Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ලංකාවේ පස් දෙනකුගෙන් කෙනෙකුට දියවැඩියාව

ජනගහනයෙන් සෑම පස් දෙනෙකුගෙන් එක් අයෙකු දියවැඩියාවෙන් පෙළෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග පාලන ඒකකය සඳහන් කරන බවත් පිළිකාව, හෘද රෝග හා දියවැඩියාව වැනි රෝග හේතුවෙන් සෑම තත්ත්පරයකදීම මිනිසුන් විශාල සංඛ්‍යාවක් මිය යන බවත් ජයවර්ධනපුර රොටරි සමාජයේ සභාපති වෛද්‍ය රුවන් තුෂාර මැටිවලගේ මහතා සඳහන් කරයි.

ඒ මහතා මේ අදහස් පළ කළේ දරුවන් තුළ යහපත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට හුරු කිරීමේ ඉලක්කය වර්ධනය කිරීමේ අරමුණ ඇතිව ජනවාරි 13 සහ 14 යන දෙදින තුළ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වීමට නියමිත අධ්‍යාපනික ප්‍රදර්ශනයක් පිළිබඳ මාධ්‍ය හමුවේදීය.
වෛද්‍ය මැටිවලගේ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

බෝනොවන රෝග ව්‍යසනයෙහි අපේ පරම්පරාවේ අපි කරවටක් ගිලී සිටිනවා. අපි අපේ දරුවන් පවා ඒ ව්‍යසනයට ගිලෙ න්නට හැර බලා සිටිනවා. මේ වන විට අපේ දරුවන්ගෙන්  කොටසක් ‍පෝෂණ ඌණතාවයෙන් මන්ද‍පෝෂණයෙන් පෙළෙනවා. තවත් දරුවන් කොටසක් ස්ථූලභාවයෙන් පෙළෙනවා. ස්ථූලභාවය සහිත දරුවන් අධි රුධිර පීඩනය, හෘද රෝග, පිළිකා හා දියවැඩියාව වැනි බෝනොවන රෝග වැලඳීමේ අවදානම් අභියස සිටිනවා. එවැනි වටාපිටාවක් තුළ එචර Way of Life අපි මේ ප්‍රදර්ශනය පවත්වන්නේ දරුවන් යහපත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට හුරු කිරීමේ ඉලක්ක ඇතිවයි. මේ ප්‍රදර්ශනය තුළින් ඔවුන්ගේ දැනුම හා ආකල්ප සංවර්ධනය කිරීමක් මෙන්ම කායික, මානසික හා සමාජයීය සුව දිවියක් සහිත සමාජයක් සඳහා පරිවර්ථනය කර ගැනීමේ අභිප්‍රාය සහිතවයි මෙම ප්‍රදර්ශනය පවත්වන්නේ.

ශ්‍රී ජයවර්ධනපුර රොටරි සමාජය හා එක්ව ශිරොෂි ගෲප්, ලංකා හීලිං සෝස්, ජාතික ළමා අධ්‍යාපන පදනම හා කොළඹ රාජකීය විද්‍යාලයීය ඉන්ටරැක්ට් සමාජය මෙම ප්‍රදර්ශනය සංවිධානය කරනු ලැබේ.
රොටරි සමාජයේ රෝග නිවාරණ හා ප්‍රතිකාර වැඩසටහන යටතේ ප්‍රධාන දිස්ත්‍රික් ව්‍යාපෘතියක් ලෙස මෙම ප්‍රදර්ශනය ජනවාරි 13 සහ 14 යන දෙදින තුළ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ මිහිලක මැදුර පරිශ්‍රයේදී පැවැත්වෙන අතර 13 වන දින උදේ 10.00ට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතාගේ සහ ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය විවෘත වනු ඇත.

මෙම මාධ්‍ය හමුව සඳහා රොටරි සමාජයේ දිස්ත්‍රික් අධිපති (ශ්‍රී ලංකා මාලදිවයින්) පූජ්‍ය බඳගිරියේ සෝමවංශ හිමි සහ ‍ලේකම් අමල් එදිරිසූරිය යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

ශ්‍රියානි විජේසිංහ

IMAGE

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 1501

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙයි

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 1332

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 1417

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 1579

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 7748

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 5132

Please publish modules in offcanvas position.

X

Right Click

No right click