ද විමසීමේ ඡන්ද මධ්‍යස්ථානයක හෝ ඡන්ද ගණන් කිරීමේ ස්ථානයක සහ ඒ අවට ප්‍රදේශවල නොසන්සුන්කාරී තත්ත්වයක් මතු වුවහොත් කැඳවීම සඳහා කැරළි මර්දන කණ්ඩායම් 140 ක් සූදානම්ව තබා ඇති බව ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ‍පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
මේ සඳහා ‍පොලිස් නිලධාරීන් 1106 කු යොදවා ඇති අතර මෙම කැරළි මර්දන කණ්ඩායම් සහකාර ‍පොලිස් අධිකාරිවරයකු හෝ කොට්ඨාස භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරිවරයකු යටතේ ස්ථාපිත කර තිබේ.
එමෙන්ම යම් නොසන්සුන්කාරී තත්ත්වයක් මතු වුවහොත් දණ්ඩ නීති සංග්‍රහයේ 93 හා 96 වගන්තිවලට අනුව ‍පොලිස් නිලධාරියකුට වෙඩි තැබිමේ බලය තිබෙන බව ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ‍පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා පවසයි.
මෙම මැතිවරණයේදී සෑම ඡන්ද මධ්‍යස්ථානයකටම ‍පොලිස් නිලධාරීන් දෙදෙනකු යොදවනු ලබන අතර වෙඩි තැබිමක් සිදු කළහොත් දණ්ඩ නීති සංග්‍රහයේ 92/4 වගන්තියේ සීමා කිරීම්වලට අදාළව එම වෙඩි තැබිම සිදුකළ යුතු බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
එමෙන්ම ඡන්ද මධ්‍යස්ථාන හෝ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට සහ ඒ අවටට බිමත් පුද්ගලයන් පැමිණීම සම්පූර්ණයෙන්ම තහනම් වන අතර එසේ පැමිණෙන පුද්ගලන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට ‍පොලිස් නිලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබේ.
මැතිවරණය වෙනුවෙන් දිවයින පුරා ‍පොලිස් නිලධාරීන් හැටපන්දහස් හත්සිය පනස් අට (65,758) දෙනකු යොදවන අතර ඡන්ද මධ්‍යස්ථාන සඳහා ‍පොලිස් ජංගම මුර සංචාර 3225 ක් යොදවා තිබේ.
මීට අමතරව ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් හා සෙසු නිලයන් 980 ක ප්‍රමාණයක් යොදවා තිබෙන අතර හදිසි අවශ්‍යතාවකදී කැඳවීම සඳහා 7221 ක් සූදානමින් තබා තිබේ.

ශානිකා මාධවී පීරිස්

පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම පැවැත්වෙන හෙට (10) දිනයේදී මැතිවරණ රාජකාරී පැහැර හරින සියලුම රජයේ නිලධාරීන්ට එරෙහිව නීති මගින් කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඡන්ද විමසීම් රාජකාරී සඳහා පත්කර තිබෙන ඇතැම් රජයේ නිලධාරීන් හා සේවකයන් සාධාරණ නොවන විවිධ හේතු ඉදිරිපත් කරමින් රාජකාරියට පැමිණීමෙන් වැළකී සිටීමට හා ඒ සඳහා අවශ්‍ය වාහන නිදහස් කිරීමෙන් වැළකී සිටීමට උත්සාහ කරන බවට තොරතුරු ලැබි ඇතැයි එම කොමිෂන් සභාව පවසයි.
එහෙත් මැතිවරණ රාජකාරී සඳහා පත් කර ඇති සියලුම නිලධාරීන් හා සේවකයන් සේවයට වාර්තා කිරීම අත්‍යවශ්‍ය බවත්, රාජකාරි සඳහා යොදා ගැනීමට නියමිත රජයේ ආයතන, සංස්ථා, මණ්ඩල සතු වාහන සියල්ල ඒ ඒ දිස්ත්‍රික්වලට යැවීමට අදාළ නිලධාරීන්ගේ පැහැර හැරිය ානාහැකි වගකීමක් වන බවත්, එම කොමිසම අවධාරණය කරයි.
ජනතාවගේ බදු මුදලින් වැටුප්් ලබන රජයේ නිලධාරීන්ට ජනතාවගේ මූලික අයිතියක් වන ඡන්ද බලය ක්‍රියාත්මක කෙරෙන ඡන්ද විමසීමකදී සහය ලබාදීමට සදාචාර බැලීමක් හා වගකීමක් පවතින අතර, ඡන්ද විමසීම නිසිලෙස පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ විධිවිධාන අනුව ක්‍රියාකිරීමට බැඳී සිටින බවද කොමිසම පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කර ඇති පරිදි එම විධිවිධාන උල්ලංඝනය කිරීම රුපියල් ලක්ෂයක දඩයකට හෝ වසර තුනක සිරදඬුවමකට හෝ එම දඩය හා බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකටම යටත්වීමට හේතුවන වරදක් වේ.

