Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය නැති බවත් නව ව්‍යවස්ථාව හකුලා ගන්නා ලෙසත් මල්වතු - අස්ගිරි දෙපාර්ශ්වය අවධාරණය කරති. මල්වතු - අස්ගිරි උභය මහා විහාරයන් සහ රාමඤ්ඤ, අමරපුර නිකායන්ගේ නායක හිමිවරුන් දැනුම්වත් කර මුළු ලංකාවේම සංඝයා වහන්සේලාගේ බලවත් විරෝධය යෝජිත නව ව්‍යවස්ථාවට එල්ල කරන බව මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියෝ පැවැසූහ.
ශ්‍රී දළදා මාලිගාවේ රන් අවුද මණ්ඩප රැස්වීම් ශාලාවේදී මල්වතු - අස්ගිරි කාරක සංඝ සභාවේ හිමිවරුන් සහ විද්වත් පිරිසක් ඊයේ (18) සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මෙසේද කීහ.
මේ රටට අලුත් ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳව අප මල්වතු - අස්ගිරි උභය මහා විහාර පාර්ශ්වයන් සාකච්ඡා කළා. මේ ව්‍යවස්ථාවේ ඇති භයානකකම බලතල බෙදීම පිළිබඳව අප දීර්ඝ ලෙස සාකච්ඡා කළා. මෙම ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවටත් නැති බලයක් මේ ප්‍රාදේශීය සභාවලට සහ පළාත් සභාවලට ලැබෙනවා. ඒ නිසා එය රටට අහිතකරයි. මේ නව ව්‍යවස්ථාව රටට අනවශ්‍ය බව අප තීරණය කළා. ඒකීය රටක් බවත් බුද්ධාගමට නිසි තැන දෙනවා කීවත් ඒවට නිසි තැනක් ලැබෙන බවක් පෙනෙන්නට නැහැ. ඒ නිසා මල්වතු - අස්ගිරි උභය මහා විහාරයන් සහ රාමඤ්ඤ - අමරපුර නිකායන්වල නායක හිමිවරුන්ද දැනුම්වත් කර මුළු ලංකාවේම සංඝයා වහන්සේලාගේ බලවත් විරෝධය අප මෙම ව්‍යවස්ථාවට එල්ල කරනවා. ඒ නිසා අප ආණ්ඩුවට කියනවා මේ ව්‍යවස්ථාව අකුලා ගන්න, මේ ව්‍යවස්ථාව ගේන්න එපා කියලා. අපට පරණ ව්‍යවස්ථාව හොඳයි. නමුත් කොට්ඨාස ක්‍රමයට මන්ත්‍රීවරු පත්කිරීමට අප විරුද්ධ නැහැ. ජනාධිපති බලතලත් එසේම තිබිය යුතුයි. මල්වතු - අස්ගිරි මහා නාහිමිවරුන් ඇතුළු අප සියලු දෙනා වහන්සේම එක්ව මේ සඳහා එක හ¾ඩින් විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට තීරණය කළා. මෙය පළාත්වලට බලය බෙදා දෙන්න කළ උපක්‍රමයක්. එසේ නැතිව රටට වෙන වාසියක්, ප්‍රයෝජනයක්, රටට ලැබෙන දෙයක් නොවෙයි. ජේ. ආර්. ජයවර්ධන මහතා කළ දෙයින් අපේ රට හිඟන තත්ත්වයකට පත්වුණා. පළාත් සභා පත්කරලා ‍ලේකම්වරු, මහ ඇමැතිවරු කාර්යාල, යානවාහන දීලා, විශාල ධනස්කන්ධයක් වියදම් කරනවා. මෙය රටට මහා බරක්. මෙය අපරාධයක්. මේ පුංචි රට පාලනය කරන්න එහෙම ඕනේ නැහැ. මීට පෙර මේ රට දිසාපතිවරුන් ලස්සනට පාලනය කළා. මන්ත්‍රීවරුන්ගේ ලිපි සාක්කුවේ දාගෙන මේවා සම්මත කළේ. දැන් මේවා අවසන් වුණත් මේ ව්‍යවස්ථාවත් මහා විනාශයක් වෙන්න පුළුවන්. ඒ නිසා අප එක හඩින් මෙයට විරුද්ධ වුණා.
 
