Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ජනපති කඩුව අතට ගනී කවුද කැපෙන්නේ?

රටේ අනාගතය වෙනුවෙන් පිරිසිදු දේශපාලනයක් බිහිකිරීමට ගෙන යන වැඩ පිළිවෙළ තුළ තමාගේ කඩුවට කවුරුන් වුවත් කැපී යා හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.රටේ බලයත්, ගමේ බලයත් නිදහසට යන තේමාව මුල් කරගනිමින් එළඹෙන පළාත් පාලන මැතිවරණය උදෙසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ප්‍රකාශයට පත්කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පැවැසීය.
කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම උත්සවය පැවැත්වුණි.
ශ්‍රී ලංකා අමරපුර සංඝ සභාවේ මහානායක කොටුගොඩ ධම්මාවාස නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය සහ සර්ව ආගමික පූජකවරුන් මෙම උත්සවයට වැඩම කර සිටියහ. ඔවුහු ප්‍රථමයෙන් සර්ව ආගමික වතාවත් සිදුකළහ.
අනතුරුව ජනාධිපතිවරයා විසින් පළාත් පාලන මැතිවරණය උදෙසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් එළිදැක්වූ ප්‍රතිපත්ති ප්‍රකාශනය ශ්‍රී ලංකා අමරපුර සංඝ සභාවේ මහානායක කොටුගොඩ ධම්මාවාස නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නයට හා සෙසු ආගමික නායකයන් වෙත පිළිගැන්වූහ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ජනතාව වෙත ප්‍රතිඥාව හා දිවුරුම් ප්‍රකාශ නිකුත් කිරීම අනතුරුව සිදුවිය. නිදහසේ සම්මුතිය ලෙස නම්කර තිබූ එම ප්‍රකාශනය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ‍ලේකම් මහින්ද අමරවීර මහතා විසින් ඉදිරිපත් කළ අතර ජනාධිපතිවරයා ඇතුළු සියල්ලෝම දකුණු අත දිගු කරමින් එම ප්‍රතිඥාව ප්‍රකාශයට පත් කළහ.
මෙවර පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහය ලබාදෙන දේශපාලන පක්ෂ හා සංවිධාන 31 ක නියෝජිතයෝ මේ සඳහා එක්ව සිටියහ.
භගවත් ගීතාවලියේ මෙසේ සඳහන් වන බව මම අසා තිබෙනවා. මගේ කඩුවට කැපෙන්නේ මගේ ඥාතීන්ද, මිත්‍රයන්ද, කවුරුන්ද දන්නේ නැහැ. එහෙත් ඔවුන් සියල්ලෝම කැපී යා හැකියි. මට කියන්නට තියෙන්නේ මොන පක්ෂයේද, මොන වර්ණයේද, කාගේද, මගේ ඥාතීන්ද, කවුරුද කියන ප්‍රශ්නය නැහැ. පිරිසිදු පවිත්‍ර දේශපාලන ව්‍යාපාරයක් සඳහා කවුරු කැපෙයිද කියලා තමාට කිව නොහැකි බව ජනාධිපතිවරයා පැවැසීය.
ගමේ ආණ්ඩුව, නගරයේ ආණ්ඩුව හදන කොට මෙම මැතිවරණය තුළ රටට ආදරය කරන, දූෂණය, වංචාව නොමැති පිරිසිදු දේශපාලනඥයන් බලයට ගෙන එන්න සියලු දෙනාම කැපවිය යුතු බවද ජනාධිපතිවරයා පැවැසීය. අපිට දැන් ලොකු තැන් හදන්න අමාරුයි. එනිසා ‍පොඩි තැනින් පටන් ගත යුතුයි. ප්‍රාදේශීය සභාව, නගර සභාව තුළින් අපි මෙම දූෂණයෙන් තොර, ජනතාවාදී නව දේශපාලන සංස්කෘතිය බිහිකිරීමට පටන් ගත යුතු බවද මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් පැවැසීය.

පානුක රාජපක්ෂ

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 2461

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2402

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 3911

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 4447

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5278

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3130

Please publish modules in offcanvas position.

X

Right Click

No right click