Coss Ear2
lakbima.lk
COSS Ear 1

ජනපති - අගමැති හා ඇමැති මණ්ඩලය ජනමතයට ගරු කර අස්විය යුතුයි

ddr

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය රටේ ජනමතයට ගරු කරමින් ඉල්ලා අස්විය යුතු යැයි ඒකාබද්ධ විපක්ෂයේ  නායක පාර්ලිමේන්තු මන්ත්‍රී  දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (11) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.
කොළඹ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මෙම මාධ්‍ය හමුවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයන් විද්වතුන් ඇතුළු පිරිසක් සම්බන්ධ වී සිටියහ. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ  ගුණවර්ධන මහතා, “බලයේ සිටින රජය පරාජය කරමින් දිවයින පුරා පිහිටි පළාත් පාලන ආයතනවල බහුතරයක් ශ්‍රී ලංකා ‍පොදු ජන පෙරමුණට ලබා දීමට කැප වූ සියලු දෙනාටම  අපි ඒකාබද්ධ විපක්ෂය හැටියට කෘතවේදීත්වය පළ කරනවා. මේ මැතිවරණය පළාත් පාලන මැතිවරණයකට වඩා ජනමත විචාරණයක් ලෙස සලකා ජනතාව කටයුතු කර තිබෙනවා. වත්මන් රජයේ නායකයන් දෙදෙනා නියෝජනය කරන දේශපාලන  පක්ෂ දෙකම දරුණු පරාජයක් ලබලා තිබෙනවා. ජනතාව රජයට දැනුම් දී ඇත්තේ ආණ්ඩුවෙන් හා ජනාධිපතිධුරයෙන් ඉල්ලා අස් වී ජනතාවාදී නායකයන්ට රට බාර දෙන ලෙස යැයිද දිනේෂ් ගුණවර්ධන මහතා කිවේය.
‍පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා:-
මෙම මැතිවරණ ප්‍රතිඵල අනුව මේ රජයේ සියලු ක්‍රියාකාරකම් ජනතාව 
ප්‍රතික්ෂේප කර තිබෙනවා. විශේෂයෙන් මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව වත්මන් රජය එල්ල කළ චෝදනා පලිගැනීම් ආදිය ජනතාව පෙබරවාරි 10 දා ප්‍රතික්ෂේප කොට රජය කෙරේ  විශ්වාසයක් නැති බව ප්‍රකාශ කර තිබෙනවා. 
 
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා:-
පෙබරවාරි 10 දා පැවැත් වුණේ 56 විප්ලවයේ දෙවැනි විප්ලවයයි. බලයේ ඇති ආණ්ඩුවක් පරාජය කර අලුත් පක්ෂයකට අලුත් සන්ධානයකට බලය දෙන්න ජනතාව තුළ කොපමණ  උද්යෝගයක් තිබුණාද කියලා දැන් පැහැදිලියි. සති දෙකක් තුළ ජනතාව දැනුවත් වී මහරගම නගර සභාව මෝටර් සයිකලය සහිත ස්වාධීන කණ්ඩායම ජයග්‍රහණය කරවීමට මෙම රජයට  එරෙහි ජනමතය පිළිබිඹු කරන්නක් බවද වීරවංශ මහතා කීවේය.
 
ඒකාබද්ධ විපක්ෂයේ ජාතික සංවිධායක ඩලස් අලහප්පෙරුම මහතා:-
“ශ්‍රීලනිපය අලියා ගිල්ල දිවුල් ගෙඩියක තත්ත්වයට ඇද දමන්නට මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ ශ්‍රීලනිප කණ්ඩායම කටයුතු කර තිබෙන බව ඡන්ද ප්‍රතිඵලවලින් පැහැදිලියි. 2015 ජනවාරි 9 දා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 251 ක් හිමිව තිබූ එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ අගමැතිවරයා ඇතුළු  කැබිනට් මණ්ඩලයේ ඉවත් කර මන්ත්‍රී ආසන 46ක් හිමිව තිබූ එජාප නායක රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයට පත් කළා සේ මෙම ඡන්ද ප්‍රතිඵල අනුව රජය බලය ජයග්‍රාහි කණ්ඩායමට ලබා දී අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස්විය යුතු බවද අලහප්පෙරුම මහතා කීවේය.
විද්වතුන් වෙනුවෙන් මෙහිදී අදහස් දැක්වූ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කළේ බැඳුම්කර හොරකම සම්බන්ධයෙන් ජනතා අධිකරණය  තීන්දුවක් දී ඇති බවය. මෙම තීන්දුව ලබා ගැනීමට කැප වූ විද්වත් නිලධාරීන්ටද ඔහු සිය  කෘතවේදීත්වය පිරිනැමුවේය.  මෙම මාධ්‍ය හමුවේදී ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ‍ලේකම් රාජා කොල්ලුරේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රා වන්නිආරච්චි  යන මහත්ම මහත්මීහුද අදහස් දැක්වූහ.
 
ජයසූරිය උඩුකුඹුර

 

IMAGE

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 4084

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 2700

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 3771

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 2274

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 7516

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 4632

Please publish modules in offcanvas position.