අස්ගිරි පාර්ශ්වයේ ‍ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන්:-
අද දින අස්ගිරි - මල්වතු මහ නාහිමියන් ඇතුළු කාරක සංඝ සභාවේ හිමිවරුන් එක්ව අනුනායක හිමිවරුන්ගේ මූලිකත්වයෙන් රැස්වුණා. වර්තමානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීමේ යෝජනා පිළිබඳව අප අධ්‍යයනය කර ඒ ගැන අද සාකච්ඡා කළා. අප මීට පෙරත් සඳහන් කළා අලුත් ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් ඇති කිරීමෙන් ජාතීන් අතර යම් බෙදීමක් ඇතිකරන බව. දැනටමත් මේ සාකච්ඡා තුළ අප අතර යම් බෙදීමක් සහ ඈත්වීමක් ඇතිවී තිබෙනවා. ඒ නිසා ව්‍යවස්ථාව තුළින් ගෙන එන යෝජනා අප රටේ ඒකීය භාවය මෙන්ම රාජ්‍ය බලය විභේදනය කිරීම තුළ රටට විශාල හානියක් සිදුවෙනවා. රට කොටස්වලට බෙදීමක් ඇති වන බව පේනවා. ඒ නිසා අප මේ අවස්ථාවේදී අදහස් කළේ දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒ ආකාරයෙන්ම තබාගෙන ඉදිරියේදී අලුත් ව්‍යවස්ථාවක් පිළිබඳව සාකච්ඡා කර සිදුකරන තුරු අලුත් ප්‍රවේශයකින් එය කරන තුරු මේ ඉදිරිපත් කරන යෝජනා පසෙක තබා රටේ ජාතික සමගිය සහ සංහිඳියාවත්, සංවර්ධනයත් ඇති කරන්න කටයුතු කළ යුතුයි කියලයි. ඉදිරියේදී තවදුරටත් ප්‍රදේශීය මහා සංඝරත්නය සමග මේ පිළිබඳව සාකච්ඡා කර ඉදිරි කටයුතු කිරීමට තීරණය කළා. ඉදිරියේදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් ෙතේ‍රනිකායික මහ නාහිමිවරුන් සමග සාකච්ඡා කරනවා. ඒ නිසා මේ ව්‍යවස්ථාව වහා නතර කළ යුතුයි. මෙය මහා භයානක ව්‍යවස්ථාවක්. මේ මගින් රට මෙන්ම රටේ ජන කොටස් අතර බෙදීමක් සිදුවිය හැකි බවද උන්වහන්සේ කීහ.
මෙම අවස්ථාවට මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සි හිමි, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වේඬරුවේ උපාලි හිමි, අස්ගිරි පරිවේණාධිපති නාරම්පනාවේ ආනන්ද හිමි, මල්වතු පාර්ශ්වයේ කාරක සංඝ සභික තිබ්බටුවාවේ මේධංකර හිමියන් ඇතුළු මහා සංඝරත්නය විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
 
ගයා වන්නිආරච්චි / නදීක දයා බණ්ඩාර

ප්‍රවීණ මාධ්‍යවේදී, ජනප්‍රිය නවකතා රචක චන්ද්‍රසිරි දොඩන්ගොඩ මහතා වකුඩු අකර්මණ්‍ය තත්වයකට පත් වී ඇති අතර ඔහුගේ ජීවිතය බේරා ගැනීමට නම් වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරු නිර්දේශ කර තිබේ. දිවයින ඉරිදා සංග්‍රහයේ මුල් පෙළ විශේෂාංග ලේඛකයෙකු වශයෙන් වසර 34ක් සේවය කර ඇති ඒ මහතා මගේ සඳ ඔබ, සඳ කළුවරයි, සතී, ආත්මා, ලෝචනා, කඳුළු දොරකඩ, විසිරුණු මල් පෙති ඇතුළු අතිශය ජනප්‍රිය නවකතා ගණනාවක් ද පාඨක ලොවට තිලිණ කර ඇත.

