Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

පැන්මූර් වත්තේ දිවියා තවමත් නිදැල්ලේ

හැටන් පැන්මූර් වතුයායේ තේ පඳුරු අතර සැරිසරමින් ඊයේ (02) පස් දෙනෙකුට තුවාල සිදුකළ දිවියා අල්ලා ගැනීමේ මෙහෙයුමක් මේ වන විට නල්ලතන්නි වනජීවි කාර්යාල නිලධාරීන් සහ වතුකම්කරුවන් එක්ව ආරම්භ කොට ඇත.

එහිදී මෙම දිවියා අල්ලා ගැනීමට දැරූ උත්සාහයේ දී ඊයේ (02) සවස තවත් වතුකම්කරුවන් දෙදෙනෙකුට තුවාල සිදුකොට ඇති අතර මේ වන විට තුවාල ලැබූ මුළු සංඛ්‍යාව 07 දෙනෙකු බව වාර්තා වේ.

දැන් කලක සිට ශ්‍රී පාද රක්ෂිතයේ දිවි‍ ගෙවන දිවියන් මෙලෙස වතු ජනාවාස වෙත සංක්‍රමණය වී ඇති මුත් ඔවුන්ගෙන් ජීවිත හානි කිසිවක් සිදුවී ඇති බවක් වාර්තා වී නැත. එහෙත් වතු ජනාවාස වල ජීවත් වන කුකුළන්, එළුවන් සහ සුනඛයන් මෙම දිවියන්ගේ ගොදුරු බවට පත්ව ඇති අතර වතු කම්කරුවන් විසින් අටවන ලද උඟුල් වලට හසුවීමෙන් පසුගිය කාලයේ මෙම දිවියන් සැලකිය යුතු ප්‍රමාණයක් මරණයට පත්වී ඇත.

මෙම දිවියන් වන ජීවීන් බැවින් ‍ඔවුන් ඝාතනය කිරීම සපුරා නීති විරෝධී ක්‍රියාවක් වන අතර එම දිවියන්ගේ සිරුරු රහසිගතව වළ දමන බවත්  එම මළ සිරුරු  වලින් ලබා ගත් දිවි සම් විකිණීමටද ඇතැම් වතු කම්කරුවන් පෙළඹී සිටින බව වාර්තා වේ. එම නිසා දිවියන්ගෙන් මිනිසුන්  සිදුවන හානි වලට වඩා මිනිසුන්ගෙන් දිවියන්ට සිදුවන හානි බරපතල බැවින් ඔවුන් රැක ගැනීම කෙරෙහි පරිසර අමාත්‍යවරයා ඇතුළු බලධාරීන්ගේ කඩිනම් අවධානය යොමු විය යුතු බව පරිසරවේදීහු පෙන්වා දෙති.

කෙසේ හෝ ඊයේ ‍(02) මෙම ප්‍රහාරය සිදු කළ දිවියා මේ වන විටත් අල්ලා ගැනීමට නොහැකි වූ බව වාර්තා වේ.

සහන් සංකල්ප සිල්වා

 

 

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 2466

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2405

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 3913

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 4449

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5280

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3132

Please publish modules in offcanvas position.

X

Right Click

No right click