Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ජෛව - වාණිජ ප්‍රථම ස්ථාන මාතර සුජාතාවට

මෙවර අ.‍පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව, මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ දිලිනි සඳුනිකා පලිහක්කාර ශිෂ්‍යාව ජෛවිය විද්‍යා විෂය ධාරාවෙන් සහ එම විද්‍යාලයේ එස්.ඒ. දුලානි රසන්තිකා ශිෂ්‍යාව වාණිජ විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථාන හිමිකර ගෙන තිබේ.
එමෙන්ම භෞතික අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය යාපනය හාර්ඩ්ලි විද්‍යාලයේ ශ්‍රී ධරන් ද්වාරකන් ශිෂ්‍යයා හිමිකර ගෙන ඇති අතර කලා විෂය ධාරාවෙන් රත්නපුර සද්ධර්මලංකාර පිරිවෙනේ පත්බේරියේ මුනින්දවංශ හිමි ප්‍රථම ස්ථානයට පත්වී ඇත. ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් ප්‍රථම ස්ථානයට පත්ව ඇත්තේ මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ පාරමී ප්‍රසාදි  රන්සිරිනි හෙට්ටිආරච්චි ශිෂ්‍යාවයි. ෙජෙව පද්ධති තාක්ෂණවේදය  විෂය ධාරාවෙන් රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ ලක්ෂිත චතුරංග මැදලගම ශිෂ්‍යා ප්‍රථම ස්ථානයට පත්ව ඇති අතර ‍පොදු විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානයට පත්ව ඇත්තේ කොළඹ දේවිබාලිකා විද්‍යාලයේ හිරුණි ශාක්‍යා අබේතුංග ශිෂ්‍යාවයි.
ඊට අමතරව ෙජෙවීය විද්‍යා අංශයෙන් වෙන්නප්පුව ජෝශප් වාස් විද්‍යාලයේ හසිත ගීත් ගුණසිංහ ශිෂ්‍යා දෙවැනි ස්ථානයත්, කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉෂාන් ශාලුක රාමනායක තෙවැනි ස්ථානයත් හිමිකර ගෙන ඇත.
භෞතික විද්‍යා විෂ ය ධාරාවෙන් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ පමුදිත හිමාන් සෝමරත්න ශිෂ්‍යයා දෙවන ස්ථානය හිමිකර ගෙන ඇති අතර තෙවන ස්ථානය යාපනය සාන්ත පැක්ට්‍රික් විද්‍යාලයේ ආර්.ඩී. ජේ ‍පෝල් ජාන්සන් ශිෂ්‍යයා හිමිකර ගෙන ඇත.
කොළඹ මියුසියස් විද්‍යාලයේ කෞෂල්‍යා සුභාෂිණී දාබරේ ශිෂ්‍යාව සහ කොළඹ සාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ ෆාතිමා අකීලා ඉස්වර් ශිෂ්‍යාව පිළිවෙළින් වාණිජ අංශයේ දෙවැනි හා තෙවැනි ස්ථාන හිමිකර ගෙන තිබේ.
කලා අංශයේ දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ කොළඹ සී.එම්.එස්. බාලිකා විද්‍යාලයේ සහෙලි ආචනා වික්‍රමනායක ශිෂ්‍යාවයි. එම අංශයේ තෙවැනි ස්ථානය රත්නපුර ෆර්ගසන් උසස් බාලිකාවේ දිල්කි සඳුපමා ශිෂ්‍යාව හිමිකර ගෙන ඇත.
ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් කඹුරුපිටිය නාරන්දෙණිය මධ්‍ය  මහා  විද්‍යාලයේ  ප්‍රගති ඉෂාන් මධුශන්ක ශිෂ්‍යා දෙවැනි ස්ථානයටත්, නාරම්මල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයේ පසිඳු ලක්ෂාන් අධිපත්තු ශිෂ්‍යයා තෙවැනි ස්ථානයටත් පත්ව ඇත.
ජෛව පද්ධති තාක්ෂණ වේදය  විෂය ධාරාවෙන් දෙවැනි ස්ථානය හිමිකරගෙන ඇත්තේ තිස්සමහාරාම දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලයේ රමේෂා ශ්‍රීමාලී ශිෂ්‍යාව වන අතර යාපනය වෙම්බඩි උසස් බාලිකාවේ කම‍ලේෂ්වරී සෙන්දිල්නාදන් ශිෂ්‍යාව තෙවැනි ස්ථානය හිමිකර ගෙන ඇත.
‍පොදු විෂය ධාරාව යටතේ කොළඹ රාජකීය විද්‍යාලයේ ශවීන් භාෂිත තිලකරත්න ශිෂ්‍යයා සහ කඳාන ද මැසනඩ් විද්‍යාලයේ දියොල් බ්‍රැන්ඩන් ඇන්ටනී බයිනස් ශිෂ්‍යයා පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකර ගෙන තිබේ.
මෙවර උසස් පෙළ විභාගය සඳහා අයැදුම්කරුවන් දෙලක්ෂ පනස් තුන්දහස් හාරසීය අසූ තුන්දෙනෙක් පෙනී සිට ඇති අතර ඉන් එක් ලක්ෂ හැටතුන් දහස් එකසිය හතර දෙනෙක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇත.

ගයාත්‍රි ගීගනආරච්චි

IMAGE

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 167

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙන්නත්...

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 196

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 302

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 452

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 7063

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4633

Please publish modules in offcanvas position.

X

Right Click

No right click