දොඩන්ගොඩ මහතාට වකුගඩුවක් බද්ධ කිරීම සඳහා රුපියල් ලක්ෂ 20ක පමණ මුදලක් අවශ්‍ය වන අතර තමන්ට එතරම් මුදලක් සොයා ගත නොහැකි බව පවසන ඒ මහතා ඒ උදෙසා සුළු හෝ පරිත්‍යාගයක් කරන ලෙස ඔබගෙන් ඇයද සිටී.

ඔබේ මුදල් බැර කළ යුතු ගිණුම් අංකය - චන්ද්‍රසිරි දොඩන්ගොඩ 055-2001-2-0633204 මහජන බැංකුව කැලණිය.

මුලතිව් දිස්ත්‍රිකයේ පුදුකුදුඩුඉරිප්පු සහ මුහුදු බඩ පත්තු යන ප්‍රාදේශීය සභා පිළිබඳ අධිකරණමය ක්‍රියාමාර්ග අවසන් නොවිම සහ ද්‍රවිඩ ප්‍රගතිශිලී සංධානයේ ඉල්ලීම මත නුවරඑළිය දිස්ත්‍රිකයේ නව පලාත් පාලන ආයතනයක් පිහිටු වීමට රජය තීරණය කිරීම හේතු මත ලබන ජනවාරියේ පැවැත්වීමට නියමිත පලාත් පාලන මැතිවරණය තවදුරටත්  කල් යාමට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

දමයන්ති ගමගේ

 

රාජපක්ෂ යුගයේ රටේ මහ ණය කන්දක් ගොඩ නැගී තිබෙන බවට චෝදනා කරමින් රට වටේ ජනතාවට බොරු කියන රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට තමන් ඉදිරිපත් කරන ප්‍රශ්න තුනකට පුළුවන් නම් උත්තර දෙන්නැයි හිටපු මුදල් අමාත්‍යවරයකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (17) අභියෝග කළේය. 
කොළඹදී ඊයේ (17) පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මෙම අභියෝගය එල්ල කළේය. ඔහු අගමැතිවරයා ගෙන් ප්‍රසිද්ධියේ පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න තුන මෙසේය. 
 
1. පසුගිය අය - වැය යෝජනාවේදී සමස්ත රාජ්‍ය වියදම් ඇස්තමේන්තුවට අනුව රජය එම ඇස්තමේන්තුවෙන් 1/5ක් (20) ක් වියදම් කර නැති බව පිළිගත්තද? 

2. එම අය - වැයෙන් අධ්‍යාපනය සඳහා වෙන් කර ඇති මුළු මුදලෙන් 32ක් පමණක් වියදම් කර ඇති බව පිළිගන්නේද? ඉතිරි මුදල් වියදම් නොකොළේ ඇයි දැයි හෙළි කළ හැකිද ?

3. මෙම රජය පිහිටුවා ගන්නවිට  මේ රජයේ ණය ප්‍රමාණය තුළ දේශීය නිෂ්පාදනයට ඇතුළු 71.3ක් බවද 2016 වන විට එම ප්‍රමාණය 83.3 දක්වා ඉහළ ගොස් ඇති බවට  විගණකාධිපතිවරයාගේ වාර්තා පෙන්වා දෙන්නේ සතුන් නොව්යැයි ඔබට කියන්න පුළුවන්ද?
 
