Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

වසරකට පිළිකා රෝගීහු 25,000ක්

වසරකට පිළිකා රෝගීන් 25,000 ක් පමණ වාර්තා වන අතර ඉන් 500 ක් දරුවන් බවත්, ක්ෂණික ආහාර, ව්‍යායාම නොමැතිකම, වැරදි ජීවන රටාව යනාදිය හේතුවෙන් මේ රෝගයට දරුවන් ගොදුරු වන බවත් ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවැසීය.
කුඩා දරුවකුගේ වයස අවුරුද්දක් වන තෙක් සීනි, ලුණු ලබා නොදීමෙන් එම දරුවන්ට එවැනි ආහාර කෙරෙහි තිබෙන රුචිය අවම කර දියවැඩියාව, හෘදයාබාධ, පිළිකා, වකුගඩු වැනි බෝ නොවන රෝගවලට ඔවුන් ගොදුරු වීමෙන් වළකා ගත හැකි බවද හෙතෙම පෙන්වා දේ.
ලුණු, සීනි නොගත් දරුවන් පැණි බිම, පැණි රස කැවිලි වර්ගවලට වැඩි කැමැත්තක් නොදක්වන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
සීනි වැඩිපුර ගැනීමෙන් දියවැඩියාව ඇතුළු බෝ නොවන රෝග රැසකට දරුවන් ගොදුරුව ඇති බවත් බෝ නොවන රෝග වළකා ගැනීමට නව ක්‍රමවේදයන් සොයාගෙන ක්‍රියාවට නැංවිය යුතු බවත් ඒ මහතා පැවැසුවේය.
වයස අවුරුද්දට අඩු දරුවන්ගේ වකුගඩු හොඳින් වර්ධනය වී නොමැතිකම නිසා ලුණු ආහාර ඔවුන්ට ලබාදීමෙන් පහසුවෙන්ම වකුගඩු රෝගයන්ට ගොදුරු වන්නේ යැයිද ඔහු අවධාරණය කළේය.
මීට අමතරව පාසල්වල දරුවන්ගෙන් බහුතරයක් අධික තරබාරුවට ගොදුරුව ඇති බවත් එළවළු, පලතුරු වැනි ද්‍රව්‍ය වැඩිපුර ආහාර ලෙස ලබාදීමෙන් සහ නිවැරදි ජීවන රටාවන් පුරුදු කිරීමෙන් දරුවන් මේ ලෙඩ රෝගවලින් වළකා ගත හැකි බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
 
ශ්‍රියානි විජේසිංහ
IMAGE

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 173

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙන්නත්...

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 199

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 310

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 457

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 7065

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4635

Please publish modules in offcanvas position.

X

Right Click

No right click