Coss Ear2
lakbima.lk
COSS Ear 1

වෙල්ගමගේ ඉල්ලීම ඉවතට

තමාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩුවේ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස හිටපු ප්‍රවාහන අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කර තිබූ ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඊයේ (30) ප්‍රතික්ෂේප කළේය.
සැකකාර පෙත්සම්කරුට එරෙහිව ගොනුකර තිබූ චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් 2016.09.26 වැනිදා පැමිණිල්ලට අවසර ලබාදෙමින් නිකුත් කොට තිබූ නියෝගය අත්හිටුවීමටද විනිසුරුවරයා එහිදී නියෝග කළේය. කුමාර වෙල්ගම මහතාට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 182 වගනිත්ය යටතේ නඩුවක් ගොනු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ඇත්නම් නඩු කටයුත්ත ඉදිරියටත් පවත්වාගෙන යන ලෙසටත් ප්‍රමාණවත් සාක්ෂි නොමැති නම් සැකකරු නිදහස් කරන ලෙසටත් මහාධිකරණ විනිසුරුවරයා එහිදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරියට වැඩිදුරටත් නියෝග කළේය.
ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ලංකා ගමනාගමන මණ්ඩලයේ උප සභාපති තනතුරක් ඇතිකර එයට සිය හිතවතකු පත්කර ඔහුගේ වැටුප් හා දීමනා ලෙස රුපියල් ලක්ෂ 33 කට ආසන්න මුදලක් ගෙවීමෙන් ලංකා ගමනාගමන මණ්ඩලයට අලාභයක් සිදුකිරීම හා අල්ලස් හෝ දූෂණ විමර්ශන පනත යටතේ ගැනෙන දූෂණය නමැති වැරැද්ද සිදුකිරීම යන චෝදනා යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් කුමාර වෙල්ගම මහතාට එරෙහිව එම නඩුව පවරා තිබුණි.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ රාජපක්ෂ මහත්මිය සමග රජයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.
 
නිශාන්ති රාමනායක - කොළඹ අධිකරණ
IMAGE

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 1758

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 1035

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 3104

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 4178

කසාද බැඳලා දරුවොත් ඉන්න ඇය මේ කතාව කාටවත් කියන එකක් නැහැ

IMAGE 2018 Feb 18 12:57
අද වන තුරු කාටවත් නොකී රස රහසක් මගේ ජීවිතය තුළත් තියෙනවා. ඇත්තටම ඒ රහස මම ඇර තව එක්කෙනයි දන්නේ....
Views - 7179

ලංකාවේ සුපිරි ධනවතාගේ කෝටි 16 මෝටර් රිය

IMAGE 2018 Feb 18 12:00
2015 ජනාධිපතිවරණ සමයේ දේශපාලන වේදිකාවේ බොහෝ දේ කතාබහ කෙරුණි. මිල අධික ලැම්බ්‍රෝගිනි මෝටර් රථද ඒ...
Views - 6325

Please publish modules in offcanvas position.