මෙම ප්‍රශ්න තුන ඉදිරිපත් කරමින් මෙහිදී මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ අගමැතිවරයා ප්‍රමුඛ රජයේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය නිසා රට දිනෙන් දින අගාධයකට ඇඳවැටෙමින් තිබෙන නිසා එහි වගකීම ඉකුත් රජය පිට පැටවීමට අගමැති උත්සහා කරන බවය. 
“අපේ රටේ නරකම ආර්ථිකයක් තිබුණේ 2001- 2004 වර්ෂවලදී රටේ ණය ගණනය කරන්නේ නොගෙවූ ණය ප්‍රමාණය තුළ දේශීය ආදායමෙන් බෙදා සියයෙන් වැඩි කළ විට ලැබෙන උත්තරය අනුවයි. 2001- 2004 වර්ෂවලදී මේ ප්‍රමාණය 102- 104 දක්වා ඉහළ ගොස් තිබුණා. මහින්ද රාජපක්ෂ මහතාගේ රජය ආර්ථිකය මැනවින් කළමනාකරණය කළ නිසා 2014 වනවිට එම ප්‍රමාණය 71.3ක් කර ගත්තා. නමුත් මේ අය 2015 රට බාරගත්  පසු දිගට හරහට ණය ගැනීම නිසා 2016 වන විට එම ප්‍රමාණය 83.3 දක්වා ඉහළ ගොස් තිබෙන බවද ගුණවර්ධන මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. 
වත්මන් රජය බලයට පත් වූදා සිටම මේ දක්වා රටේ ආර්ථිකය ගැන ඉලක්කම් තරගයක යෙදී සිටින බවද ඔවුන් කරන  දෙයින් අමාරුවේ වැටෙන්නේ රටේ ජනතාව බවද පෙන්වා දෙන ගුණවර්ධන මහතා මහින්ද රාජපක්ෂ රජය රට ණය කාරයකු කළා යැයි අගමැති කියන්නේ බැඳුම්කරයෙන් රටට අහිමි වූ විශාල මුදල ගැන කතා නොකර බවද පෙන්වා දුන්නේය.
 
