Coss Ear2
lakbima.lk
COSS Ear 1

මානවහිමිකම් කොමිසමට ඒම ඌව මහ ඇමැතිට අනිවාර්යයි

බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණ ගැස්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණයට හෙට (1) දිනයේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණීමට නොහැකි බවට ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ඊයේ (30) කළ දැනුම්දීම ප්‍රතික්ෂේප කර ඇති මානව හිමිකම් කොමිෂන් සභාව විසින් අනිවාර්යයෙන්ම හෙට දින පැමිණිය යුතු බවට මහ ඇමැතිවරයාට දැනුම් දී තිබේ.
බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය ආර්. භවානි මහත්මිය දණගැස්වී යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයට පෙබරවාරි පළමුවැනිදා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොළඹ කාර්යාලයේ පෙනී සිටින ලෙස එම කොමිසම පෙරේදා (29) ඌව මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතාට සිතාසි යොමු කර තිබුණි.
එහෙත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහියංගණ නගරයට පැමිණෙන බැවින් එහි කාර්යයන් රැසක් ඉටු කිරීමට පැවැරී ඇති හෙයින් මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණීමට නොහැකි බවට ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ඊයේ (30) මානව හිමිකම් කොමිසම වෙත දැනුම් දී තිබේ.
මානව හිමිකම් කොමිෂන් සභාව භාර දෙන ලද සිතාසියක් සඳහා නියමිත වේලාවේදී කොමිෂන් සභාව ඉදිරියේ පෙනී සිටීම ප්‍රතික්ෂේප කිරීම හෝ පැහැර හැරීම කොමිෂන් සභාවේ අධිකාරියට විරුද්ධව සිදු කරන ලද්දක් සේ සලකනු ලබන බවත්, එය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දඬුවම් දිය හැකි වරදක් බවත් කොමිසම ඌව මහ ඇමැතිවරයාට ලිඛිතව දැනුම් දී තිබේ.
 
ශානිකා මාධවී පීරිස්

IMAGE

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 171

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 2538

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1434

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 5811

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 3384

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 5517

Please publish modules in offcanvas position.