Coss Ear2
lakbima.lk
COSS Ear 1

වසර 151කට පසු සුපිරි නීල සඳක්

වසර 151 කට පසුව දැකගත හැකි සුපිරි නීල සඳක් සහ පූර්ණ චන්ද්‍රග්‍රහණයක් හෙට (31) රාත්‍රියේදී දැකබලා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවාසීන්ට උදාවන්නේ යැයි කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවැසීය.
බ්ලූ මූන් හෙවත් නීල චන්ද්‍රයා නිල් පැහැයට කිසිදු සබඳතාවක් නොමැති වුවද, එකම මාසයක් තුළදී කලාතුරකින් ඇතිවන දෙවන පුර හඳ හඳුන්වන්නේ එලෙස නීල් චන්ද්‍රයා ලෙසින් බවද ඒ මහතා කීය. හෙට (31) දින පායන පුර හඳ වෙනත් ‍පොහෝ දිනවලට වඩා 14 ක් විශාලවත් 30 ක වැඩි දීප්තියකිනුත් පෙනෙන බැවින් එය සුපිරි සඳක් ලෙස හඳුන්වයි. මේ දිනවල සඳ පෘථිවියට වඩාත් ළං වී ගමන් කිරීම නිසා මෙලෙස වඩා විශාලව සහ වැඩි දීප්තියකින් දිස්වන අතර ඉකුත් 1 දා පෑයූ පුරහඳද එවැනි සුපිරි සඳක් විය. ඒ අනුව 31 දා රාත්‍රියේදී චන්ද්‍රයා පෘථිවියට කිලෝමීටර 358995 තරම් ළංව පිහිටන බවද මහාචාර්යවරයා කීය.
චන්ද්‍රග්‍රහණයේ ආරම්භය මෙරට සම්මත වේලාවෙන් හෙට (31) ප.ව. 4.21 ට සිදුවන බැවින් එම ග්‍රහණයේ අවසන් කොටස පමණක් මෙරටට දිස්වන බව චන්දන ජයරත්න මහතා පැවැසීය. ඒ අනුව නැගෙනහිර ක්ෂිතජයෙන් චන්ද්‍රයා උදාවනවාත් සමගම ප.ව. 6.15 පමණ සිට ප.ව. 8.41 දක්වා කාලය තුළ මෙම ග්‍රහණය දැක බලා ගැනීමට හැකියාව ලැබෙයි. පෘථිවියේ උප ඡායාවෙන් චන්ද්‍රයා ඉවත් වීමත් සමග එදින රාත්‍රී 9.38 ට ග්‍රහණය අවසන් වේ. චන්ද්‍රග්‍රහණය නිරීක්ෂණය කිරීමේ හොඳම කාලය වන්නේ හෙට ප.ව. 6.15 සිට රාත්‍රී 8.41 අතර කාලය යැයි ඒ මහතා කීය.
සූර්යයාගේ කිරණ පෘථිවි වායුගෝලය හරහා ගමන් කරන විට ආලෝක වර්ෂාවලියේ සමහර වර්ණ විසිරී යන බවත්, එවැනි අවස්ථාවක සඳෙහි පෘෂ්ඨය වෙතට රතු ආලෝකයක් පතිත වීමටත් ඉඩ ඇති බවත්, හෙතෙම පෙන්වා දුන්නේය. ඒ අනුව පූර්ණ චන්ද්‍රග්‍රහණ ඇතිවන සමහර අවස්ථාවලදී චන්ද්‍රයා අඳුරු පැහැයට වඩා රන් පැහැයක් ගනු ලබයි. මෙවර චන්ද්‍රග්‍රහණයද එවැන්නක් බවත් මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවැසීය.

ගයාත්‍රි ගීගනආරච්චි

 

IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 269

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 514

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 456

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 395

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5024

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3301

Please publish modules in offcanvas position.