Coss Ear2
lakbima.lk
COSS Ear 1

නව නීති නොව පවතින නීති හොඳටම ඇති

බැඳුම්කර වංචාව විමර්ශනය සඳහා නව නීති අවශ්‍ය නොවන බවත් පවතින නීති යටතේ එම ක්‍රියාවලිය ආරම්භ කළ හැකි බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ජනාධිපතිවරයාට ලිපියක් මගින් දන්වයි.
මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසන්නේ බැඳුම්කර වංචාව අප රටේ ඉතිහාසයේ සිදුවූ බරපතළම මංකොල්ලය බවයි. ශේ්‍රෂ්ඨාධිකරණයේ දැනට අසුන් ගන්නා විනිසුරුවන් දෙදෙනකුගෙන් සමන්විත ජනාධිපති කොමිසම මගින් ඊට අදාළව චූදිතයන් වූ පිරිස් වැරදිකරුවන් බවට සාක්ෂි ඉදිරිපත් කර ඇතැයි ඒ මහතා සඳහන් කළේය. ඒ අනුව තවදුරටත් වාද කිරීමට දෙයක් නැති බවද හෙතෙම කීය. ඔවුන්ට එරෙහිව වහා නඩු පැවැරිය යුතු යැයි මන්ත්‍රීවරුන් සඳහන් කළේය. ජනාධිපති කොමිසම හමුවේ දක්ෂ ලෙස සාක්ෂි මෙහෙයවූ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නඩු පැවැරීමේ ක්‍රියාවලියෙන් ඉවත් කිරීමෙන් මහජනයාට ලබාදෙන සංඥාව කුමක්ද යන්න විමල් වීරවංශ මහතා මෙහිදී ප්‍රශ්න කරයි.
පසුගිය වසර තුන තුළ රටේ ආර්ථිකයට සිදුවූ විනාශය තව වසර තිහක් ගත වුවද නිවැරදි කිරීමට නොහැකි වන බරපතළ හානියක් බවද ඒ මහතා සඳහන් කරයි. වංචා, දූෂණ මුලිනුපුටා දැමීමේ නාමයෙන් බලයට පත් ජනාධිපතිවරයා ඩිවු ගුණසේකර වාර්තාව යටපත් කිරීම සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරි බවත් මහජන විශ්වාසය දිනා ගැනීමට වංචා දූෂණ සම්බන්ධයෙන් වහා ක්‍රියාමාර්ග ගත යුතු බවත් ඒ මහතා ජනාධිපතිවරයාට දන්වා සිටියි.

තනුජා නානායක්කාර

IMAGE

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 148

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 2525

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1430

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 5793

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 3372

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 5506

Please publish modules in offcanvas position.