ජයසුරිය උඩුකුඹුර

යතුරුපැදියෙන් ඇදවැටී අනතුරකට ලක්වී රාජාංගනය යාය 11 ප්‍රාදේශීය රෝහලට රැගෙන ආ ගැබිනි මවකගේ හා දරුවාගේ ජීවිතය මරණයෙන් බේරා ගැනීමට ගිලන් රථයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට රැගෙන ආ වෛද්‍යවරයෙකුට එරෙහිව වහාම විගණනයක් පවත්වන ලෙස ඉල්ලා ගිලන් රථ වෘත්තීය සංගමයේ නිලයක් හොබවන සේවකයෙකු ඊයේ (17) උතුරුමැද පළාත් සෞඛ්‍ය විගණන ඒකකයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. රාජාංගනය යාය 11 ප්‍රාදේශීය රෝහ‍ලේ ස්ථානභාර වෛද්‍ය ගයාන් දිල්රුක් මහතාගේ දැඩි කැපවීම නිසා ජීවිත දෙකක් බේරා ගැනීමට හැකිවූවත් රෝහ‍ලේ ගිලන් රථ රියැදුරා නොමැතිව පිටස්තර රියැදුරෙකු මගින් රෝගියා රෝහලට රැගෙන ඒම නිසා කුපිත වූ වෘත්තීය සමිති නායකයා ඉතා පහත් අයුරින් කටයුතු කර තිබුණු බව වාර්තා විය. වෛද්‍යවරයා රෝගියා අනුරාධපුර ශික්ෂණ රෝහලට රැගෙන ඒමට පෙර සිටම විගණන ඒකකයේ නිලධාරීන් එම ස්ථානයේ රැඳී සිටි බව වාර්තා විය.
සැමියා සමගින් ඊයේ (17) උදෑසන යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී යතුරුපැදියෙන් ඇදවැටුණු සති 36 දරු ගැබක් සහිත තරුණ මව රෝගාතුර වී අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලට ඇතුළත් කර ඇති අතර ඇගේ කුස තුළ  සිටින දරුවාගේ හෘද ස්පන්ධනය ඉතා වේගයෙන් අඩුවීම පිළිබඳව වෛද්‍යවරයා දැඩි අවධානය යොමුකර ඇත.
මවගේ ජීවිතය හා නූපන් දරුවාගේ ජීවිතය බේරා ගැනීමට නම් වහාම තරුණ ගැබිනි මව අනුරාධපුර ශික්ෂණ රෝහලට ගෙනයා යුතු බව වෛද්‍යවරයා තීරණය කළත් ගිලන් රථ රියැදුරා නිවාඩු ලබා තිබිම නිසා රථය පැදවීමට රියැදුරෙකු නොමැතිවීම නිසා ඔහු දැඩි ගැටලුවකට මුහුණ දී තිබුණි. වහාම ඒ පිළිබඳව උතුරුමැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට වාචිකව පවසා පිටස්තර රියැදුරෙකු සමග කිලෝමීටර් 35ක් පමණ දුරින් පිහිටි අනුරාධපුර ශික්ෂණ රෝහලට රෝගියා ගිලන් රථයෙන් ගෙන ඒමට කටයුතු කර තිබුණි.
පවුල් සෞඛ්‍ය සේවිකාවක් ඇගේ සහායිකාව රිය සහයක හා වෛද්‍යවරයා ගිලන් රථයේ නැගී විදුලි  වේගයෙන් අනුරාධපුර රෝහලට පැමිණෙද්දී රෝහ‍ලේ කිසියම් සේවකයෙකු නිවාඩු ලැබූ  ගිලන් රථයේ රියැදුරාට වෛද්‍යවරයා රෝගියෙකු සමග වෙනත් රියැදුරෙකු සමග අනුරාධපුර රෝහලට පැමිණි බව පවසා ඇති අතර ඉන් කිපුණු ගිලන් රථ රියැදුරා වහාම ඒ සම්බන්ධයෙන් වෘත්තීය සමිති නායකයා දන්වා තිබේ.
ඔහු ඒ පිළිබඳව උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා විගණන ඒකකයට දන්වා ඇති අතර වහාම ක්‍රියාත්මක වූ එම ඒකකය වෛද්‍යවරයා රෝහලට පැමිණි අවස්ථාවේ ගිලන් රථය අවභාවිතා කිරීම සම්බන්දයෙන් ලැබුණු පැමිණිලිමත ප්‍රශ්න කර තිබුණි.
 
බුද්ධික මහේෂ් විජේසූරිය - අනුරාධපුර

සයිටම් ආයතය වසා දමන ලෙස ඉල්ලමින් සිදු කරන ශිෂ්‍ය සටන් ව්‍යාපාරය මර්දනය කිරීම සඳහා සිසුන් සිරගත කිරීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියා මර්ග ගැනීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සහාය ලබා ගැනීමට අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩයල තීරණය කොට ඇත.

සයිටම් ප්‍රශ්නය මුල්කොට ශිෂ්‍ය උද්ඝෝෂණ මැඩලීම පිණිස රජය ඉදිරියේදීත් දැඩි මර්දනකාරී පිළිවෙලක් අනුගමනය කරන බැවින් මෙම ඉල්ලීම කළ බව සංගමයේ වැඩබලන කැඳවුම් කරු මංගල මද්දුමගේ මහතා පවසයි.

මෙම සම්බන්ධ ලිඛිත ඉල්ලීම අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ඊයේ ශ්‍රී ලංකා නීතඥ සංගමය වෙත ලිඛිතව ඉදිරිපත් කර ඇත.

