Coss Ear2
lakbima.lk
COSS Ear 1

ශ්‍රේෂ්ඨාධිකරණය ඇල්පිටිය ඡන්දය අත්හිටුවයි

ලබන පෙබරවාරි 10 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය පැවැත්වීම  අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (30) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. 
එම අතුරු තහනම් නියෝගය වහාම මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත හා ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා වෙත යැවීමටද බුවනෙක අලුවිහාරේ, ප්‍රසන්න ජයවර්ධන, හා කේ.ටී. චිත්‍රසිරි යන ත්‍රිපුද්ගල විනිසුරු  මඬුල්ල එහිදී වැඩිදුරටත් නියෝග කළේය. 
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණින් නාමයෝජනා භාරදුන් විතානගේ ආරියරත්න, ඩී.කේ.ඕපාත, හා ඒ. දිසානායක යන තිදෙනා විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම විභාගය ගෙන අවසන් වන තුරු බලපැවැත්වෙන පරිදි එම අතුරු තහනම නිකුත් කළේය. එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කොට තිබූ මැතිවරණ  කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු සාමාජිකයන්ට හා ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා ඇතුළු වගඋත්තරකරුවන්ට ලබන 15 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි යැවීමටද විනිසුරු මඬුල්ල එහිදී නියෝග කළේය. 
සිය පක්ෂයේ මහ ‍ලේකම්වරයා විසින් නම් කළ බලයලත් නිලධාරියා  විසින් එම නාමයෝජනා පත්‍රය භාර නොදීමේ හේතුව මත සිය නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීම මගින්  තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී තිබුණි. 
ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.
 
නිශාන්ති රාමනායක - කොළඹ අධිකරණ

 

IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 422

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 781

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 697

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 563

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5194

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3428

Please publish modules in offcanvas position.