Coss Ear2
lakbima.lk
COSS Ear 1

පුංචි ඡන්දයට ‍පොලීසියේ 65,758ක්

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් දිවයින පුරා ‍පොලිස් නිලධාරීන් හැටපන්දහස් හත්සිය පනස් අට (65758) දෙනෙකු යොදවන බව ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‍පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.
ඒ අනුව අනිද්දා (10) දින පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා ඡන්ද මධ්‍යස්ථාන 13420 ක් වෙනුවෙන් ‍පොලිස් නිලධාරීන් 26840 ක ප්‍රමාණයක් යොදවනු ලබයි. මෙහිදී එක් ඡන්ද මධ්‍යස්ථානයක් සඳහා  ‍පොලිස් සැරයන්වරයෙකු හා ‍පොලිස් කොස්තාපල්වරයෙකු  බැගින් මධ්‍යස්ථාන 13420 වෙනුවෙන් ‍පොලිස් නිලධාරීන් 26840 යොදවනු ලබයි.
ඡන්ද මධ්‍යස්ථාන සඳහා ‍පොලිස් ජංගම මුර සංචාර 3225 ක් යොදවනු ලබයි.  එක් ජංගම මුර සංචාරයක් ඡන්ද මධ්‍යස්ථාන තුන හතරක් ආවරණය වන පරිදි යොදවා ඇති අතර මේ සඳහා  රියැදුරුට අමතරව ‍පොලිස් පරික්ෂකවරයෙක්, ‍පොලිස් සැරයන්වරයෙක් හා ‍පොලිස් කොස්තාපල්වරයෙක්, සිවිල් ආරක්ෂකයන් දෙදනකු බැගින් අනුයුක්ත කර තිබේ.ඒ අනුව මේ සඳහා ‍පොලිස් නිලධාරීන් හා සිවිල් ආරක්ෂක නිලධාරීන් 13552 කු යොදවා තිබේ.
ඡන්ද මධ්‍යස්ථාන වල හා ‍පොලිස් ජංගම මුර සංචාර වල යෙදෙන නිලධාරීන් හට අවශ්‍ය ගිනිඅවි හා උණ්ඩ ලබා දිම සිදු කරන බවද මෙහිදී ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසිය.
ගැටුම් ඇති වේ යැයි සැක කෙරෙන තෝරා ගත් ප්‍රදේශ කිහිපයක් වෙනුවෙන් පමණක් එම පිරිසට අමතරව ‍පොලිස් විශේෂ කාර්ය බළකායේ දෙදෙනකුද යොදවා ඇත. මිට අමතරව ‍පොලිස් විශේෂ කාර්ය බළකායේ ජංගම මුර සංචාර 99 ක් පමණක් ප්‍රදේශයේ සාමය ආරක්ෂාව සඳහා යොදවන බව ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‍පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.මේ සඳහා යොදවන ‍පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ප්‍රමාණය 1174 කි.
ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරිමේ මධ්‍යස්ථාන 25 ක් දිවයිනේ ස්ථාපිත කර ඇති අතර ඒ සඳහා ‍පොලිස් නිලධාරීන් 1275 කු අනුයුක්ත කර තිබේ.
ප්‍රදේශය භාර සහකාර ‍පොලිස් අධිකාරිවරයෙකු හෝ කොට්ඨාස මට්ටමින් කැරලි මර්දන කණ්ඩායම් 140 ක් ස්ථාපිත කර ඇති අතර මේ සඳහා ‍පොලිස් නිලධාරීන් 1106 කු යොදවා ඇත.
මාර්ග බාධක 464 ක් ක්‍රියාත්මක කර ඇති අතර  ‍පොලිස් නිලධාරීන් 3248 කු ඒ සඳහා යොදවා තිබේ.
සහකාර ‍පොලිස් අධිකාරී, ‍පොලිස් අධිකාරී, ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරීවරුන් 255 ක්, ප්‍රධාන ‍පොලිස් පරික්ෂකවරුන් 510 ක්, ‍පොලිස් පරික්ෂකවරුන් හා උප ‍පොලිස් පරික්ෂකවරුන් 5219 ක්, කාන්තා ‍පොලිස් පරික්ෂකවරියන් හා උප ‍පොලිස් පරික්ෂකවරියන්  412 ක්, ‍පොලිස් සැරයන්වරුන් 14079 ක්, ‍පොලිස් කොස්තාපල්වරුන් 33385 ක්, කාන්තා ‍පොලිස් සැරයන් හා ‍පොලිස් කොස්තාපල්වරියන් 4381 ක්, ‍පොලිස් රියැදුරන් 2019 ක්, ‍පොලිස් ආරක්ෂක සහායකයන් 1320 ක් හා ‍පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 4178 ක් මේ අනුව මැතිවරණය සඳහා යොදවා ඇති සමස්ත නිලධාරීන් ප්‍රමාණය වේ.
මිට අමතරව මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භටයන් 5553 කුගේ සේවය ලබා ගන්නා බවද මෙහිදී මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. මෙම නිලධාරීන් සියලු දෙනා අද (08) දින අදාළ රාජකාරි සඳහා ‍පොලිස් කොට්ඨාසයන් වෙත වාර්තා කරන අතර එහිදී ලැබෙන උපදෙස් මත හෙට (09) දින සිට ඔවුන් මැතිවරණ රාජකාරි ආරම්භ කරන බවද ඒ මහතා පැවැසිය. 
ඔහු මේ බව සඳහන් කර සිටියේ ඊයේ (07) දින ‍පොලිස් මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදිය.

 

IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 428

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 802

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 713

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 571

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5210

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3434

Please publish modules in offcanvas position.