Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ඇමෙරිකාවෙන් ජීඑස්පී යළි ගන්න උත්සාහයක්

ඇමෙරිකානු ජීඑස්පී බදු සහන වැඩසටහන යළි බලාත්මක කරවා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රයත්නයන් දරන බව මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය අවධාරණය කර සිටී.
එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලය මෙම බදු සහනය යළි බලාත්මක කිරීමට කඩිනමින් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බවද විශේෂ නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි.
එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලයෙන් මෙම ජීඑස්පී නොහොත් ‍පොදු වරණීය ක්‍රම වැඩසටහන යළි බලාත්මක කිරීම පමා වූ පළමුවැනි අවස්ථාව මෙය නොවන බවද මෙම නිවේදනයේ සඳහන් වේ.
නිවේදනයේ වැඩිදුරටත් මෙසේද දැක්වේ, එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලයෙන් ‍පොදු වරණීය ක්‍රමය යළි බලාත්මක කිරීම පමාවූ පළමුවැනි අවස්ථාව මෙය නොවේ. කෙසේවුවද, මීට පෙර අවස්ථාවන්වලදී. මෙවැනි පමා වීමකින් පසුව වරණීය වැඩසටහන යළි ක්‍රියාත්මක වූ විට, එසේ පමා  වූ කාලය තුළ අපනයනය කරනු ලැබූ අදාළ භාණ්ඩ වෙනුවෙන් අය කළ තීරුබදු, ආනයනකරුවන්ට නැවත ගෙවීම පිණිස අතීතයට බලපාන ආකාරයේ වගන්තියක් ඊට ඇතුළත් කොට තිබේ.
ශ්‍රී ලංකාවේ තනි විශාලතම අපනයන  වෙළෙඳ‍පොළ වන එක්සත් ජනපදයට ශ්‍රී ලංකාවේ සම්පූර්ණ අපනයනවලින් සියයට 27.5කටත් වඩා ප්‍රමාණයක් අපනයනය කෙරෙයි. 2016 දී ශ්‍රී ලංකාව සිය අපනයනවලින් ලැබූ ඇමෙරිකානු ඩොලර් බිලියන 10.3 ක මුළු ආදායමෙන් ඩොලර් බිලියන 2.8ක් උපයා ගනු ලැබූයේ එක්සත් ජනපදයට කළ අපනයනවලිනි. 2017 වසරේ පළමුවැනි මාස 10 තුළ එක්සත් ජනපදයට කළ අපනයනවල වටිනාකම ඩොලර් බිලියන 2.4 ක් විය.
දැනට, මෙම වැඩසටහන යටතේ භාණ්ඩ වර්ග 3.500 කට ආසන්න සංඛ්‍යාවක් තීරුබදු රහිතව එක්සත් ජනපද වෙළෙඳ‍පොළට අපනයනය කිරීමට ශ්‍රී ලංකාවට හැකිය. තෝරාගත් නිෂ්පාදිත අයිතම, ස්වර්ණාභරණ නිෂ්පාදනයේදී භාවිතා කෙරෙන අමුද්‍රව්‍ය, බුමුතුරුණු, තෝරාගත් කෘෂිකාර්මික සහ මත්ස්‍ය නිෂ්පාදන සහ තෝරාගත් රසායනික ද්‍රව්‍ය, ඛනිජ ද්‍රව්‍ය හා කිරිගරුඬ පාෂාණ මෙම භාණ්ඩ අතර වෙයි. කෙසේවුවද, ශ්‍රී ලංකාවෙන් එක්සත් ජනපදයට යැවෙන විශාලතම තනි අපනයන භාණ්ඩය වන ඇඟලුම් මෙම වැඩසටහන යටතේ ලැබෙන ප්‍රතිලාභ වලට හිමිකම් නොකියයි.
 
පැතුම් වික්‍රමරත්න
 
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 4586

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3298

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 4784

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5392

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6217

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3796

Please publish modules in offcanvas position.

X

Right Click

No right click