Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ ගැටලු විසඳන්න ජනපතිගෙන් කමිටුවක්

ප්‍රාදේශීිය මාධ්‍යවේදීන්ගේ වෘත්තීය ගැටලු පිළිබඳ සොයා බලා ඒවාට දිය හැකි විසඳුම් පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (27) විශේෂ කමිටුවක් පත්කරනු ලැබිය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම උපදෙස් දුන්නේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ වෘත්තීය  ගැටලු පිළිබඳව ඊයේ (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදීය.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්, කම්කරු කොමසාරිස් ජනරාල් සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ‍ලේකම්වරයකුගෙන් සමන්විත මෙම කමිටුව සිය වාර්තාව මාස තුනක් ඇතුළත තමා වෙත ඉදිරිපත් කළයුතු බවද ජනාධිපතිවරයා නිලධාරීන් වෙත මෙහිදී උපදෙස් දුන්නේය.
ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ  වැටුප් සහ දීමනා පිළිබඳ ගැටලුව මෙහිදී විශේෂ අවධානයට යොමු කෙරුණු අතර මාධ්‍යකරණයේදී ඔවුන් මුහුණ පා ඇති සෙසු ගැටලු පිළිබඳවද අවධානය යොමු කෙරිණි.
එමෙන්ම පසුගියදා පැවති මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ හය වන නියෝජිත සමුළුවේදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලද සංදේශයේ ඇතුළත් කරුණු පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් විය.
රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතාද, ජනාධිපති ‍ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ‍ලේකම් ආචාර්ය ආර්. එච්.එස්. සමරතුංග, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් සුදර්ශන ගුණවර්ධන, කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති කරුණාරත්න ගමගේ, ප්‍රධාන ‍ලේකම් ධර්මසිරි ලංකාපේලි යන මහත්වරුන් ඇතුළු එහි නියෝජිත පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
 
පානුක රාජපක්ස
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 2462

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2403

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 3912

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 4448

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5279

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3131

Please publish modules in offcanvas position.

X

Right Click

No right click