Coss Ear2
lakbima.lk
COSS Ear 1

මීතොටමුල්ලේ ඛිෙදවාචකයේ වගකීම නගර සභාවට

මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමේ ඛිෙදවාචකයට හේතුව කොළඹ මහ නගර සභාව කසළ ඉවත් කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකිරීම බව මේ පිළිබඳව සොයා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කෙරුනු ජනාධිපති විමර්ශන කමිටුව සඳහන් කර තිබේ. 
අදාළ අවසන් වාර්තාව එම කමිටුවේ සාමාජිකත්වය විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙහෙයවන ජනාධිපති නිල නිවසේදී ඊයේ (06) භාර දෙනු ලැබිය. 
කමිටුවේ සභාපති විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රදාස නානායක්කාර මහතා විසින් වාර්තාව ජනාධිපතිතුමා වෙත භාර දුන් අතර, කමිටු ‍ලේකම් ඩී.එම්. කරුණාරත්න, නීති නිලධාරී පාලිත අබේවර්ධන යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. 
මීතොටමුල්ල  කසළ බැහැර කිරීම පිළිබඳ කෙටිකාලීන සහ දිගු කාලීන නිර්දේශ කමිටු වාර්තාව තුළ ඉදිරිපත් කර තිබෙන අතර බස්නාහිර පළාත තුළ කසළ බැහැර කිරීමේ කටයුතු කළමනාකරණය සඳහා මධ්‍ය ආයතනයක් ස්ථාපිත කිරීමේ වැදගත්කම ද පෙන්වා දී තිබේ. 
එමෙන්ම කසළ දාහක ඉදිකිරීමේ වැදගත්කම පිළිබඳව ද කරුණු සඳහන් කර තිබෙන අතර මෙම කමිටු වාර්තාවට අනුව අදාළ නිර්දේශ සහ යෝජනා ක්‍රීයාත්මක කිරීමේ සඳහා ඉදිරියේදී අදාළ අමාත්‍යාංශ හා අයාතන වෙත උපදෙස්  ලබා දෙන බව ජනාධිපතිවරයා පැවැසීය. 
කොළොන්නාව, මීතොටමුල්ල කසළ බැහැර කිරීමේ කටයුතු සඳහා බාහිර ආයතක වෙත ගෙවා ඇති මුදල් 2015 සහ 2016 වසර තුළ අසාමාන්‍ය අයුරින් වර්ධනය  වී ඇති බව කමිටු වාර්තාව පෙන්වා දෙයි. 
කොළඹ මහ නගර සභාව විසින් 2014 වසරේ ඒ සඳහා සිදුකළ වියදම රුපියල් මිලියන 64ක් වන අතර 2015 වර්ෂයේ රුපියල් මිලියන 182ක් ලෙසද, 2016 වර්ෂයේ රුපියල් මිලියන 232ක් ලෙසද එම ගෙවීම් වර්ධනය වී තිබෙන බවද අනාවරණය කරයි. 
එමෙන්ම ආරම්භයේ සිටම මෙම කසළ ඉවත් කිරීම පිළිබඳ කොළඹ මහ නගර සභාව විසින් විධිමත් වැඩපිළිවෙළක් අනුගමනය නොකිරීම සහ විසඳුම් ලෙස ඉදිරිපත් කරන ලද යෝජනා නිසි අයුරින් ක්‍රියාත්මක නොකිරීම ද මෙම ඛිෙදවාචකයකට හේතු වූ බව වාර්තා වැඩිදුරටත් පෙන්වා දී තිබේ. 
 
පානුක රාජපක්ෂ 

 

IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 269

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 511

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 454

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 395

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5024

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3301

Please publish modules in offcanvas position.