Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

සේදවත්තේ චුට්ටේගේ බිරිඳ අත්අඩංගුවට

ග්‍රෑන්ඩ්පාස්, නාගලම්වීදිය ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන දෙපාර්ශ්වයක් අතර ඇතිවූ ආරවුලක් දුර දිග යාම හේතුවෙන් පෙරේදා (2) සවස සිදුවූ වෙඩි තැබිම සම්බන්ධයෙන් සේදවත්තේ චුට්ටේ නමැත්තාගේ බිරිඳ ග්‍රෑන්ඩ්පාස් ‍පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම වෙඩි තැබිම සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ ආධාර හා අනුබල දීමේ චෝදනාව මතය.
වෙඩි තැබිම කළ සේදවත්තේ චුට්ටේ හා ඔහු හා පැමිණි චතුරංග ඇතුළු පිරිස සොයා ‍පොලීසිය හා විශේෂ කාර්ය බළකාය කණ්ඩායම් කිහිපයක් ඔස්සේ ඊයේ (3) වන විට මෙහෙයුම් ආරම්භ කර තිබුණි.
මත්ද්‍රව්‍ය කටයුතුවල යෙදී සිටින සේදවත්තේ කුඩු චුට්ටේගේ ගෝල පිරිසක් පෙරේදා දින සවස නාගලම්වීදිය පැරණි රේල් පාර අසල ඇති පරෙවි කූඩුව අසලට පැමිණ මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් කිසියම් පුද්ගලයකු සොයා තිබේ. එහෙත් එම අවස්ථාවේ එම පුද්ගලයා එහි සිට නොමැති අතර එහි සිටි තවත් මත්ද්‍රව්‍ය කටයුතුවල යෙදී සිටින පුද්ගලයෙක් වූ රංගන හා ඔහුගේ කණ්ඩායම සමග බහින්බස් වී ඇත. දෙපාර්ශ්වය අතර පහරදීම් වන අවස්ථාවේදී සේදවත්තේ කුඩු චුට්ටේට මෙය සැලවී නාගලම්වීදියට ත්‍රිරෝද රථයකින් පැමිණ තිබේ. එහිදී අවට සිටි පිරිස විසුරුවා හැරීමට ඔහු අහසට මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝලයකින් වෙඩි තබා ඇති අතර එහිදී රංගන නමැත්තා පවසා ඇත්තේ හැකිනම් ඔහුට වෙඩි තබන ලෙසය. එම අවස්ථාවේ චුට්ටේ විසින් රංගන ඇතුළු පිරිසට වෙඩි තබා පලා ගොස් ඇති බව ‍පොලීසිය පවසයි.
මෙම වෙඩි තැබිම සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් ‍පොලීසිය පෙරේදා දින සිට නාගලම්වීදිය ප්‍රදේශයේ පදිංචි ජනතාවගෙන් ප්‍රකාශ ලබාගෙන තිබෙන අතර එහිදී ඔවුන් පවසා ඇත්තේ චුට්ටේ සමග කාන්තාවන් දෙදෙනකුද පැමිණි බවය.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ බුද්ධික රංගන, සංදීප, මොහොමඩ්, හර්ෂ යන සිව්දෙනා තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කර ඇත. එහිදී රංගනට ශල්‍යකර්මයක්ද සිදුකර තිබිණි. නැවත ඊයේ (3) දිනට ඔහුට දෙවැනි වරට ශල්‍ය කර්මයක් කර ඇති බවත් ඔහුගේ උදරයේ දකුණු පසට වෙඩි පහරවල් 3 ක් වැදී තිබෙන බවද රෝහල් ආරංචි මාර්ග පවසයි.
 
ශානිකා මාධවී පීරිස්
IMAGE

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 42

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 196

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 6921

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4539

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 6028

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 6717

Please publish modules in offcanvas position.

X

Right Click

No right click