ලසන්ත වීරකුලසූරිය / ගයාත්‍රි ගීගනආරච්චි

මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද මධ්‍යස්ථාන වලට පැමිණෙන ඡන්ද  දායකයින්ට ජංගම දුරකතන භාවිතය සහ ඡායාරූප ගැනීම, වීඩියෝ ගත කිරීම තහනම් කර ඇත.

එමෙන්ම ඡන්ද මධ්‍යස්ථාන වලදීඅවිආයුධ සන්තකයේ තබා ගැනීම, දුම් පානය, මත් පැන් සහ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතය තහනම් වන අතර මෙම නීති උල්ලංඝණය කරන්නවුන්ට තරාතිරම නොබලා ඡන්ද ආඥා පනත යටතේ නඩු පවරන බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි.

එස්.ටී.පි.සිල්වා

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා තමන් ජාත්‍යන්තර පොලීසිය මගින් නිදහස් කොට ඇති බවට තම ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබා ඇත.

එම සටහනේ මෙසේ ද දැක්වෙයි

පසුගිය 04 වෙනිදා ඇමරිකා එක්සත් ජනපදය කරා ගමන් කරන අතර මා අරාබි එමීර්රාජ්‍යයේදී එරට ඉන්ටර්පොල් පොලිසිය විසින් නතර කර, පරික්ෂා කර, මා හටජාත්‍යන්තරව කිසිදු චෝදනාවක් නොමැති බව හා ඉන්ටර්පෝල් රතු වරෙන්තුවක් නැතිබව සනාථ වීමෙන් පසු නිදහස් කල බව කිව යුතුය. එසේ නමුත් මෙම රජයෙන් මට සිදූවන දරුණු දේශපාලන පළිගැනීම් නිසා, දැනට ලංකාවට පැමිණීමට අදහසක් නැත. නමුත් ඔවුන් මට විරුද්ධව එල්ල කරන චෝදනා සියල්ල අමූලික බොරු බව ඉතා වගකීමෙන් ප්‍රකාශ කරමි.  

අපවත්වී වදාළ පූජ්‍ය බෙල්ලන්විල විමලරත්න නාහිමියන්ගේ අදාහන පූජ්‍ය උත්සවය අද පස්වරුවේ ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලීය ක්‍රිඩාංගණයේ දී පැවැත්වෙයි. අදාහන පෙරහැර බෙල්ලන්විල රජමහා විහාරයෙන් පිටත්ව බොරලැස්ගමුව හන්දිය දක්වා ගමන් කර බොරලැස්ගමුව හන්දියෙන් වමට හැරී කොළඹ පිළියන්දල පාරෙන් රත්තනපිටිය මංසන්ධිය දක්වා ගමන් කර එම හන්දියෙන් විජයරාම පාර ඔස්සේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ක්‍රීඩා භූමියට ළඟා වේ.

