Coss Ear2
lakbima.lk
COSS Ear 1

පළාත් පාලන මැතිවරණයේදී කොට්ඨාස ඡන්ද ප්‍රතිඵලයෙන් මෙන්ම පළාත් පාලන ආයතනයේ ප්‍රතිඵලයෙන් 5 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා නොගත් පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් රැසක ඇප මුදල් රාජසන්තක වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.
මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද ප්‍රතිඵලයෙන් 5කට වඩා ඡන්ද නොගත් අපේක්ෂකයන්ගේ ඇප මුදල් රාජසන්තක වන අතර මුළු ආයතනයේ ප්‍රතිඵලයෙන් 5ක් නොගත් පක්ෂවල හා ස්වාධීන කණ්ඩායම්වල සමානුපාතික ලැයිස්තුවේ සිටින අපේක්ෂකයන්ගේ ඇප මුදල් රාජසන්තක වේ.
ඇප මුදල් අහිමි වන අපේක්ෂකයන් අතර සමානුපාතික ලැයිස්තුවෙන් පත් වූ මන්ත්‍රීවරුන්ද සිටින බව ද මැතිවරණ කොමිසම සඳහන් කරයි.
ඇප මුදල් රාජසන්තක වන පක්ෂවල හා ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂකයන්ගේ නාම ‍ලේඛන හා මුදල් ප්‍රමාණය මේ වන විට සකස් කරමින් සිටිනා බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කීවේය.
පළාත් පාලන මැතිවරණ නව සංශෝධනයේදී 5 වඩා ඡන්ද ලබා නොගන්නා පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලට ද මන්ත්‍රී ධුර අහිමි වීමේ වගන්තිය ඉවත් කර තිබේ. දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙකුට රුපියල් 1500ක ඇප මුදලක්ද ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයෙකු රුපියල් 2500ක ඇප මුදලක් ද මැතිවරණය වෙනුවෙන් තැන්පත් කර තිබුණි.

 ලසන්ත වීරකුලසූරිය

ජනතාව වෙනුවෙන් දෛනිකව ගත යුතු ක්‍රියාමාර්ග සොයා බැලීම සඳහා එක්සත් ජාතික පක්ෂ ‍‍‍ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් මසකට වරක් රැස්වීමට තීරණය කර තිබේ.එක්සත් ජාතික පක්ෂ ‍‍‍ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු මෙම තීරණය ගෙන ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මතය.
මසකට වරක් රැස්වෙන ‍‍‍ජ්‍යෙෂ්ඨ අමාත්‍ය කමිටුවට උතුරු නැගෙනහිර පළාත් ද ඇතුළුව දිවයිනේ සියලුම පළාත් නියෝජනය කරමින් ඇමැතිවරු ඇතුළත් වේ.ජීවන වියදම, බඩු මිල ඉහළ යාම, ජනතා සහන දීම ඇතුළු කරුණු ගණනාවක් ගැන ‍‍‍ජ්‍යෙෂ්ඨ අමාත්‍ය හමුවේදී ඒ සඳහා ගතයුතු පියවරයන් ගැන තීන්දු ගැනීමට නියමිතය.
ඉකුත් සිකුරාදා (23) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ‍‍‍ජ්‍යෙෂ්ඨ අමාත්‍ය හමුව පැවැත්විණි. එම හමුව මසකට වරක් පැවැත්වීමටද එහිදී තීරණය කර ඇත.
පළාත් පාලන මැතිවරණයෙන් පසු පක්ෂයක් ලෙස ගන්නා සංශෝධනවල පළමු පියවරක් වශයෙන් මේ කමිටුව රැස්වේ.

 ලසන්ත වීරකුලසූරිය

පාතාල ක්‍රියාකාරිකයෙකු වන දඩල්ලගේ මංජු හෙවත් D මංජු නැමැත්තා අද (23) පස්වරුවේ පොලිස් විශේෂ කාර්ය බලකාය සමග වත්තලදී ඇති වූ වෙඩි හුවමාරුවකින් මියගොස් ඇත.

මෙම වෙඩි හුවමාරුව සිදුව ඇත්තේ විශේෂ කාර්ය බලකා කණ්ඩායමක් මොහු අත්අඩංගුවට ගැනීමට සැරසුණු අවස්ථාවේ දීය.

