Coss Ear2
lakbima.lk
COSS Ear 1

ගම්පහ පස් පාතාලයේ ගැටුම උග්‍ර අතට

ගම්පහ, උඩුගම්‍පොළ, කෙහෙල්බද්දර නිවසක් ඉදිරිපිට සිටි ව්‍යාපාරිකයෙකුට ඊයේ (6) උදෑසන 8.30ට පමණ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් කළ වෙඩි තැබිමකින් එම ව්‍යාපාරිකයා මිය ගොස් ඇති බව ගම්පහ ‍පොලීසිය පවසයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ උඩුගම්‍පොළ, කෙහෙල්බද්දර පදිංචිව සිටි කේ. නෙවිල් පෙරේරා (නෙවිල් මුදලාලි) නමැති හැටපස් හැවිරිදි දෙදරු පියෙකි. මොහු ලී ව්‍යාපාරිකයෙකු ලෙස කටයුතු කළ අයෙකි.
ඊයේ උදෑසන මොහු සිය නිවසේ ආලින්දයේ නවතා තිබූ මෝටර් රථය අසල වැඩිමහල් දරුවා සමග රැඳී සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු ටී 56 ගිනි අවියකින් වෙඩි තබා කොටුගොඩ දෙසට පලා ගොස් ඇති බව ‍පොලිස් මූලික විමර්ශනවලදී හෙළි වී තිබේ.
වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ නෙවිල් මහතා ගම්පහ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබේ.
පස් පාතාලය සක්‍රිය වීමෙන් මෙම වසරේ සිදු වූ දෙවන ඝාතනය මෙය වේ.
ඉකුත් 04 වෙනි දිනද නැදගමුවේදී පස් ව්‍යාපාරිකයෙකු වූ පස් චමී යන අයට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් වෙඩි තබා ඝාතනය කර තිබුණි.
එහෙත් මෙම ව්‍යාපාරිකයා පස්වලට සම්බන්ධ අයෙක් නොවන බැවින් මෙම වෙඩි තැබිම කුමන අරමුණකින් කළ එකක්ද යන්න අනාවරණය වී නොතිබුණි.
ඉකුත් ජනවාරි 13 වෙනිදා දිනද බට‍පොත, පන්සල පාරේදී පස් ව්‍යාපාරිකයෙකුට වෙඩි තැබුණු අතර ඔහුද බරපතළ තුවාල ලැබිය.
එම වෙඩි තැබිම බන්ධනාගාර ගතව සිටින මාකිලංගමුවේ සංජීව විසින් මෙහෙයවා ඇති බවට ‍පොලීසිය විසින් කරුණු අනාවරණය කරගෙන තිබුණි. ඊට අදාළව සැකකරුවන් තිදෙනකුද ‍පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන් මේ වන විටද රක්ෂිත බන්ධනාගාර ගතව පසුවේ.
එම වෙඩි තැබිම සිදු වී මසක් යාමටත් මත්තෙන් ඊයේ දින නැවත මෙම වෙඩි තැබිම සිදු වී තිබූ අතර මේ අනුව මෙම වසරේ ගම්පහ ‍පොලිස් වසමේ වෙඩි තැබිම් තුනක් සිදුව තිබේ.
මේ සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාස භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල මහතාගේ අධීක්ෂණයෙන් යුත් කණ්ඩායමක් විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.
 
ශානිකා මාධවී පීරිස්, සුසන්ත අබේරත්න- ගම්පහ

 

IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 428

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 800

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 712

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 571

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5210

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3434

Please publish modules in offcanvas position.