Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

සුරාබදු සහකාර කොමසාරිස් නිවසට අත්බෝම්බ ප්‍රහාරයක්

සුරාබදු දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් සහකාර කොමසාරිස්වරයාගේ නිවසට ඊයේ (2) අලුයම අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පන්නල ‍පොලීසිය පවසයි.
සුරාබදු දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් සහකාර කොමසාරිස් ලෙස්ලි ජයන්ත රණවීර මහතා මාකඳුර, කෝර‍ලේගම ප්‍රදේශයේ පදිංචිව සිටින අතර දෙමහල් නිවසේ උඩු මහ‍ලේ සිය බිරිඳ හා දරුවා සමග නිදා සිටි අවස්ථාවේ ඊයේ (2) අලුයම 1.00ට පමණ මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.
නිවසේ බිම් මහ‍ලේ ඇති ගරාජය තුළට මෙම අත්බෝම්බය වැටී පිපිරී ගොස් ඇති අතර ඉන් ලෙස්ලි ජයන්ත රණවීර මහතාගේ නිල මෝටර් රථයට හා පෞද්ගලික මෝටර් රථයට හානි සිදුව ඇති බව ‍පොලීසිය පැවැසීය. නිවැසියන්ට මෙම ප්‍රහාරයෙන් හානි සිදුව නොමැත.
මෙම බෝම්බ ප්‍රහාරයෙන් පසුව නිවස ඉදිරිපිට නවතා තිබූ ත්‍රිරෝද රථයක් පණගන්වා ගෙන ගොස් තිබෙන බවට ගරාජයේ නිදා සිටි පුද්ගලයන් දෙදෙනකු ‍පොලීසියට පවසා තිබේ.
මේ පිළිබඳ පන්නල ‍පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක ආර්. කුමාරදාස මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් පරීක්ෂණ සිදුකරන අතර කුලියාපිටිය ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී ඔෂාන් හේවාවිතාරණ මහතා යටතේ විශේෂ කණ්ඩායම් තුනක් විසින්ද පරීක්ෂණ ආරම්භ කර තිබේ.
 
ශානිකා මාධවී පීරිස්, කේ.ඒ. ජයසූරිය - පඬුවස්නුවර
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 5249

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3645

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 5130

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5746

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6564

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 4059

Please publish modules in offcanvas position.

X

Right Click

No right click