එම නිසා අද දහවල් 12 සිට දෙහිවල මහරගම මාර්ගයේ වාහන ගමනා ගමනය දෙහිවල සිට බෙල්ලතර හන්දියට සීමා කරෙන අතර අදාහන පෙරහැර ගමන්ගන්නා අවස්ථාවන්හි 120 බස් මාර්ගයේ වාහන ගමනා ගමනය බොරලැස්ගමුහ හන්දිය සහ පැපිලියාන හන්දිය අතර සීමා කෙරෙන බවත්  අවස්ථානු කූලව අදාහන පෙරහැර ගමන් ගන්නා මාර්ගය දෙපස මාර්ග වලද වාහන ගමනා ගමනය සීමා කරන බව පොලීසිය කියයි.

එබැවින් අද පස්වරුවේ එම ප්‍රදේශ මග හැර විකල්ප මාර්ග වලින් වාහන ගමනා ගමනය සිදු කරන ලෙස රථ වාහන පොලීසිය ඉල්ලා සිටී.

ඊයේ (07) මධ්‍යම රාත්‍රියෙන් පසු මැතිවරණ ප්‍රචාරක කටයුතු නිමා වීමත් සමඟම මැතිවරණ නීති කඩන්නවුන් පිළිබඳව පොලිසිය දැඩි සේ විමසිලිමත් වන බවත් එනිසාම මැතිවරණ නීති කැඩීම ඉතා අවම මට්ටමක පවතින බවත් මැතිවරණ නිරීක්ෂකයෝ කියති.

විශේෂයෙන්  මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන්වීමෙන් පසු රැස්වීම්, පෙළපාලි, පෝස්ටර්, කටවුට්, බැනර් ආදිය ප්‍රදර්ශනය කිරීම මැතිවරණ කාර්යාල පවත්වාගෙන යාම සපුරාම නීති විරෝධී බව මැතිවරණ කොමිසම විසින් දැනුම්දීමත් සමඟ එම නීති විරෝධී ක්‍රියා ශීඝ්‍රයෙන් පහල බැස ඇති බව මැතිවරණ නිරීක්ෂකයන්ගේ ආරංචිමාර්ග වලින් පැහැදිලිවේ.

එමෙන්ම එම මැතිවරණ නීති උල්ලංඝනය කරන්නවුන් පිළිබඳව තොරතුරු වීඩියෝ පට මගින් තම කොමිසම වෙත භාර දෙන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ජනතාව දැනුවත් කොට ඇති අතර එසේ නීතිවිරෝධී ක්‍රියා සිදුකරන්නවුන්ගේ අපේක්ෂකත්වය අවලංගු කළ හැකි බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසීය.

මේ තත්ත්වය යටතේ මැතිවරණය මුල්කොට ගත් කළකෝලාහල දේපොළ ගිනිතැබීම් ආදී ප්‍රචණ්ඩ ක්‍රියා ඉතා අඩුමට්ටමක පවතින බවත් එය මෙරට මැතිවරණ ඉතිහාසයේ විශේෂිතම සිදුවීමක් බවත් මැතිවරණ නිරීක්ෂකයෝ කියති.

ඒ.ජී.රේණුකා

 

 

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ශ්‍රි ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට එල්ටීටිඊ හිතවාදීන් තමන්ගේ නායකයා ප්‍රභාකරන් බව පවසමින් උද්ඝෝෂණය කරන අවස්ථාවේ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා තමන්ගේ නිල ඇඳුමේ බාහුවේ ඇති ශ්‍රී ලංකා ජාතික ධජය පෙන්වා උද්ඝෝෂකයන්ට ගෙල සිදීමක් අභිනයෙන් දක්වා ඇත්තේ ශ්‍රී ලංකා රජය මේ වන විට ප්‍රභාකරන් ගේ ගෙල සිඳ සහ එල්ටීටීඊය මර්දනය කර ඇතිබව යැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා කියයි.