පර්පචුවෙල් ටේ‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස් මහතා  රුපියල් ලක්ෂ 116 ක කුලියක් ගෙවමින් කොළඹ මොනෑෂ් සුපිරි මහල් සංකීර්ණයෙන් නිවසක් මිල දී ගෙන එය හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට ලබා දී තිබූ බව බැඳුම්කර කොමිසම හමුවේ අනාවරණය කළ දේපළ සමාගමක අධ්‍යක්ෂවරියක වූ අන්කා විජේසූරිය මහත්මිය රටින් පිට වී ඇති බව ඊයේ (17) බැඳුම්කර කොමිසම හමුවේ අනාවරණය විය.
 අන්කා විජේසූරිය මහත්මිය රටින් පිට වී ඇත්තේ ඇයට මරණීය තර්ජන එල්ල වීම නිසා බවද රජයේ නීතිඥයින් මෙහිදී පෙන්වා දුන්නේය. ප්‍රබල දේශපාලනඥයකුගේ සමීපතම අයෙකුගෙන් ඇයට මර්ණ තර්ජන එල්ල වී ඇති බවද අනාවරණය වී තිබේ.
 
ජයසූරිය උඩුකුඹුර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කොළඹ,අම්පාර,මාතර,රත්නපුර හා මාත‍ලේ දිස්ත්‍රික්ක සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (17) නව දිස්ත්‍රික් සංවිධායකවරු නව දෙනෙකු පත් කර ඇත.

ඒ අනුව මාත‍ලේ දිස්ත්‍රික් සංවිධායක සඳහා සුජීව ගොඩලියද්ද මහතා පත් කර ඇත. කොළඹ දිස්ත්‍රික් සංවිධායක ලෙස නලින් ගුණසේකර, අම්පාර දිස්ත්‍රික්කය සඳහා මීරා ලබේබේ රෙබුපාසම්,නවනීද රාජා,අබ්දුල් වහාබ්,ටී.රෆඩීන් හා මහඔය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සඳහා ආරියරත්න විජේවික්‍රම යන මහත්වරු දිස්ත්‍රික් සංවිධායකවරු ලෙස පත් කර ඇත.

මෙම පත්වීම් ලිපි අද (17) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබා දී ඇත.

කමණී හෙට්ටිආරච්චි

කොළඹ දිස්ත්‍රික්කයේ බෝවන රෝග පාලනය සඳහා ක්‍රියාත්මක කළ ඩෙංගු මර්දන වැඩ සටහනට ‍පොදුරාජ්‍ය මණ්ඩල විද්‍යුත් සෞඛ්‍ය සමුළුවේදී පළමු ස්ථානය හිමිකර ගැනීමට හැකි වූ බව  බස්නාරහි පළාත් නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් සමරනායක මහතා සඳහන් කරයි.

මෙම විද්‍යුත් සෞඛ්‍ය වැඩ පිළිවෙල ඉදිරියේදී කලුතර හා ගම්පහ යන දිස්ත්‍රික්කයන් තුළ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදන බවද හෙතෙම පැවසීය.

කොළඹ දිස්ත්‍රික්කයේ පෞද්ගලික රෝහල් තුළින් රුධිර පරික්ෂාවන් කරනු ලබන උණ රෝගීන් ඩෙංගු බවට තහවුරු වන්නේ නම් වාර්තාව රෝගීයාට නිකුත් වන සැනින්ම ඒ බව බස්නාහිර පළාත් සෞඛ්‍ය කාර්යාලය වෙත පරිගණක පද්ධතිය හරහා දැනුවත් කරනු ඇතැයි අධ්‍යක්ෂවරයා පැවසීය.

මෙම  දැනුම් දීමට අනුව ඩෙංගු මර්දන නිලධාරීන් එම රෝගියා පදිංචි ප්‍රදේශය සොයා ගොස් ඩෙංගු මර්දන කටයුතු ආරම්භ කිරීම මෙම විද්‍යුත් වැඩ පිලිවෙ‍ලේ අරමුණ වී ඇතැයි අනිල් සමරනායක් මහතා  පැවසීය.

ශ්‍රියානි විජේසිංහ

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට නියම කර තිබූ තරඟ තහනම සංශෝධනය කිරීමට ඊයේ (16) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව තීරණය කර ඇත.