 

ඉන්දු - ලංකා සහෝදරත්වය වර්ධනය කරමින් යාපනය, කච්චතිව් දූපතේ පිහිටි ඓතිහාසික ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අද හා හෙට (23 හා 24) දිනවල අති උත්කර්ෂවත් හා භක්තිපූර්වකව පැවැත්වෙන බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

 දේව මෙහෙය දෙමළ භාෂාවට අමතරව සිංහල භාෂාවෙන්ද පැවත්වෙන බව නාවික හමුදාව පවසයි. යාපනය පදවි අනුනායක ජස්ටින් ඥානප්‍රකාශම් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් දෙමළ භාෂාවෙන් දේව මෙහෙයද, ගාල්ල පදවියේ රදගුරු ෂර්මන් වික්‍රමසිංහ හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සිංහල භාෂාවෙන් දේව මෙහෙයද පැවැත්වේ.
මංගල්‍යයට පැමිණෙන ඉන්දියානු ඇතුළු සියලුම බැතිමතුන් හට ආහාර පාන , පිරිසිදු පානීය ජලය, සනීපාරක්ෂක පහසුකම් ලබාදීම, නාවික හමුදාව විසින් සිදුකරනු ලබයි.
එමෙන්ම පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා ‍පොලීසිය, ජීවිතාරක්ෂක නාවිකයන් මෙන්ම නෞකා යාත්‍රා ද සූදනාම් කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමාන්ඩර් දිනේෂ් බණ්ඩාර මහතා පවසයි.
මෙම මංගල්‍යය සඳහා ඉන්දියාවේ සිටද බැතිමතුන් පැමිණෙන හෙයින් ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන්, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, දුරකථන  සන්නිවේදන පහසුකම් ලබාදීම  සඳහා  එම සමාගම් නිලධාරීන්, විදේශ මුදල්  මාරු කිරීමට අවැසි අයට එම මුදල් මාරු කිරීමේ පහසුකම් ලබා දීමට බැංකු නිලධාරීන්, ප්‍රථමාධාර අවැසි අයට ප්‍රථමාධාර ලබාදීම සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් සහ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ යාපනය ශාඛාවේ නිලධාරීන් ඇතුළු කණ්ඩායම් රැසක් එක්වෙන්නේ යයි, නාවික හමුදාව පවසයි.





ශානිකා මාධවී පීරිස්

එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් අමාරි විජේවර්ධන මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස් වූ බවට පළවන ප්‍රවෘත්ති සාවද්‍ය බවත් ඇගේ ධුර කාලය එළැඹෙන මාර්තු 31වනදා වන විට අවසන් වන බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

කෙසේ වෙතත් මහ කොමසාරිස් විජේවර්ධන  මහත්මිය සිය ධුර කාලය පිළිබඳ ගිවිසුම 2018මාර්තු  31වැනිදා වන විට සිය කැමැත්තෙන් අවසන් කරනු ඇති බවද විදේශ කටයුතු අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියේ සඳහන් කර ඇත.

මේ අතර බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කළ බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු මහතාද යුද හමුදා කැඳවීමකට අනුව ඊයේ (22) ලංකාවට පැමිණියේය.

පානුක රාජපක්ෂ

ඉන්දියාවේ බැංග්ලෝර් නගරයේ පැවැති පුහුණු වැඩමුළුවකට සහභාගි වූ බවට ව්‍යාජ ‍ලේඛන ඉදිරිපත් කර රුපියල් ලක්ෂ 12ක මුදලක් වංචා කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරවරයා හා අභ්‍යන්තර විගණන පරීක්ෂකවරයා ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චාන්දනී ඩයස් මහත්මිය ඊයේ (22) නියෝග කළාය.
වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශයේ ‍ලේකම්වරයා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පැවැත්වූ කොළඹ වංචා විමර්ශන ඒකකයේ නිලධාරීන් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණි. පැමිණිල්‍ලේ සාක්ෂිකරුවන්ගෙන් ලබාගත් සාක්ෂිවල සම්පිණ්ඩන වාර්තා ඉදිරිපත් කරමින් විමර්ශන නිලධාරීන් කළ කරුණු දැක්වීම සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරිය එස්.ඒ. සරත් අසෝක රත්නායක හා ඒ.සී. චන්දන යන සැකකාර නිලධාරීන් දෙදෙනාව එලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය.

නිශාන්ති රාමනායක - කොළඹ අධිකරණ

19 දෙනෙකුට තුවාල සිදු කරමින් ඊයේ  (21දා) අලුයම දියතලාව කහ  ගොල්ලේදී පුද්ගලික බස්රථයක ඇති  වූ ගින්න බස් රථය තුළ ජීව අත්බෝම්බයක් පිපිරී යාමෙන් සිදුවූවක් බව රජයේ ජ්‍යෙෂ්ඨ සහකාර රස පරීක්ෂක ඩබ්ලිව්.ඒ.රොෂාන් ප්‍රනාන්දු මහතා සිය වාර්තාවෙන් පෙන්වා දී ඇත.

බසයේ සිටි යුද හමුදා සාමාජිකයෙකුගේ බෑගයක තුබූ අත්බෝම්බයක් මෙසේ පුපුරා යන්නට ඇතැයි බණ්ඩාරවෙල පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා පවසයි.

මෙම සිද්ධියෙන් තුවාල ලැබු 19දෙනෙක් දියතලාව මූලික රෝහලට ඇතුළත් කර තිබූණි. තුවාලකරුවන් දෙදෙනෙකුගේ තත්වය බරපතල වන අතර තුවාල කරුවන් අතර යුද හමුදාවේ 7දෙනෙක් හා ගුවන් හමුදාවේ 5දෙනෙක් ද වෙති.

