Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

කිරිඇල්ලගේ - රාජිතගේ පදයට නටන්න එපා

සයිටම් ආයතනය තුළ සිටින උපාධිධාරී සිසුන්ට මාස හයක සායනික පුහුණුවක් ලබාදී ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තුළ ලියාපදිංචිය ලබාදීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව එකඟ වී ඇති බවට උසස් අධ්‍යාපන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කරන ප්‍රකාශයන්ගේ සත්‍ය අසත්‍යභාවය වෛද්‍ය සභාව රටට වහාම හෙළිකර යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
සයිටම් ළමුන්ට සාධාරණය ඉටුකළ යුතු බවත් ඒ සඳහා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාගත හැකි උපාධියක් දිය යුතු බවත් සංගමයේ ‍ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
සයිටම් සිසුන්ට උපාධිය ලබාදීමට පෙර තව කොපමණ කාලයක් පුහුණු කළ යුතුද සයිටම් ආයතනය මූලික අංගයන් සම්පූර්ණ කර තිබේද යන්න පිළිබඳ පරීක්ෂණයකර තාක්ෂණ කමිටුවක් මගින් අවශ්‍ය උපදෙස් ලබාගැනීමෙන් අනතුරුව කිරිඇල්ල ඇමැතිවරයාගේ හෝ රාජිත ඇමැතිවරයාගේ න්‍යාය පත්‍රවලට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව කටයුතු නොකළ යුතු බවත් වෛද්‍ය සභාව කටයුතු කළ යුතු වන්නේ ස්වාධීනව බවත් සංගමය පෙන්වා දේ.
යම් හේතුවකින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කරන්නට සූදානම් නම් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එයට විරුද්ධව ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කරන බවද ‍ලේකම්වරයා අනතුරු අඟවා සිටියි.
අප මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතාගෙන් විමසූ කළ ඔහු සඳහන් කළේ කිරිඇල්ල ඇමැතිවරයා කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් තමාගෙන් ප්‍රශ්න නොකරන ලෙසත් තමා ඒ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවත්ය. 
 
ශ්‍රියානි විජේසිංහ 
IMAGE

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 1483

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙයි

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 1325

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 1407

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 1570

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 7741

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 5128

Please publish modules in offcanvas position.

X

Right Click

No right click