Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

අපේක්ෂකයන්ට විශේෂ නීති මාලවක්

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වූ අපේක්ෂකයන්ට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති විශේෂ නීති මාලාවක් හඳුන්වා දී තිබේ.
ඒ අනුව එක කොට්ඨාසයකට එක් පක්ෂයකින් පිහිටුවිය හැකි වනුයේ එක් මැතිවරණ කාර්යාලයක් පමණි. එමෙන්ම ‍පෝස්ටර්, කටවුට්, බැනර් තබාගත හැකිවනුයේ අපේක්ෂකයාගේ වාහනය තුළ පමණි. වාහනයක් නොමැති නම් අපේක්ෂකයාගේ නිවස තුළ තබාගැනීමේ හැකියාව තිබේ. නීත්‍යානුකූලව පවත්වන රැස්වීම් භූමියකද ‍පෝස්ටර් කටවුට් බැනර් ප්‍රදර්ශනය කිරීමේ හැකියාව තිබේ. එහෙත් යම් පක්ෂයක් හෝ අපේක්ෂකයෙක් වෙනුවෙන් නීතිවිරෝධී ‍පෝස්ටර් ඇලවීමේ කටයුතුවල නිරත වුවහොත් පළමුව අත්අඩංගුවට ගනු ලබනුයේ ‍පෝස්ටර් ළඟ තබාගන්නා පුද්ගලයාය.
නීතිවිරෝධී කටවුට්, බැනර්, ‍පෝස්ටර් ඉවත් කිරීමේ කටයුතු සඳහා මේ වන විට දිවයින පුරා ‍පොලිස් ස්ථානවල කම්කරුවන් 1041ක් බඳවාගෙන තිබේ. එය ප්‍රමාණවත් නොවේනම් ඉදිරියේදී තවත් කම්කරුවන් බඳවාගැනීමටද ‍පොලීසියට බලය දී තිබේ.
මැතිවරණ කාල සීමාව තුළ සමෘද්ධි රැස්වීම් පැවැත්වීම නතර කිරීමටද මෙම කාලසීමාව තුළ සමෘද්ධි රැස්වීම් පැවැත්වුවහොත් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමටද මෙහිදී තීරණය කර ඇත. මෙම මැතිවරණ කාලසීමාව තුළ නිවාස ණය ලබාදීමේ කටයුතුද තාවකාලිකව නතර කිරීමටත් එම කටයුතු පෙබරවාරි මස 15 වැනිදායින් පසුව සිදුකිරීමටත් තීරණය කර තිබේ. මෙවර ‍පොලිතින් භාවිතය අවම කරන මැතිවරණයක් පැවැත්වීමටද මෙහිදී සාකච්ඡා කර ඇත. විශේෂයෙන්ම මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ගෙයින් ගෙට යාමේදී යාහැකි පුද්ගලයින් ප්‍රමාණය දහයකට සීමා කිරීමද මෙහිදී තීරණය කරනු ලැබිය. ඊට වැඩි පිරිසක් සහභාගි වුවහොත් අත්අඩංගුවට ගැනීමට මෙහිදී ‍පොලීසියට බලය පැවැරී ඇත. 
මෙම නීති ප්‍රකාශයට පත් කළේ මැතිවරණ කොමිසමේ සභාපති හා දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර ඊයේ (27) රාජගිරිය මැතිවරණ ‍ලේකම් කාර්යාලයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදීය. මෙම සාකච්ඡාව සඳහා දේශපාලන පක්ෂ නියෝජිතයින්, පරිපාලන හා මැතිවරණ සම්බන්ධ ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා, ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති රවි විජේගුණවර්ධන මහතා හා ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රුවන් ගුණසේකර මහතාද සහභාගි වූහ.
 
තනූජා නානායක්කාර
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 5222

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3634

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 5117

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5740

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6555

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 4052

Please publish modules in offcanvas position.

X

Right Click

No right click