Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

රජයට පාඩමක් ඉගැන්වීමට වෛද්‍ය සංගමය සැරසේ

සයිටම් ගැටලුවේදී රජය එකඟ වූ පරිදි කටයුතු නොකළහොත් ඉදිරි සති දෙක තුළ රජයට අමතක නොවන පාඩමක් උගන්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවා සිටියි.
සයිටම් විරෝධී සටනට සහයෝගය ලබාදුන් සියලුම බලවේගයන් නැවත ඒකරාශී කරමින් නතර කළ සටන නැවත ආරම්භ කරන බවද සංගමයේ ඊයේ (2) කොළඹදී පැවැති මාධ්‍ය හමුවේදී එහි උප ‍ලේකම් නවීන් ද සොයිසා මහතා සඳහන් කළේය.
සයිටම් සිසුන්ට මාස 6ක පුහුණුවකින් පසුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදෙන බවට උසස් අධ්‍යාපන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කරන ලද ප්‍රකාශයන්ට අනුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ක්‍රියා නොකළ යුතු බවත් වෛද්‍ය සභාවේ සභාපතිවරයා ක්‍රියා කළ යුත්තේ සභාවේ මතයට මිස ඔහුගේ පෞද්ගලික මතයට නොවන බවද හෙතෙම පැවැසීය.
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීමට කටයුතු කරන පුද්ගලයන්ගේ වුවමනාව මත වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය මේ වන විට සෞඛ්‍ය ඇමැතිවරයා විසින් බාල්දු කර ඇති බවත් පෙන්වාදෙන වෛද්‍ය නලීන් ද හේරත් මහතා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ඇමැති රාජිතගේ හෝ කිරිඇල්ලගේ න්‍යාය පත්‍රයන්ට අනුව කිසි විටෙකත් ක්‍රියා නොකළ යුතු යැයිද වෛද්‍ය සොයිසා මහතා සඳහන් කරයි.
වෛද්‍ය සභාවේ විධායක සභාව හෙට (4) රැස්වන අතර එහිදී තීන්දු තීරණ රැසක්ම ගැනීමට නියමිත බවත් එම තීන්දු තීරණ සයිටම් ගැටලුව විසඳීම සඳහා ගනු ලබන තීරණාත්මක තීන්දු තීරණ වනු ඇති බවද මාධ්‍ය හමුවේදී සඳහන් කරන ලදී.
 
ශ්‍රියානි විජේසිංහ
fShare
0
IMAGE

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 1488

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 1764

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 3024

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 1612

SMS මිස්කෝල් ෆෙස්බුක් නිසා කාන්තාවන් 26%ක් ගුටිකති

IMAGE 2018 Jan 15 08:37
සැමියා පහරදීම නිසා කාන්තාවන්ගෙන් සියයට විසිහයක් හිංසනයට ලක්ව ඇත්තේ ජංගම දුරකථනවලට එන කෙටි...
Views - 1937

හැන්දෑවට හඩා වැටෙන සියඹලාගසේ භූතයා

IMAGE 2018 Jan 14 13:05
නිකවැරටියට ආසන්න පිටිසරබද ගම්මානයක භූතයකු අරක්ගත් සියඹලා ගසක් පිළිබඳව මීට වසර කිහිපයකට පෙර...
Views - 3508

Please publish modules in offcanvas position.

Web Analytics
X

Right Click

No right click