Coss Ear2
lakbima.lk
COSS Ear 1

රවි ඉවත් කිරීමේ මාරපන කමිටු වාර්තාව කෘත්‍යාධිකාරී මණ්ඩලයට

පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ උපනායක තනතුරින් ඉවත් කළ යුතු බවට මාරපන කමිටුව කර ඇති නිර්දේශය ඇතුළත් වාර්තාව එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ මහ‍ලේකම්  කබිර් හෂීම් මහතා පවසයි.
මේ මස මැද දී එක්සත් ජාතික පක්ෂ කෘත්‍යධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වීමට නියමිතව ඇත.
බැඳුම්කර නිකුතුවට අදාළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාව අනුව රවි කරුණානායක මහතා ඇතුළු කිසිදු එක්සත් ජාතික පක්ෂිකයකු බැඳුම්කර නිකුතුවට සම්බන්ධ බවට අනාවරණය වී නැතත්, පර්පචුවල් ටේ‍රෂරීස් සමාගමේ සමාගමක් වන වෝල්ට් ඇන්ඩ් රෝ පෞද්ගලික සමාගම විසින් ගෙවන නිවාස බදු මුදල් නිසා කරුණානායක මහතා අයථා ප්‍රතිලාභ ලැබූ බව බවට නිගමනය වී ඇතැයි කොමිෂන් වාර්තාවේ ඇතුළත්ව ඇතැයි ඒ මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වේ. 
ඒ අනුව රවි කරුණානායක මහතාට විරුද්ධව අල්ලස් නීතියක් යටතේ කටයුතු කළ යුතු ද නැද්ද යන්න නීතිපතිවරයා හෝ අල්ලස් කොමිසම විසින්   නිගමනය කළ යුතු බව ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව තීරණය කර ඇත. 
එබැවින් එලෙස රවි කරුණානායක මහතාට විරුද්ධව නඩු පැවැරීම ගැන අවසන් තීරණයක් ගන්නා තෙක් හෝ නඩු පැවැරුවොත් එම නඩු කටයුතු අවසන් වන තෙක් ඒ මහතාව පක්ෂයේ උපනායක තනතුරින් ඉවත් කළ යුතු බව මාරපන කමිටුව විසින් නිර්දේශ කොට ඇත. 
 
ලසන්ත වීරකුලසූරිය / ගයාත්‍රි ගීගනආරච්චි

 

IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 424

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 787

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 701

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 568

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5200

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3430

Please publish modules in offcanvas position.