Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

මෙවර උසස් පෙළින් 64 % කට සරසවි සුදුසුකම්

AL

අද (28) අළුයම නිකුත් වූ ප්‍රතිඵල වලට අනුව මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසුන්ගෙන් 163,104 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා මූලික සුදුසුකම් ලබා තිබේ.
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පසුගිය අගෝස්තු මස 08 වනදා සිට සැප්තැම්බර් මස 02 දා දක්වා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2230කදි පැවැත්වූණි. විභාගය සදහා පෙනී සිටි අපේක්ෂකයින් සංඛ්‍යාව 253,483 ක් වේ. මෙවර සරසවි සුදුසුකම් ලැබූ සිසුන් සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස 64 %කි


අදාළ ප‍්‍රතිපඵල අනුව ජීව විද්‍යා අංශයේ ප‍්‍රථම ස්ථානය මාතර සුජාතා විද්‍යාලයේ දිලිනි සඳුනිකා පලිහක්කාර ශිෂ්‍යාව විසින් හිමි කරගෙන ඇත. දෙවන ස්ථානය වෙන්නප්පුව ජෝසප් වාස් මධ්‍ය මහා විද්‍යාලයේ හසිත ගීත් ගුණසිංහ ශිෂ්‍යාට හිමිවී තිබේ. කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉෂාන් ශාලුක රාමනායක සිසුවා එම විෂය ධාරාවේ තෙවන ස්ථානයට පත්ව ඇත.
යාපනය හාර්ඩ්ලි විද්‍යාලයේ ශ‍්‍රීධරන් දුවාරකන් සිසුවා භෞතික විද්‍යා විෂය ධාරාවේ ප‍්‍රථම ස්ථානයට පත්ව ඇති අතර. එම විෂය ධාරාවේ දෙවන ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ පමුදිත හිමාන් සෝමරත්න සිසුවා විසින් හිමිකර ගෙන ඇත. තෙවන ස්ථානයට පත්ව ඇත්තේ යාපනය සාන්ත පැට‍්‍රික් විද්‍යාලයේ ජෙයරාජන් පෝල් ජාන්සන් සිසුවායි.
වාණිජ අංශයේ දිවයිනේ පළමු තැන මාතර සුජාතා විද්‍යාලයේ දුලානි රසන්තිකා ශිෂ්‍යාවට හිමිව ඇත. කොළඹ සාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ ෆාතිමා අකීලා ඉස්වර් ශිෂයාව විසින් වානිජ විෂය ධාරාවේ දෙවන ස්ථානය හිමිකරගෙන ඇත. කොළඹ මියුසියස් විද්‍යාලයේ කෞෂල්‍යා සුභාෂිනී දාබරේ සිසුවිය තෙවන ස්ථානය හිමිකර ගෙන තිබේ.


කලා විෂය ධාරාවේ පළමු ස්ථානය රත්නපුර සද්ධර්මාලංකාර පිරිවෙනේ පූජ්‍ය පත්බේරියේ මුනින්දවංශ හිමි විසින් ලබා ගෙන ඇති අතර දෙවන ස්ථානය කොළඹ සී.එම්.එස් බාලිකා විද්‍යාලයේ සහේලි ආචනා වික‍්‍රමනායක සිසුවිය ලබා ඇත. තෙවන ස්ථානය හිමිව ඇත්තේ රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලයේ දිල්කි සදූපමා ශිෂ්‍යාවටයි.

ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයෙහි පළමුතෙැත හිමිකරගෙන ඇත්තේඇත්තේ රත්නපුර සීවලී මධ්‍යමහා විද්‍යාලයේ ලක්ෂිත චතුරංග සිසුවාය. දෙවන ස්ථානය දෙබරවැව මධ්‍යමහා විද්‍යාලයේ රමේෂා ශ‍්‍රීමාලි සිසුවිය විසින් හිමිකරගෙන තිබේ. එම අංශයේ තෙවන ස්ථානය ලබාගෙන ඇත්තේ යාපනය වෙම්බඩි උසස් බාලිකා විද්‍යාලයේ කමලේෂ්වරී සෙන්දිල්නාදන් සිසුවියයි.
පොදු විෂය ධාරාවේ පළමු තැනට කොළඹ දේවිබාලිකා විද්‍යාලයේ හිරුණි ශාක්‍යා අබේතුංග සිසුවිය ලබාගෙන ඇති අතර දෙවන හා තෙවන ස්ථාන පිළිවෙළින් කොළඹ රාජකීය විද්‍යාලයේ ශවීන් භාෂිත තිලකරත්න සහ කඳනා ද මැසනඩ් විද්‍යාලයේ බ‍්‍රැන්ඩන් ඇන්ටනී බයිනස් යන සිසුන් විසින් හිමිකරගෙන තිබේ.
 

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 4590

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3299

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 4785

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5393

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6219

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3797

Please publish modules in offcanvas position.

X

Right Click

No right click