Coss Ear2
lakbima.lk
COSS Ear 1

බැඳුම්කර විවාදය 6 වෙනිදා අවසන් නෑ

මහ බැංකු බැඳුම්කර විවාදය පැවැත්වීම සඳහා බහුතර පක්ෂ නායකයන්ගේ එකඟතාව අනුව ලබන 6 දා දිනය යොදා ගත්තද, ඒ සඳහා අවශ්‍ය තරම් ඉදිරි දින යොදා ගැනීමට හැකියාව පවතින බව කථානායක කාර්යාලය පවසයි.
මැතිවරණ ක්‍රියාවලියට ද බාධාවක් නොවන පරිදි කටයුතු කළ යුතුව තිබූ බැවින් මෙම දිනය යොදා ගත්තද, එදින එම විවාදය සම්පූර්ණයෙන්ම පවත්වා අවසන් වන බවත් ඉන් අදහස් නොවන බවද විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර ඇත.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේ සඳහා යෝජනා කර තිබූ දිනය මැතිවරණ ක්‍රියාවලිය සමග ප්‍රායෝගිකව අපහසු වන බව මැතිවරණ කොමිෂන් සභාව විසින් පෙන්වා දීමෙන් අනතුරුව ඉකුත් 30 දා පක්ෂ නායක රැස්වීමේදී ලබන 6 දා ඒ සඳහා සුදුසු බව තීරණය වූයේ යැයිද එහි දක්වා ඇත.
ඒ අනුව ඒකාබද්ධ විපක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයන් විසින් ඒ සඳහා 6 දා සලකා බැලිය හැකි බව එහිදී පෙන්වා දී ඇති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයාත් ද්‍රවිඩ ජාතික සන්ධානයේ නියෝජිතයෝත් ඒ සඳහා එකඟතාව පළ කර ඇත.
එබැවින් ලබන 6 දා විවාදය සඳහා පාර්ලිමේන්තුව කැඳවනුයේ බහුතර නායකයන්ගේ එකඟත්වයෙන් බවත්, එදින විවාදය පැවැත්වීමෙන් පසු පක්ෂ නායකයන්ගේ එකඟතාව පරිදි විවාදය සඳහා වෙනත් ඉදිරි දින යොදා ගැනීමේ බාධාවක් නොපවතින බවත්, එම නිවේදනය මගින් අවධාරණය කර තිබේ.

ලසන්ත වීරකුලසූරිය / ගයාත්‍රි ගීගනආරච්චි

 

IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 269

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 514

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 457

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 395

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5024

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3301

Please publish modules in offcanvas position.