එය ශ්‍රී ලංකා රජය මගින් සිදු කරනු ලැබූ ක්‍රියාවක් බැවින් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා විනය විරෝධී කටයුත්තක් සිදු කොට නොමැති බවත් ඒ අනුව ඔහු සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය නොවන බවත් පවසා සිටියේය.

එමෙන්ම මෙහිදී බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහාකොමසාරිස් කාර්යාලය ඉදිරියට පැමිණි උද්ඝෝෂකයන්ගේ ගෙල සිදින බවක් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා අභිනයෙන් පළ කළ බව පිළිගැනීමට කිසිදු තාර්කික පදනමක් නොමැති බව සඳහන් කළ යුද හමුදාපති වරයා එවැනි දැනීම් සහ අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු එසේ බොළඳ ආකාරයෙන් හැසිරෙතැයි කෙසේවත් සිතිය නොහැකි බවද කීය.

දමන්ති ගමගේ

ජාතික, ආගමික, සංස්කෘතික හා සමාජීය වශයෙන් ලංකාවට එල්ල වන බලවේග හමුවේ එම බලවේග දුරුකරලීමට දැයට නිසි මග පෙන්වමින් නිවැරදි නායකත්වයක් සැපයූ විශිෂ්ට පඩිරුවනක වූ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමිපාණෝ අද (8) සදහටම දැයෙන් සමුගනිති.
දශක කිහිපයක්ම දැයට නිසි මග පෙන්වූ මේ උදාර සංඝපීතෘවරයාණෝ දැයට අහිමිවීම කිසිදිනක පිරිමසාලිය නොහැක්කකි.
ප්‍රතිබල සම්පන්න භික්ෂු නායකත්වයක් සැපයූ විමලරතන අනුනාහිමියෝ ජාතික, ආගමික වශයෙන් ගැඹුරු පරිඥානයකින් මහ මෙහෙයක් කළ මහතෙර නමකි.
සංඝ සමාජයේ මෙන්ම සමාජයේ විවිධ කාලවලදී ඇතිවන රැලි හා සමාජ ප්‍රවාහයන්ට කිසිදිනක හසුනොවී උන්වහන්සේ කුඩා අවධියේ සිට ලැබූ ශාසනික ශික්ෂණය තුළින් සර්ව සාධාරණව සමාජයේ ප්‍රශ්න දෙස බැලූහ. එසේම උන්වහන්සේ ලැබූ පන්නරය හා පරිචය තුළින් මධ්‍යස්ථව සමාජ ප්‍රශ්නවලට විසඳුම් ඉදිරිපත් කළහ. මේ හේතුව නිසාම අනුනාහිමියන් මෙරට ජන සමාජය තුළ ඉමහත් ගෞරවාදයට පාත්‍ර වූහ.
අපවත්වී වදාළ බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන්ගේ ශ්‍රී දේහය රැගත් පෙරහර අද (8) ප.ව. 1.00ට බෙල්ලන්විල රජමහා විහාරයෙන් පිටත් වේ. බොරලැස්ගමුව හන්දිය දක්වා පෙරහර ගමන් කර බොරලැස්ගමුව හන්දියෙන් වමට හැරී කොළඹ පිළියන්දල පාරෙන් රත්තණපිටිය මංසන්ධිය දක්වා ගමන් කර එම හන්දියෙන් විජයරාම පාර ඔස්සේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ක්‍රීඩා භූමියට ළඟා වේ.
විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේ විශේෂ පීඨිකාවක ශ්‍රී දේහය සහිත දෙණ තැන්පත් කිරීමෙන් පසු ආදාහන පූජෝත්සවය ආරම්භ වේ.
 
ධර්ම ශ්‍රී තිලකවර්ධන - සමීර අබේසිංහ - බොරලැස්ගමුව

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 2212

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1229

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 5384

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 3115

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 5207

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 6464

Please publish modules in offcanvas position.