Coss Ear2
lakbima.lk
COSS Ear 1

දූෂණ විරෝධය යනු රටක ආත්මාරක්ෂාවයි

සෞභාග්‍යයේ නිදහස අත්පත් කර ගැනීම සඳහා අපේ මව්බිම පෙළගැසී සිටින මේ මොහොතේ එම නිදහසට එරෙහි දූෂණය, අල්ලස, හොරකම සහ  නාස්තිය පිටුදැකීමට කැපවිය යුතු බව ජනාධිපතිතුමා පවසයි.
සෑම දේශපාලනඥයෙකුම තමාගේ වගකීම් ඉටුකිරීමේදී කි‍්‍රයාවෙන්ම එම ආදර්ශය ලබාදීම අත්‍යාවශ්‍ය යුග මෙහෙවරක් බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ අද (04) පෙරවරුවේ කොළඹ ගාලූ මුවදොර පිටියේ පැවති අභිමානවත් 70 වන නිදහස් දින සැමරුම් උළෙල අමතමිනි. 
නිදහස ලබා වසර හැත්තෑවක් තුළ අප ලබා ඇති අත්දැකීම් ඇසුරින් රටේ සංවර්ධනයේ ජාතික ප‍්‍රමුඛතා හඳුනා ගැනීමේ වැදගත්කම හුවා දැක්වූ ජනාධිපතිතුමා සංවර්ධනයේ දී පෞද්ගලික න්‍යාය පත‍්‍ර කි‍්‍රයාත්මක කිරීම මගින් රටට අයහපත් ප‍්‍රතිඵල අත් වී තිබෙන බව ද පෙන්වා දුන්නේය.
දේශපේ‍්‍රමීත්වය යන්න විවිධ යුගවලදී විවිධාකාරයෙන් අර්ථගැන්වී ඇති බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා වර්තමානයේදී සැබෑ දේශපේ‍්‍රමීත්වය යනු මූල්‍ය විනයක් සහිතව කටයුතු කිරීම බවද කියා සිටියේය. ඒ සඳහා පුළුල් ජාතික ව්‍යාපාරයක අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.
ආර්ථික සමෘද්ධිය සහ සෞභාග්‍ය අත්පත්කර ගැනීම සෑම පුරවැසියෙකුගේම අභිලාෂය බව සඳහන් කළ ජනාධිපතිතුමා ඒ සඳහා රාජ්‍ය තාන්ත‍්‍රය තුළ ප‍්‍රතිසංස්කරණ විශාල වශයෙන් අවශ්‍යවන බවත්, ඒවා සාර්ථක කර ගැනීම සදහා සමස්ත රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශය  අත්වැල් බැඳගතයුතු බවත් පැවසීය.
සැබෑ නිදහස අර්ථවත්වීමට නම් පුද්ගලයාගේ පමණක් නොව ස්වභාවධර්මයේ ද නිදහස ආරක්ෂා කරමින් පරිසරය සහ පුද්ගලයා අතර මනා සමතුලිතතාවයක් ගොඩනගාගත යුතු බවද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.
IMAGE

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 1758

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 1035

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 3104

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 4178

කසාද බැඳලා දරුවොත් ඉන්න ඇය මේ කතාව කාටවත් කියන එකක් නැහැ

IMAGE 2018 Feb 18 12:57
අද වන තුරු කාටවත් නොකී රස රහසක් මගේ ජීවිතය තුළත් තියෙනවා. ඇත්තටම ඒ රහස මම ඇර තව එක්කෙනයි දන්නේ....
Views - 7179

ලංකාවේ සුපිරි ධනවතාගේ කෝටි 16 මෝටර් රිය

IMAGE 2018 Feb 18 12:00
2015 ජනාධිපතිවරණ සමයේ දේශපාලන වේදිකාවේ බොහෝ දේ කතාබහ කෙරුණි. මිල අධික ලැම්බ්‍රෝගිනි මෝටර් රථද ඒ...
Views - 6325

Please publish modules in offcanvas position.