Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

වවුනියාවේ ව්‍යාපාරිකයෙක් පැහැරගෙන කප්පම් ඉල්ලලා

ඉල්ලා ගත් මුදලක් ආපසු නොගෙවීම සම්බන්ධයෙන් උරණ වී දෙමළ ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂ 15 ක කප්පම් මුදලක් ලබාගැනීමට තැත් කළ පුද්ගලයන් තිදෙනෙක් ඊයේ (27) වව්නියාව ‍පොලීසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වව්නියාව හා පලෙයි යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 27-45 ත් අතර පසුවන පුද්ගලයන් තිදෙනෙකි.
වව්නියාවේ පදිංචි ව්‍යාපාරිකයකු කිසියම් පිරිසක් පැහැරගෙන ගොස් ඇති බවට ඔහුගේ සහෝදරයකු ඉකුත් 17 දා වව්නියාව ‍පොලීසියට පැමිණිලි කර ඇත. මෙම පුද්ගලයා නිතර නිතර යුක්රේනය බලා පිටත්ව යන අතර එසේ ගොස් නැවත දිවයිනට පැමිණ වව්නියාව බලා එමින් සිටියදී පැහැර ගැනීමට ලක්ව තිබේ. 
පැහැරගත් පිරිස මොහු මුදා හැරීමට නම් රුපියල් ලක්ෂ 15 ක මුදලක් අවශ්‍ය බවට ඥාතීන්ට දැනුම් දී ඇත. මේ පිළිබඳව ‍පොලීසිය පරීක්ෂණ කරමින් සිටියදී පැහැර ගැනීමට ලක්වූවා යැයි පැවැසෙන පුද්ගලයා පෙරේදා (26) ‍පොලීසිය වෙත පැමිණ තිබේ.
ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඔහු ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් පැහැරගෙන ගොස් පලෙයි ප්‍රදේශයේ නිවසක රඳවා සිටි බවත්, කප්පම් මුදල ලබාදීමට ප්‍රමාද වූ බැවින් එම මුදල් පසුව ලබාදෙන බවට ‍පොරොන්දු කරවාගෙන ලිපියකට අත්සන් ගෙන කිලිනොච්චිය ප්‍රදේශයේදී දමා ගිය බවත්ය.
ඔහුගේ තොරතුරු මත මීට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ මෙම පුද්ගලයා ඔවුන්ගෙන් ණය මුදල් ලබාගෙන ඇති බවත් පසුව එය නොදී මගහැරීම නිසා මෙසේ පැහැරගෙන මුදල් ලබාගැනීමට තැත් කළ බවය.
සැකකරුවන් ඊයේ වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර ඇප මත මුදා හැර ලබන මස 4 වැනි දිනට නඩුව කල් තබා තිබේ. වව්නියාව ‍පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
 
ශානිකා මාධවී පීරිස්
IMAGE

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 18

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 160

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 6903

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4532

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 6017

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 6702

Please publish modules in offcanvas position.

X

Right Click

No right click