Coss Ear2
lakbima.lk
COSS Ear 1

හැටන් වැසිකිළි අපද්‍රව්‍ය දික්ඔයට මුදා හැරේ

හැටන් 'තරු චතුරශ්‍රයේ' පිහිටි මහජන වැසිකිළියේ මල අපද්‍රව්‍ය රාත්‍රී කාලයේ දික්ඔයට මුදා හැරිම නිසා දැඩි පරසරික විනාශයක් හා ජලදුෂණයක් සිදුවෙමින් පවතින බවට ප්‍රදේශයේ ජනතාව චෝදනා කර සිටිති.

හැටන්- දික්ඔය නගර සභා බලප්‍රදේශයට අයත් හැටන්, නගර සභාවේ අධික්ෂණය යටතේ පවත්වාගෙන යන, හැටන් තරු චතුරශ්‍රයේ පිහිටි මහජන වැසිකිළියේ මල අපද්‍ර‍ව්‍ය රාත්‍රී කාලයේදී හැටන් නගරය ඔස්සේ ගලා බසින ප්‍ර‍ධාන කාණු පද්ධතියට මුදා හැරීම කලක සිට සිදුකෙරේ. මෙම කටයුත්ත ඉතා සූක්ෂම අයුරින් සංවිධානාත්මකව සිදුකරන අතර මාසයකට පමණ වරක් මධ්‍යම රාත්‍රියට ආසන්න වෙලාවක කම්කරුවන් කිපදෙනෙක් යොදා ගනිමින් බාල්දි උපයෝගි කරගෙන කණුපද්ධතියට මුදා හැරිම සිදු කෙරෙන බව ප්‍රදේශ වාසී ජනතාව චෝදනා කර සිටිති.

එවන් අවස්ථාවලදී ඔවුන්ට නිවෙස්වල රැඳී සිටිමට පවා නොහැකි තරමේ දුර්ගන්ධයක් පවතින බවත්, ඒ පිළිබදව දිගින් දිගටම නගර සභාවට දැනුම් දුන්නද ඵලක් නොවු බවට එම ජනතාව චෝදනා කරති. ඒඅනුව දිගින් දිගටම විමසිලිමත්ව සිටි හෙයින් (28) වන දා රාත්‍රියේ පුද්ගලයින් තිදෙනෙක් විසින් මහජන වැසිකිළියේ මල අපද්‍ර‍ව්‍ය කාණුපද්ධතියට මුදා හරින අයුරු දක්නට හැකි විය.

ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්ධයක් විහිදුවමින් කාණුවට මුදා හරින අපද්‍ර‍ව්‍ය දික්ඔය ඔයේ ජලයට මුසුවේ. එම අපද්‍රව්‍ය දික්ඔය දිගේ කාසල්රී ජලාශය වෙත ගලා බැසීම ද සිදුවේ. ඒ අතරමග දික්ඔයේ ජලය දුෂණය වනවා සේම එම ඔයේ ජලය පරිහරණය කරන ජනතාගේ සෞඛ්‍යයට මෙන්ම පාරසරික වශයෙන්ද විශාල බලපෑමක් එල්ල වෙමින් පවති.

එමෙන්ම එම කටයුත්තේ නිරතව සිටි පුද්ගලයින් තිදෙනා පැවසුවේ, රුපියල් එක්දහස් පන්සීයයක වැටුපකට මෙම කටයුත්ත සිදුකරන බවයි.  එම වැසිකිළිය බාරව කටයුතු කරන කාන්තාව පවසන්නේ මෙම වැසිකිළි පද්ධතියේ අසුචි එක් රැස්වන වළ පිරී ඇති බව  හැටන්- දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක වරයාට ලිඛිතව දැනුම් දුන් බවත්, ඔහුගේ අනුමැතිය පරිදි මල අපද්‍ර‍ව්‍ය ප්‍ර‍ධාන කාණු පද්ධතියට මුදා හැරිම සිදුකල බවත්ය. එමෙන්ම මෙම වැසිකිළිය හා කැසිකිළිය සඳහා පිවිසෙන ඕනෑම අයෙකුගෙන් රුපියල් 20/- ක මුදලක් අය කිරීමද සිදු කෙරේ.

