Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

‍පොදුජන පෙරමුණේ සමාරම්භාභිෂේකය පැවැත්වේ

ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ සමග සන්ධාන ගතවී පළාත් පාලන මැතිවරණයට තරග වදින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් දේශපාලන පක්ෂවල සමාරම්භාභිෂේකය ඊයේ පස්වරුවේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.
දිවයින පුරා ‍පොහොට්ටුවෙන් තරග වැදී සිටින අපේක්ෂක, අපේක්ෂිකාවන් 8000 කට ආසන්න පිරිසක් මෙම උළෙට සහභාගි වී සිටියහ.
එහිදී මැතිවරණයට ‍පොහොට්ටුවෙන් තරග වැදීමට සන්ධාන ගතවී සිටින දේශපාලන පක්ෂවල නායකයන්ට පළාත් පාලන මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිගන්වන ලද්දේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසිනි.
ඡායාරූපයේ දැක්වෙන්නේ එම ප්‍රතිපත්ති ප්‍රකාශනය අතැතිව පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණේ ප්‍රතිඥාව කියවන ආකාරයයි.
හිටපු ජනාධිපතිවරයා සමග මහාචාර්ය ජී. එල්. පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර, දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, මහාචාර්ය තිස්ස විතාරණ යන පක්ෂ නායකයන් ඇතුළු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා රැලියට සහභාගි වූ පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂක අපේක්ෂිකාවන්ද දැක්වේ.
 
ජයසූරිය උඩුකුඹුර
 
පින්තූර: මලිත් ගමගේ
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 5226

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3636

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 5122

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5741

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6556

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 4053

Please publish modules in offcanvas position.

X

Right Click

No right click