Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

දිවුලපිටිය හිටපු ඕ.අයි.සී. රිමාන්ඩ්

දිවුලපිටිය ‍පොලීසියෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු බන්ධනාගාරය තුළදී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ දිවුලපිටිය ‍පොලීසියේ එවකට හිටපු ස්ථානාධිපතිවරයා අද (4) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (3) නියෝග කළාය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ දිවුලපිටිය ‍පොලිසියේ වැඩ බලන ස්ථානාධිපතිවරයා වූ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති සුමිත් ප්‍රේමකුමාර යන අයය.
ඉකුත් ඔක්තෝබර් මස බන්ධනාගාරය තුළදී මියගොස් සිටියේ හුණුමුල්ල කොටලියද්ද පදිංචිව සිටි එන්. ඒ. ගාමිණී එඩ්වඩ් නමැති (42) දෙදරු පියෙකි.
මියගිය අය පදිංචිව සිටි වතුයායේ අයිතිකරුගේ ඩී.වී.ඩී. එකක් සොරකම් කළේ යැයි කියන සිද්ධියකට සැකපිට මියගිය අය දිවුලපිටිය ‍පොලීසිය විසින් 2017.10.02 දින අත්අඩංගුවට ගෙන තිබුණි. එසේ අත්අඩංගුවේ සිටි කාලයේදී දිවුලපිටිය ‍පොලීසිය එම සැකකරුට පහරදීම නිසා මියගොස් ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට මීට පෙර කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව දිවුලපිටිය ‍පොලීසියේ රාජකාරි කළ අපරාධ අංශයේ ‍පොලිස් සැරයන්වරයකුද, ‍පොලිස් කොස්තාපල්වරයකුද රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.
ඊයේ (3) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම මරණයට අනුබල දුන් අයකු ලෙස සැකපිට දිවුලපිටිය වැඩ බලන ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී. මියගිය අය අත්අඩංගුවට ගෙන ‍පොලිස් නිලධාරීන් පහරදීමක් කරන බව දැන දැනත් එය වළක්වාලීමට මෙම වැඩ බලන ‍පොලිස් ස්ථානාධිපතිවරයා කටයුතු කර නැතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වන ලදී. මේ අනුව ඔහු සිය රාජකාරිය නිසි අයුරු ඉටු කර නැතැයිද වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.
පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උප ‍පොලිස් පරීක්ෂකවරුන් වන එච්. එම්. කුමාරසිංහ, එච්. එන්. කරුණාදාස, ‍පොලිස් කොස්තාපල් කුමාර යන නිලධාරීන් සමග ‍පොලිස් පරීක්ෂක ජයමහමුදලි මහතා පෙනී සිටියහ.
සැකකාර ‍පොලිස් පරීක්ෂකවරයා වෙනුවෙන් නීතිඥ වසන්ත පිටිය මහතාගේ උපදෙස් මත විකුම්තිලක, ඩිලාන් එන්. ද සිල්වා යන නීතිඥ මහත්වරු සමග නීතිඥ පවිත්‍ර බෝලපගේ මහතා පෙනී සිටියහ.
 
රේමන් අ‍පෝන්සු - මීගමුව
 
IMAGE

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 1485

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙයි

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 1326

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 1408

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 1572

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 7742

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 5129

Please publish modules in offcanvas position.

X

Right Click

No right click