Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

“නිය‍පොත්තා” බුදු ගුණ අසා දණ නමයි

හොරොව්‍පොතාන ලබුඇට බැන්දගල පිහිටි හේන් යායේ ගසක් උඩට වී බඩඉරිඟු හේන රකිමින් සිටි ගොවියෙකුට පහරදීමට පැමිණි නිය‍පොත්තා නම් දරුණු අලියා ඉතිපිසෝ ගාථාව කියා මෙල්ල කර දිවි බේරා ගැනීමේ පුවතක් හොරොව්‍පොතානෙන් වාර්තා විය.
හොරොව්‍පොතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ ආරක්ෂිත වැට බිඳීමෙන් අනතුරුව ගම්වැදී සිටින දරුණු වන අලින් අතර සිටින නිය‍පොත්තා නමින් හඳුන්වන ප්‍රචණ්ඩ වන අලියා මොරගොඩ ලබුඇට බැන්දගල බඩ ඉරිඟු හේන් යායට පසුගිය සතියේ සිට දැවැන්ත ප්‍රහාර එල්ල කරමින් සිටින අතර මේ වනවිට එම ප්‍රහාර හමුවේ එක් ගොවියෙකුගේ දිවි අහිමි වී තවත් ගොවියෙකු බරපතළ තුවාල ලබා තිබේ.
කොතරම් වන අලි ප්‍රහාර එල්ලවුවත් කන්න කිහිපයකට පසුව වගාකළ බඩඉරිඟු හේන් වගාව රැක ගැනීම සඳහා ඇතැම් ගොවීන් රාත්‍රියට ලබු ඇට බැන්දගල හේන්යායට යාම අත්හැර නැති බව වාර්තා විය. පෙරේදා (26) දිනයේත් සුපුරුදු පරිදි වනිගරත්නම් ගොවි මහතා පැල් රැකීම සඳහා හේනට ගොස් ඔහු විශාල කුඹුක් ගසක් උඩ ඉදිකර තිබෙන පැලට නොයා ඒ ආසන්නයේ පිහිටි වෙනත් විශාල ගසක් උඩට වී හේන ආරක්ෂා කිරීමේ කාර්යේ නිරත වී තිබේ.
සුපුරුදු පරිදි බඩඉරිඟු හේන්යාය විනාශ කිරීමට පැමිණ ඇති නිය‍පොත්තා කුඹුක් ගස උඩ තිබූ පැළ බිමට කැඩී වැටෙන තුරුම ගසට පහර දී තිබේ. එම දර්ශනය දුටු වනිගරත්න ගොවි මහතා බියෙන් ගැහෙමින් ගස උඩට වී ඉතිපිසෝ ගාථාව 25 වතාවක් කියද්දී නිය ‍පොත්තාට අසල වූ ගස උඩ කිසිවෙකු සිටින බව ඉවෙන් දැනී එම ගසට පහරදීමට ඊයක බදු වේගයෙන් පැමිණ තිබේ.
මරණ බියෙන් ගැසෙමින් සිටි ගොවියා හඬ නගමින් ඉතිපිසෝ ගාථාව කියද්දී බඩඉරිඟු යාය ‍පොඩි කරමින් වේගයෙන් පැමිණි නිය‍පොත්තා එකතැන නතර වී දණ ගසාගෙන ස්වල්ප මොහොතක් සිට ඇති අතර ඉන් ප්‍රයෝජනය ගත් ගොවියා ගසෙන් බිමට බැස කෑගසමින් ගම්මානයට දිවගොස් දිවි බේරාගෙන තිබේ.
නිය‍පොත්තා ගොවියා පසුපස පැමිණියත් ගම්මානයේ පදිංචි පිරිස් අලි වෙඩි දමා කෑකෝ ගසා ප්‍රචණ්ඩ වන අලියාව මෙල්ල කර කැලයට හරවා යැවීමට සමත් වී තිබුණි.
 
අනුරාධපුර- බුද්ධික මහේෂ් විජේසූරිය
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 4591

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3299

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 4785

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5393

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6219

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3797

Please publish modules in offcanvas position.

X

Right Click

No right click