Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ගංවතුර ආපදා ව්‍යාපෘතියෙන් ලක්ෂ ගණන් පිල්ලි ගහලා

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් ක්‍රියාත්මක කෙරෙන ගංවතුර ආපදා අවම කිරීමේ විශේෂ ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමේදී වසර ගණනක සිට එක් ව්‍යාපෘතියකින් රුපියල් ලක්ෂ ගණනින් ගසා කෑ දැවැන්ත වංචාවක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී තිබේ.
සෑම ව්‍යාපෘතියක් සඳහාම වැයවන මුදලට වඩා වැඩි මුදලක් ඇස්තමේන්තු මුදල ලෙස පෙන්වා ඇති අතර ව්‍යාපෘතිය අවසානයේදී මුළු මුදලට සරිලන බිල්පත් පියවා අදාළ සියලු මුදල් ලබාගෙන ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇත.
මේ පිළිබඳව තොරතුරු අනාවරණය වීමත් සමග කරන ලද සොයාබැලීමකින් පසුව, ගම්පහ දිස්ත්‍රික්කය තුළ පමණක් ක්‍රියාවට නැංවූ ව්‍යාපෘතිවලින්  රුපියල් තිස්නව ලක්ෂ හැත්තෑ දහසක මුදලක් නොගෙවා ඉතිරි කර ගැනීමට හැකියාව ලැබුණ බව, මේ පිළිබඳව ලක්බිම කරන ලද විමසීමකදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ජී.එල්.එස්. සේනාධීර මහතා ප්‍රකාශ කළේය.
දිගින් දිගටම ලැබුණු පැමිණිලි අනුව කරන ලද සොයා බැලීමකදී මේ සම්බන්ධව තොරතුරු දැනගත් බවත්, බොහොමයක් ව්‍යාපෘති ක්‍රියාවට නංවා ඇත්තේ මිනිසුන් පදිංචි නොවෙන පුරන් වී අත්හැර දැමූ වෙල්යායවල්වල පමණක් බවට තොරතුරු අනාවරණය කරගත් බවත් ඒ මහතා කීය.
මිනුවන්ගොඩ ප්‍රදේශයේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතියකදී මෙම වංචාව පිළිබඳව නිශ්චිතව කරුණු තහවුරු කරගැනීමට හැකි වී ඇත. අදාළ ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 52ක මුදලක් ඇස්තමේන්තු කර තිබූ නමුත් ඒ සඳහා සැබෑ ලෙසම වැය වී ඇත්තේ රුපියල් ලක්ෂ 4ටත් අඩු මුදලකි. ව්‍යාපෘතිවලට යොදා ගන්නා යන්ත්‍ර සූත්‍රවල මිල ගණන් අධිකව දැමීමෙන් මෙලෙස ඇස්තමේන්තුගත මුදල ඉහළ නංවා ඇති බවත්, රුපියල් 2500ක් වටිනාකමකින් යුතු යන්ත්‍රසූත්‍ර වියදමක් සඳහා රුපියල් 6000ක පමණ මුදලක් ඇස්තමේන්තුගත කර ඇති බවත් මෙහිදී අනාවරණය කරගෙන ඇත.
අදාළ වංචාව දීර්ඝ කාලයක් පුරා ක්‍රියාත්මක වූයේ කෙසේද ඊට සම්බන්ධ පුද්ගලයන් කවරේද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා මෙම සතිය තුළදීම මේ පිළිබඳ මූලික පරීක්ෂණයක් ආයතනික මට්ටමින් ආරම්භ කරන බවද ජී.එල්.එස්. සේනාධීර මහතා කීය. ඉන් අනතුරුව මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කිරීම සඳහා අදාළ ආයතනවලට යොමු කර, වැරදිකරුවන්ට උපරිම දඬුවම් ලබාදීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය බලා‍පොරොත්තු වේ.
 
ගයත්‍රි ගීගනආරච්චි
IMAGE

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 1490

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙයි

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 1328

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 1412

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 1575

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 7745

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 5130

Please publish modules in offcanvas position.

X

Right Click

No right click