Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

විසිපන්දහසේ වාහන දඩය තවත් ප්‍රමාදයි

රථවාහන වැරදි පහක් සඳහා රුපියල් විසිපන්දහසක දඩයක් අයකිරීම තවදුරටත් ප්‍රමාද වී ඇත්තේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව ඊට අදාළ නීතිමය රාමුවන් මේ වනතෙක් දැනුම් දී නොමැති නිසා බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති සිසිර කෝදාගොඩ මහතා පැවැසීය.
මෙම දඩ මුදල අය කිරීම පිළිබඳව අවශ්‍ය සියලුම ක්‍රියා පිළිවෙත් සකස් කර එය මීට මාස දෙකකට පෙර නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමු කළ බවද හෙතෙම කීවේය. එම දෙපාර්තමේන්තුවෙන් මේ පිළිබඳව කිහිප විටකදීම ඉල්ලීම් කළත් නිසි ප්‍රතිචාර නොලැබුණු බවද ඔහු කීය.
නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවෙන් මීට අදාළ අවසරය ලද විගස මෙම දඩ මුදල් අය කිරීම ගැසට් මගින් ප්‍රකාශයට පත්කරන බවද සිසිර කෝදාගොඩ මහතා පැවැසීය.
බිමතින් රිය පැදවීම, රියැදුරු බලපත්‍රය, රක්ෂණ සහතිකය හා ආදායම් බලපත්‍රය නොමැතිව රිය ධාවනය, අවුරුදු දහඅටට අඩු පුද්ගලයන් සඳහා රිය පැදවීමට අවසර දීම සහ දුම්රිය හරස් මාර්ගයක් හරහා අපරික්ෂාකාරී ලෙස වාහනය ධාවනය කරවීම යන වැරදි සඳහා මෙම විසිපන්දහසේ දඩ මුදල අයකිරීමට නියමිතය.
 
පානුක රාජපක්ෂ
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 5211

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3628

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 5111

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5732

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6549

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 4048

Please publish modules in offcanvas position.

X

Right Click

No right click