Coss Ear2
lakbima.lk
COSS Ear 1

බැඳුම්කර චූදිතයන්ට දඬුවම්දීමට නව නීති කැබිනට් මණ්ඩලයට

බැඳුම්කර කොමිෂන් සභා වාර්තාවේ ඉදිරි කටයුතු ක්‍රියාත්මක කිරීමට අදාළ නීති සම්පාදනය සහ පවතින අණ පනත්වල සංශෝධනවලට අදාළව අවශ්‍ය කෙටුම්පත සකස් කිරීම මේ වනවිට ක්‍රියාත්මක කෙරෙන බවත් ඒවා ඉදිරි සති කිහිපය ඇතුළත කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරෙන බවත් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ නායක රැස්වීමේදී අනාවරණය වී ඇත.
ජනාධිපති කාර්යාලයේදී මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වුණි.මෙම වාර්තාව මත පදනම්ව අදාළ නඩු පැවරීම් සහ රජයට සිදුවූ අලාභය නැවත අයකර ගැනීම සඳහා ගතයුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක්කෙරිණි.ඊට අදාළව මේ වනවිට ක්‍රියාත්මක කරමින් පවතින වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී නීතිපතිවරයා, මහබැංකු අධිපතිවරයා මෙන්ම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කළහ.
කොමිසමේ නිර්දේශවලට අනුව එහි ඉදිරි පියවර සඳහා අවශ්‍ය නව නීති සම්පාදනය සහ පවතින අණ පනත්වල සංශෝධනවලට අදාළව කෙටුම්පත් මේ වනවිට සකසමින් පවතින බවද මෙහිදී සඳහන් කෙරිණි.
අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභා පනත 1994 සිට මේ දක්වා සංශෝධනය වී නොමැති අතර ඊට අදාළ නීති කෙටුම්පත් සකස් කිරීම මේ වනවිට අවසන් අදියරේ පවතින අතර එය ඉදිරි සති කිහිපය තුළ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද සඳහන් කෙරිණි.
කොමිෂන් සභාවේ නිගමනයන් හා නිර්දේශ මත ශ්‍රී ලංකා මහ බැංකුවේ කළයුතු වෙනස්කම්වලට අදාළවද නව සැලැස්මක් මේ වනවිට සකස් කරමින් පවතින බව මහ බැංකු අධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
මහ බැංකු බැඳුම්කර වාර්තාවේ පිටු අඩුවීමක් සිදුව ඇති බවට පළවන අදහස් පිළිබඳවද කරුණු ඉදිරිපත් කරමින් නිලධාරීන් පෙන්වා දුන් එහි පිටු අඩුවීමක් සිදුව නොමැති අතර ඊට අදාළ අනු ලිපි ‍ලේඛන විශාල ප්‍රමාණයක් පවතින බවත් ඒ අතර අදාළ නඩු කටයුතු ක්‍රියාත්මක වන තුරු රහස්‍යභාවය ආරක්ෂා කළ යුතු ලිපි ‍ලේඛන පවතින බැවින් ඒවායේ රහස්‍යභාවය සුරැකීමට සිදුව ඇති බවත්ය.
අදාළ පුද්ගලයන්ට නඩු පැවරීම, රජයට සිදුවූ අලාභය නැවත අයකර ගැනීම සහ කොමිසමේ සියලු නිර්දේශ අඛණ්ඩව, කාර්යක්ෂමව, ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මක වීම පිළිබඳව ජනාධිපති ‍ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් අදාළ අංශ ප්‍රධානීන් සතියකට වරක් ප්‍රගති සමාලෝචන රැස්වීමක් පැවැත්වීමට කටයුතු කරනු ලබන බවද මෙහිදී සඳහන් කෙරිණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂය, ජාතික හෙළ උරුමය, ඊළාම් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා ලිබරල් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා කම්කරු කොංග්‍රසය, ශ්‍රී ලංකා කොමියුනිට්ස් පක්ෂය ඇතුළු පක්ෂ රැසක් නියෝජනය කරමින් පක්ෂ නායකයින් සහ නියෝජිතයින් මීට එක්ව සිටියහ.

පානුක රාජපක්ෂ

IMAGE

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 189

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 2542

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1441

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 5819

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 3398

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 5525

Please publish modules in offcanvas position.