ඒ අනුව තරඟ ගිවිසුම් කොන්දේසි කඩකිරී‍ම සම්බන්ධයෙන් වරද පිළිගත් ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට පනවා තිබූ ජාත්‍යන්තර තරඟ 06 ක තහනම තරඟ 03 දක්වා අඩුකිරීමටත්, ඉතිරි ජාත්‍යන්තර තරඟ 03 ක තරඟ තහනම වර්ෂයක කාලයකට අත්හිටුවීමට සහ ඔහුගේ වාර්ෂික කොන්ත්‍රාත්තුවේ ගාස්තුවෙන් 20% ක දඩ මුදලක් අයකර ගැනීමටත් තීරණය විය.

ඉදිරි වසරක කාලය තුළ දනුෂ්ක ගුණතිලක විසින් යම් ගිවිසුම් උල්ලංඝණයක් සිදුකළහොත්, මෙම තීරණය මගින් අත්හිටුවූ අතිරේක ජාත්‍යන්තර තරඟ 03 ක තරඟ තහනමද යළි ක්‍රියාත්මක වනු ඇත.

පසුගියදා පනවන ලද තරඟ තහනම සහ දඩ මුදල සම්බන්ධයෙන් ඔහු වෙනුවෙන් සිංහල ක්‍රීඩා සමාජය විසින් ඉදිරිපත් කර තිබූ අභියාචනය සලකා බලා මෙම තීරණය ගෙන ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

 

බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පත්කොට ඇති ජනාධිපති කොමිෂමේ සාක්ෂි විමසීම අද (17) දිනයෙන් අවසන් කර ඇත. ඉදිරි‍ කාලයේ අවශ්‍යතාවක් ඇති වුවහොත් සාක්ෂි විමසීම සඳහා අගමැතිවරයා බැඳුම්කර කොමිසම  හමුවට කැඳවන බව විමර්ශනය සිදුකරන ජනාධිපති කොමිසමේ  සභාපති කේ.ටී.චිත්‍රසිරි මහතා  කියා සිටී.

 

Page 2 of 130

IMAGE

බත් පත බෙදාගන්නට මට සිටියේ ඔබ පමණි

IMAGE 2017 Oct 19 20:52
මිනිසත් බව ලැබිමට තමන් රැස් කළ කුසල් හේතුවන බව බෞද්ධ ඉගැන්වීමේ සඳහන් වේ. ආත්ම ගණනක්...
Views - 271

සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට ලිංගික 'ස්ප්‍රේ' විදලා

IMAGE 2017 Oct 19 10:56
දඹුල්ල ප්‍රදේශයේ පාසලක අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට එම...
Views - 882

සරණාගත කඳවුරු වල කතුන් ලිංගික අතවර වලට

IMAGE 2017 Oct 18 13:35
ආපදා තත්වයන් යටතේ අවතැන්වන කාන්තාවන් හා ගැහැණු දරුවන්ට අනාරක්ෂිතම ස්ථානයක් වන්නේ සරණාගත...
Views - 984

මගේ පෙම්වතිය රඟපාන්න කැමති නෑ - සජිත අනුත්තර

IMAGE 2017 Oct 17 12:52
ඔබට නළුකමට එන්නට පියා ලොකු ආලෝකයක් වුණා අනිවාර්යයෙන්ම ඔව්. ගෙදර කලා පසුබිමක් ඇති වන්නට මුල්...
Views - 1113

ලංකාවේ පළමු මෝටර් සයිකල් ලයිසන්කාරිය විමල නයනා

IMAGE 2017 Oct 17 00:21
ඇමෙරිකානුවෙක වූ නීල් ආම්ස්ටේ‍රා්න් සඳ තරණය කළ දා මුළු ලොවම ඒ සඳට ගිය මිනිසා ගැන කතා කරමින්...
Views - 1558

රවීන් දැක්කාම “බුදු අම්මෝ” කියලා ඔළුවේ අත ගහ ගත්තා

IMAGE 2017 Oct 15 18:43
හිමාලි සයුරංගි කියන ඔබ “සතුට” හා “දුක” කියන අත්දැකීම් දෙකට මුහුණ දෙන්නේ මොන විදියටද? ...
Views - 2517

Please publish modules in offcanvas position.