Coss Ear2
lakbima.lk
COSS Ear 1

උදයංග වීරතුංග ඩුබායිහිදී අත්අඩංගුවට

රුසියාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ඩුබායි ගුවන්තොටුපොළේ දී ඊයේ (04* දින    ආගමන විගමන නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 
2006 වසරේ ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවට යුක්රේනයෙන් මිග්-24 දරණ  යානා හතරක් මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව එවකට රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා මැදිහත් වී තිබේ. මෙම ගණුදෙණුවෙන් මෙරටට මිලියන ඩොලර් 14ක මුදලක පාඩුවක් වී තිබෙන බව මේ පිළිබඳ පරීක්ෂණ පවත්වන මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් හෙළිකර ගෙන තිබුණි.
මීට අදාලව ප‍්‍රකාශයක් ලබා දීමට මුල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණෙන ලෙස මොහුට කීප අවස්ථාවකම අධිකරණය මගින් නොතිසි නිකුත් කර තිබුණද ඔහු පැමිණියේ නැත. පසුව පොලීසිය විසින්  මෙම නඩුවට මොහු සැකකරුවකු ලෙස නම් කරමින් ජාත්‍යන්තර පොලීසිය හරහා වරෙන්තු නිකුත් කර තිබුණි.
මොහුට අයත් කොළඹ හා ගම්පහ ප‍්‍රදේශවල ඉඩම් විකිණීම හෝ අන්සතු කිරීම තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ඉකුත් දිනෙක අත්තනගල්ල හා කොළඹ ඉඩම් රෙජිස්ටාර්වරුන් වෙත නියෝගද නිකුත් කර තිබුණි.
උදයංග වීරතුංග මහතා අමෙරිකාව බලා පිටත්ව යාමට ඩුබායි ගුවන්තොටුපලට පැමිණි අවස්ථාවේ මෙලෙස ප‍්‍රශ්න කිරීමට ලක්ව අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහුව මෙරටට රැුගෙන ඒම සම්බන්ධයෙන් ‍මෙරටින් කණ්ඩායමක් පිටත් කර හරින්නේද යන්න ඊයේ සවස් වන විටත් තීරණයක් ගෙන නොමැති බව පොලීසියේ උසස් නිලධාරියකු සඳහන් කළේය.
 
ශානිකා මාධවී පීරිස් 

 

IMAGE

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 4094

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 2707

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 3775

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 2281

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 7523

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 4636

Please publish modules in offcanvas position.