රාත්‍රියේම එම ස්ථානයට හැටන් පොලිසියේ මුලස්ථාන පොලිස් පරික්ෂක මොහොමඩ් ජෙමිල් මහතාගේ මෙහෙයවිම මත පොලිස් නිලධාරින් පිරිසක්  පැමිණියද එම කම්කරුවන් අත්අඩංගුවට  ගැනිමට නොහැකි වුයේ, කැමරා කරන අතර වාරයේ ඔනුක් පැන ගිය හෙයිනි. ඔවුන්ගේ පාවහන් යුගළක් ,උණුසුම් කබායක් හා විදුලි පන්දමක්,භූමිතෙල් අඩංගු කෑන් එකක් පොලිසිය විසින් රැගෙන ගිය අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා  පැවසිය.

ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍යයට ඇතිවන බලපෑම ගැනද නොසිතා සිදුකෙරෙන මෙම නීති විරෝධී කටයුත්ත හා මහජන සෞඛ්‍ය පරික්ෂක වරයාගේ අනුමැතිය වැනි කරුණු පිළිබඳව හැටන් දික්ඔය නගර සභාවේ ලේකම් එස්.ප්‍රියදර්ශණී මහත්මියගෙන් කළ විමසිමකදී ඇය කියා සිටියේ,  එවන් කටයුත්තක් සිදුකෙරෙන බව නොදන්නා බවත්, ඒ සඳහා මහජන සෞඛ්‍ය පරික්ෂක වරයාගෙන් අනුමැතියක් කිසිසේත්ම නොලැබෙන බවත්ය. එමෙන්ම එම වැසිකිළි පද්ධතිය ඩෙන්ඩර් කර නඩත්තුව හා පවත්වාගෙන යාම වෙනත් පුද්ගලයෙකුට පවරා ඇති බවත්,එක් අයෙකුගෙන් අය කිරීම රුපියල් 10/-ක් ලෙස අනුමත කර ඇති බවත්ය. එමෙන්ම හැටන් නගර සභාවේ ගළි යන්ත්‍රයෙන් මල අපද්‍ර‍ව්‍ය ඉවත් කිරීම නවතා ඇති බවත්, ඊට හේතුව බැහැර කිරිමට ස්ථානයක් නොමැති වීම බවත් පැවසු ලේකම්වරිය වැඩිදුරටත් කියා සිටියේ, හැටන් නගරයේ වැසිකිළියක අපද්‍ර‍ව්‍ය ඉවත් කිරිමට අවශ්‍ය නම් තලවාකැලේ- ලිඳුල නගර සභාවට මුදල් ගෙවා සේවය ලබා ගන්නා ලෙස දැනුම් දි ඇති බවත්ය.

 (මස්කෙළිය-ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

 

IMAGE

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 1759

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 1035

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 3105

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 4178

කසාද බැඳලා දරුවොත් ඉන්න ඇය මේ කතාව කාටවත් කියන එකක් නැහැ

IMAGE 2018 Feb 18 12:57
අද වන තුරු කාටවත් නොකී රස රහසක් මගේ ජීවිතය තුළත් තියෙනවා. ඇත්තටම ඒ රහස මම ඇර තව එක්කෙනයි දන්නේ....
Views - 7179

ලංකාවේ සුපිරි ධනවතාගේ කෝටි 16 මෝටර් රිය

IMAGE 2018 Feb 18 12:00
2015 ජනාධිපතිවරණ සමයේ දේශපාලන වේදිකාවේ බොහෝ දේ කතාබහ කෙරුණි. මිල අධික ලැම්බ්‍රෝගිනි මෝටර් රථද ඒ...
Views - 6325

Please publish modules in offcanvas position.