Coss Ear2
lakbima.lk
COSS Ear 1

නිදහස් දා කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්ම

හැත්තෑවෙනි නිදහස් සමරු උත්සවය වෙනුවෙන් නිදහස් දින (04) කොළඹ නගරය තුළ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‍පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා පවසයි.
නිදහස් දින ප්‍රධාන උත්සවය ගාලු මුවදොරදී පැවැත්වෙන අතර උදෑසන 05.00 සිට දහවල් 12.00 දක්වා වසා තැබෙන මාර්ගයන් මෙසේය.
පෙරවරු 05.00 සිට මධ්‍යහ්න12.00 දක්වා ගාලු පාර, ගාලු මුවදොර වටරවුම සිට පරණ පාර්ලිමේන්තු වටරවුම අතර චෙත්‍ය පාර වසා තැබේ.
පෙරවරු 07.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා කොල්ලුපිටිය හංන්දියෙන් ගාලු මුවදොර වටරවුම දෙසට ඇතුළු වීම (පදිංචිකරුවන්ට ඉඩ ලබාදේ),
කොල්ලුපිටිය ශාන්ත මයිකල් වටරවුමෙන් ගාලු පාර දෙසට ඇතුළු වීම (පදිංචිකරුවන්ට ඉඩ ලබාදේ),
රොටුන්ඩා වටරවුමෙන් ගාලු පාර දෙසට ඇතුළු වීම (පදිංචිකරුවන්ට ඉඩ ලබාදේ)
සෙරමික් හන්දියෙන් (ලෝටස් පාර) පරණ පාර්ලිමේන්තුව දෙසට,
යෝර්ක් වීදියෙන් ලංකා බැංකු මාවත දෙසට.
සීනෝර් හන්දියෙන් (කොටුව දුම්රිය පළ ඉදිරිපිටින්) කොටුව ඛිඊ හන්දිය දෙසට ඇතුළු වීම.
කොටුව ඛිඊ හන්දියෙන් සෙරමික් හන්දිය දෙසට ඇතුළු වීම.
ඛාන් වටරවුමෙන් කොටුව දෙසට ඇතුළු වීම
මාකන් මාකර් මාවත උත්තරානන්ද මාවත හන්දිය දෙසින් ගාලු මුවදොර, වටරවුම දෙසට ඇතුළුවීමද වසා තැබේ.
පෙරවරු 08.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා
ගාමිණී වටරවුමෙන් ඩී.ආර්.විජේවර්ධන මාවතට ඇතුළු වීම හා කොම්පඤ්ඤවීදිය ‍පොලීසිය වටරවුමෙන් රීගල් හන්දිය දෙසට ඇතුළු වීම වළකා ඇත.
ගෝල්ෆේස් (ගාලු මැද පාර) හරහා කොළඹට ඇතුළු වන සහ පිටවන බර වාහන හා දුරගමන් සේවා බස්රථ සඳහා විකල්ප මාර්ග ඇතුළුවීම
වැල්ලවත්ත, ඩබ්.ඒ. සිල්වා මාවත ඔස්සේ පරණ හැව්ලොක් පාර, මයා වටරවුම, හැව්ලොක් පාර, තිඹිරිගස්යාය පාර, බේස්ලයින් පාර ඔස්සේ කොළඹට ඇතුළු විය හැකිය.
හැව්ලොක් පාර, තුම්මුල්ල, සොයිසා වටරවුම (ටී.බි. ඡායා මාවත හෝ ඩීන්ස් පාර ඔස්සේ) මරදාන පාලම හන්දිය, ටෙක්නිකල් හන්දිය හරහා කොළඹට  ඇතුළු විය හැක.
ගාලු පාර ඔස්සේ කොළඹින් පිටවන බර වාහන ඉහත සඳහන් මාර්ගයේම ගමන් කර ඩබ්.ඒ. සිල්වා මාවතින් ගාලු පාරට පිවිස හෝ තුම්මුල්ල වටරවුමෙන් ආර්.ඒ. ද මෙල් මාවත ඔස්සේ ගාලු පාරට පිවිස කොළඹින් පිටවිය හැක.
ගාලු පාර ඔස්සේ කොළඹට ඇතුළු වන සහ පිටවන කෙටිදුර සේවා බස් රථ සහ සැහැල්ලු වාහන
ගාලු පාර ඔස්සේ බගත‍ලේ පාර, ආර්.ඒ. ද මෙල් මාවත, බෞද්ධාලෝක මාවත, තුම්මුල්ල වටරවුම, කර්ස්ටන් පාර, ජේ.ඕ.සී. හන්දිය, ග්ලාස් හවුස් හන්දිය, නන්දා මෝටර්ස්, හෝර්ටන් වටරවුම, සොයිසා වටරවුම, ඩීන්ස් පාර, ටෙක්නිකල් හන්දිය.
කොල්ලුපිටිය හන්දියෙන් දකුණට හැරවිය හැකි මාර්ගයේ තුම්මුල්ලට ගමන් කර ටවුන්හෝල් හරහා හෝ කොල්ලුපිටිය හන්දියට පැමිණ ධර්මපාල මාවත, ටවුන්හෝල් හරහා මරදාන ඔස්සේ කොළඹට ඇතුළු විය හැකිය. (පැය 09.00 සිට කොල්ලුපිටිය හන්දියෙන් පිත්තල හන්දිය කොම්පඤ්ඤවීදිය හරහා ගමන් කිරීමට ඉඩ ලබාදේ)
ගාලු මැද පාර ඔස්සේ කොළඹින් පිටවන බස් රථ හා සැහැල්ලු වාහන
ඕල්කට් මාවත, ටෙක්නිකල් හන්දිය, මරදාන පාලම හන්දිය, ටී.බි. ඡායා මාවත, ඉබ්බන්වල හන්දිය, යුනියන් පෙදෙස, ලිප්ටන් වටරවුම, ධර්මපාල මාවත, එෆ්.ආර්. සේනානායක මාවත, කන්නංගර මාවත, නන්දා මෝටර්ස් හන්දිය, නිදහස් වටරවුම, රීඩ් මාවත, තුම්මුල්ල වටරවුම, බෞද්ධාලෝක මාවත, ආර්.ඒ ද මෙල් මාවත (ඩුප්ලිකේෂන් පාර), ගාලු පාර ඔස්සේ පිටව යා හැකිය.

ශානිකා මාධවී පීරිස්

 

IMAGE

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 4094

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 2707

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 3775

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 2281

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 7524

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 4636

Please publish modules in offcanvas position.