Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ආගමන විගමන නිලධාරියෝ පළමු වරට සටනට සැරසෙති

ශ්‍රී ලංකා ආගමන හා විගමන සේවාවේ  වසර ගණනාවක් තිස්සේ නොවිසඳී පවතින ගැටලුවලට විසඳුම් නොදුන්නොත්, මෙම මස 30දායින් පසු වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමයේ සභාපති අරුණ කලුගල මහතා පැවැසීය.
ඒ මහතා මේ බව පැවැසුවේ ජාතික පුස්තකාල හා ප්‍ර‍ලේඛන සේවා මණ්ඩල සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (27) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. ඔවුන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන පළමු අවස්ථාව මෙය වේ.
එහිදී සභාපති අරුණ කලුගල මහතා මෙසේද පැවැසීය.
දශක දෙකක කාලයක් තිස්සේ රටේ සුබසාධනය වෙනුවෙන් කළ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් නොදැක් වූ නිසා අපි මේ වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්න තීරණය කළා. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස සේවයට එක්වන අපට එම තනතුරේම විශ්‍රාම ගන්න සිදුවෙලා තියෙනවා. ක්‍රමවත් උසස් වීම් ලබා දෙන සේවා ව්‍යවස්ථාවක් ස්ථාපිත කළ යුතුයි. අපි මේ ගැන කිහිපවරක්ම රජය සමග සාකච්ඡා කළා. නමුත් කිසිම ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ. මැයි මාසයේදී ජනාධිපතිතුමාවත් මේ ගැන දැනුවත් කළා. සේවා ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීමට රාජ්‍ය සේවක සභාව, වැටුප් කොමිෂන් සභාව අනුමැතිය දීලා නැහැ.
ශ්‍රී ලංකාව ආවරණය වන පරිදි 394 අනුමත තනතුරුවල ඉන්නවා. නමුත් උසස්වීම් සංඛ්‍යාව 10 යි තියෙන්නේ. නියෝජ්‍ය පාලක තනතුරු 07ක් තියෙනවා. තනතුරු දෙකක් තවමත් පුරප්පාඩු තියෙනවා. 2008, 2011, 2012 යන වර්ෂවල විශාල නිලධාරීන් පිරිසක් බඳවා ගත්තා. ඔවුන්ටත් එම තනතුරේම විශ්‍රාම යන්න සිදුවෙනවා. 
දෙපාර්තමේන්තුවේ නඩු පැවැරීමේ අංශය 2002 වෙනතුරු අපේ දෙපාර්තමේන්තුව යටතේ   පැවැතුණා. නමුත් දැන් එය පවතින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ. එම  නඩු පැවැරීමේ අංශය නැවත ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ස්ථාපිත කළ යුතුයි.
එමෙන්ම විදේශීය දූත මණ්ඩලවලට ආගමන විගමන නිලධාරීන් අනුයුක්ත කරලා නැහැ. මේ නිසා රටට පැමිණෙන හා විදේශ ගතව සිටින අපේ ශ්‍රී ලාංකිකයන්ට ගැටලු රැසක් මතුවෙලා තියෙනවා. මේ නිසා විදේශීය දූත මණ්ඩලවලට ආගමන හා විගමන නිලධාරීන් අනුයුක්ත කළයුතුයි.
මෙම අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලටද ඒ මහතා පිළිතුරු ලබා දුන්නේය.
 
ප්‍රශ්නය - මොකද්ද ගන්න වෘත්තීය ක්‍රියාමාර්ගය?
පිළිතුර - කළු පටි පැලඳගෙන රාජකාරියට වාර්තා කිරීම. විරෝධතා උද්ඝෝෂණ කරනවා, මහජනතාව මගින් දැනුවත් කිරීම් කරනවා
 
ප්‍රශ්නය - වැඩවර්ජනයක නිරත වෙනවාද?
පිළිතුර - අපි කරන සේවයත් එක්ක වැඩවර්ජන කිරීමේ ගැටලුවක් තියෙනවා. නමුත් ඉල්ලීම් ඉටු නොවුණහොත් එවැනි ක්‍රියාමාර්ගයකට යනවා. වැටුප් කොමිෂන් සභාව අපට ස්ථීර විසඳුමක් දෙන්නේ නැහැ.
මෙම මාධ්‍ය හමුවට උප සභාපති ඩී.එස් මුදලිගේ, ‍ලේකම් ඩබ්ලිව්. ඒ. ඒ. ඩී. බුද්ධික හා උප ‍ලේකම් කේ. කේ. ජී. ජේ.  බණ්ඩාර යන මහත්වරු සහභාගි වූහ.
 
ප්‍රසාදිකා ජයවර්ධන
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 5221

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3632

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 5117

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5740

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6555

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 4052

Please publish modules in offcanvas position.

X

Right Click

No right click