Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

පක්ෂ නායකයන් කැඳෙව්වානම් ගුටි බැට හුවමාරුවක් නැහැ

මහබැංකු බැඳුම්කර ගනුදෙනුව විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව ඉදිරිපත් කිරීමට ප්‍රමාද බව පක්ෂ නායක රැස්වීමක් කැඳවා දැනුම් දී සභාව නොකැඳවා සිටියේනම් පාර්ලිමේන්තුවේදී වූ අවාසනාවන්ත ගුටි බැට හුවමාරුව නොවීමට ඉඩ තිබුණු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ප්‍රකාශ කළේය.
මහබැංකු බැඳුම්කර කොමිසමේ වාර්තාව ලබන 17 වන විට පාර්ලිමේන්තුවට ලබා දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කථානායක කරු ජයසූරිය මහතාට දැනුම් දී ඇති බවත් එසේ නම් කථානායකවරයා කළ යුතුව තිබුණේ පක්ෂ නායකයන් කැඳවා පෙරේදා පාර්ලිමේන්තුව රැස් නොකිරීම බවත් ඇමැතිවරයා පැවැසීය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විශේෂ ප්‍රකාශයක් කිරීමට අවස්ථා දීම හෝ නොදීම කථානායකවරයාගේ අභිමතය පරිදි සිදුවන්්නක් බැවින් ඔහුගේ අභිමතය පරිදි අගමැතිවරයාට එම අවස්ථාව හිමි වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඊයේ (10) පැවැති මාධ්‍ය හමුවකදී සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය.
එසේ වුවද විශේෂ ප්‍රකාශයක් කළ යුත්තේ කොතැනද? කුමන අවස්ථාවකද? එය තීරණය කිරීම අගමැතිවරයාගේ වගකීමක් බවද සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය.
මහබැංකු බැඳුම්කර කොමිසමේ වාර්තාව ප්‍රසිද්ධියට පත් කිරීමට පෙර කළ යුතු කාර්යයන් කිහිපයක් පවතින බැවින් එහි අන්තර්ගත කරුණු ප්‍රසිද්ධියට පත්වුවහොත් සාක්ෂි වසන් කිරීමේ අවදානමක් පැවැතිය හැකි බව ඇමැතිවරයා පැවැසීය. එම නිසා ඒ සඳහා මූලිකව කළ යුතු කාර්යයන් අවසන් කිරීමෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

කමණී හෙට්ටිආරච්චි

IMAGE

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 1498

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙයි

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 1330

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 1416

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 1578

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 7747

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 5131

Please publish modules in offcanvas position.

X

Right Click

No right click