එස්.ටී.පි.සිල්වා

ගිනි අවි ආඥා පනත  යටතේ ගොනුකරන ලද නඩුවකට  අද (22) අධිකරණය හමුවේ පෙනි නොසිටිම මත පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි  ශාන්ත සිසිර කුමාර අබේසේකර මහතා අත් අඩංගුවට ගැනීම පිණිස හලාවත මහාධිකරණ විනිසුරු එම්. සී. බී. එස්. මොරායෙස් මහතා විසින්  වරෙන්තුවක් නිකුත් කර ඇත.

හලාවත පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් විසින් 2004 මැයි මස 30වන දින සැකකාර මන්ත්‍රිවරයාගේ නිවසේ තිබිය දී ගිනි අවි ආඥාපනත අනුව නිසි බලපත්‍රයක් නොමැති ටී 56 ගිනි අවියක් හා ඊට යොදන උණ්ඩ 30 ක්, එම ගැබ් එකක් රිවෝල්වරයක් හා ඊට යොදන උණ්ඩ 4 ක් ද තවත් රිවෝල්වයක් හා ඊට යොදන උණ්ඩ 6ක්, එස් එමි ඩී කොළ පැහැති ජීව අත් බෝමිබයක්, ටී 70 කොළ පැහැති දුමි බෝමිබයක් සොයා ගන්නා ලදී.

මෙම නඩුවේ විත්තිකරුවන් හය දෙනෙකු  වූ අතර ඉන් පස් දෙනෙකුම මින් පෙර තමන්ට නගා ඇති චෝදනාවන්ට වරදකරුවන් බව අධිකරණය හමුවේ පිළිගෙන දඬුවම් ලබා තිබුණි.

සැකකාර මන්ත්‍රිවරයා පමණක් තමන් නිවැරදිකරු බව කියා සිටි නිසා ඔහුට එරෙහි නඩුව දිගටම විභාග වෙමින් පැවැතිණි.

එස්.ටී.පී.සිල්වා

 

 

ශ්‍රී ලංකා නිදහස්  පක්ෂයේ සභාපතිධුරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට භාරදීමට වත්මන් නායකත්වය කටයුතු නොකළහොත් ඉදිරි මැතිවරණවලදී ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණෙන් තරග වදින බව  එහි හිටපු උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේය. එමෙන්ම ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකධුර හා වෙනත් තනතුරු දැරූ පිරිසට නැවත එම තනතුරු දී පක්ෂය ප්‍රතිසංවිධානය වුවහොත් නැවත ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් මැතිවරණවලට ඉදිරිපත් වන බව 'ලක්බිම' සමග පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවකදී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කළේය.

කමණි හෙට්ටිආරච්චි

පසුගිය දා බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ පැවැති නිදහස් සමරු උළෙලේදී  ඇතිවූ සිද්ධියක් මත බොහෝ දෙනෙකු‍ගේ අවධානයට ලක්වූ ඇමති ආරක්ෂක උපදේශක ‍ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා අද (22) ශ්‍රී ලංකාවට පැමිණියේය.

ඔහු මෙසේ ශ්‍රී ලංකාවට කැඳවන ලද්දේ බ්‍රිතාන්‍ය රජය හෝ වෙනත් පාර්ශ්වයකගේ බලපෑම නිසා නොවන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා  ඊයේ (21)  ‘ලක්බිම’ ට පවසා තිබුණි.

ඒ.ජී.රේණුකා

මෙවර පළාත්  පාලන මැතිවරණයෙන් බලයට පත්ව පක්‍ෂ මාරු කරන පළාත් පාලන සභිකයන්ගේ මන්ත්‍රී ධුර අහෝසිවන බව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ පළාත් පාලන ආයතන ජන්ද විමසීම් ආඥා පනතේ 10 වෙනි වගන්තිය යටතේය.

එම වගන්තිය අනුව යම් පක්ෂ ලේකම්වරයෙකු විසින් තම පක්ෂයෙන් තේරී පත්වී ඇති සභිකයෙකු පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉවත්ව ඇති බව  දිස්ත්‍රික් ජන්ද විමසීම් නිලධාරියා වෙත දැන්වීමෙන් පසුව එම නිලධාරියා ඉන් සෑහීමට පත්වන අවස්ථාවකදී ඒ සභිකයා සිය සභික ධුරය අවසන් කර ඇති බව ප්‍රකාශයට පත්කිරීමේ හැකියාවක් ඇත.

 එබැවින් පළාත් පාලන ආයතන ජන්ද විමසීම් ආඥා පනතේ මෙම ප්‍රතිපාදනය මගින් පක්ෂ මාරු කිරීම් නවතා දැමීමට කටයුතු සැලසී ඇති බව එම අමාත්‍යාංශය  නිවේදනය කරයි.

එස්.ටී.පී. සිල්වා

Page 1 of 249

 

IMAGE

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 4093

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 2704

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 3774

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 2280

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 7521

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 4635

Please publish modules in offcanvas position.