Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඡන්ද ‍පොළට ඇතුළුවීම අවසරලත් අයට පමණයි

මෙවර පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම පැවැත්වෙන ලබන 10 දා ඡන්ද ‍පොළට ඇතුළුවීමට නීතියෙන් අවසර ඇත්තේ මැතිවරණ කොමිසම විසින් අවසර ලබාදී ඇති පහත සඳහන් පුද්ගලයන්ට පමණක් යැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව අදාළ ඡන්ද ‍පොළේ ඡන්ද හිමියන්, ඡන්ද ‍පොළ කාර්ය මණ්ඩලය, අපේක්ෂකයන්, විධිමත් පත්වීමක් ලබා ඇති ඡන්ද ‍පොළ නියෝජිතයන් හා නිරීක්ෂකයන්, ඡන්ද ‍පොළ රාජකාරියෙහි නියුක්ත ‍පොලිස් නිලධාරීන්, තේරීම් භාර නිලධාරී හා තේරීම් භාර නිලධාරීන්ගේ අවසරය ඇති වෙනත් පුද්ගලයන් සඳහා මෙම අවසරය ලබාදී ඇත.
මෙහිදී කොට්ඨාස තරග කරන අපේක්ෂකයන්ට ස්වකීය කොට්ඨාසයේ ඡන්ද මධ්‍යස්ථානවලට පමණක් ඇතුළු විය හැකි අතර අතිරේක ලැයිස්තුවේ අපේක්ෂකයන්ට ස්වකීය පළාත් පාලන ආයතනයේ ඕනෑම ඡන්ද ‍පොළකට ඇතුළු විය හැකි යැයි මැතිවරණ කොමිසම පෙන්වා දෙයි. එසේ වුවද කිසිම අපේක්ෂකයකුට ඡන්ද ‍පොළ තුළ හෝ ඡන්ද ‍පොළ අවට රැඳී සිටිමින් පක්ෂ - අපේක්ෂක ප්‍රවර්ධන කටයුතු කළ නොහැකි බවද එම කොමිසම අවධාරණය කරයි.
ඊට අමතරව ඡන්ද භූමිය තුළදී කිසිදු පුද්ගලයකු ජංගම දුරකථන භාවිත කිරීම, ඡායාරූප ගැනීම, වීඩියෝ කිරීම, අවිආයුධ සන්තකයේ තබාගැනීම, දුම්පානය, මත්පැන් හා වෙනත් මත්ද්‍රව්‍ය භාවිත කිරීම සපුරා තහනම් බවද මැතිවරණ කොමිසම පවසයි.
 
ලසන්ත වීරකුලසූරිය/ගයාත්‍රි ගීගනආරච්චි
IMAGE

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 1759

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 1036

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 3105

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 4178

කසාද බැඳලා දරුවොත් ඉන්න ඇය මේ කතාව කාටවත් කියන එකක් නැහැ

IMAGE 2018 Feb 18 12:57
අද වන තුරු කාටවත් නොකී රස රහසක් මගේ ජීවිතය තුළත් තියෙනවා. ඇත්තටම ඒ රහස මම ඇර තව එක්කෙනයි දන්නේ....
Views - 7179

ලංකාවේ සුපිරි ධනවතාගේ කෝටි 16 මෝටර් රිය

IMAGE 2018 Feb 18 12:00
2015 ජනාධිපතිවරණ සමයේ දේශපාලන වේදිකාවේ බොහෝ දේ කතාබහ කෙරුණි. මිල අධික ලැම්බ්‍රෝගිනි මෝටර් රථද ඒ...
Views - 6325

Please publish modules in offcanvas position.