Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනයට ප්‍රංශයෙන් යුරෝ මිලියන13.9ක ණයක්

වසර 45කට වඩා දිවෙන ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර සංවර්ධන සහයෝගීතාවය සංකේතවත් කරමින් ශ්‍රී ලංකාවේ කුඩා ප්‍රමාණයේ කිරි සැකසීමේ මධ්‍යස්ථාන 6 ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිම සඳහා යුරෝ මිලියන 13.9 ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 2514 ක්) සහනදායී ණය මුදලක් ශ්‍රී ලංකාව වෙත ලබාදීමට ප්‍රංශ  රජය එකඟතාවය පළකර ඇත.

යෝජිත ව්‍යාපෘතිය මගින් දිනකට පැස්ටරීකරණය සහ ජීවානුකරණය කරන ලද කිරී ලීටර් 4,500ක් පමණ නිෂ්පාදනය කළ හැකිවන පරිදි පූර්වයෙන් තෝරා ගන්නා ලද කුඩා පරිමාණයේ කිරි නිෂ්පාදන සැකසීමේ සමූපකාර සමිති සහ සංවිධාන 6 ක් නවීන උපකරණ ස්ථාපනය කිරීම මඟින් පූර්ණ ලෙස නවීකරණය කිරීමට අපේක්ෂිතය. අදාල නවීන උපකරණ මගින් ඉහළ ගුණත්වයේ කිරි ආශ්‍රිත නිපැයුම් නිෂ්පාදනය කිරීමට හැකිවනු ඇති අතර අදාල ක්‍රියාවලිය පරිගණක ආශ්‍රයෙන්  නිරික්ෂණයටද හැකියාව ලැබෙනු ඇත. ඊට අමතරව,අභිජනන ක්‍රියාවලිය වැඩිදියුණු කිරීමේ අරමුණින් ප්‍රංශයේ ලාභ අරමුණු කර නොගත් ආයතනයක් ගොවීන් වෙත ලබාදෙනු ලබන තාක්ෂණික සහයෝගීතාව සහ ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ සිදු කිරීමට අපේක්ෂිත විධිමත් වෙළඳපොල ගවේශණයක්ද මෙම ව්‍යාපෘතිය යටතේ සිදුකරනු ඇත.

මෙම ව්‍යාපෘතිය, 2020වර්ෂය වන විට කිරි ආශ්‍රිත නිෂ්පාදනයන්ගෙන් ස්වයංපෝෂිත වීම සඳහා වූ රජයේ ඉලක්කය සඳහා මෙන්ම කිරි ආශ්‍රිත නිෂ්පාදන සඳහා වන දේශීය ඉල්ලුම සහ සැපයුම අතර වන පරතරය අවම කිරීම සඳහා දායකත්වය දක්වනු ඇති බවට අපේක්ෂිතය.

අදාල මූල්‍ය එකඟතා ගිවිසුම සඳහා 2017 දෙසැම්බර් 27 දින මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස් සමරතුංග මහතා  විසින් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අත්සන් තබන ලද අතර ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී ඉසබේලා මිස්කොට් ( Isabelle MISCOT) මහත්මිය ප්‍රංශ රජය වෙනුවෙන් අදාල ගිවිසුමට අත්සන් කරන ලදී. මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේදී පවත්වන ලද මෙම අවස්ථාවට ශ්‍රී ලංකාව සඳහා වන ප්‍රංශ රජයේ ආර්ථික උපදේශක හාවේ ශාර්නලීන්( Hervé SARNELLI)මහතාද සහභාගී විය.

IMAGE

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 40

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 196

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 6921

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4539

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 6028

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 6715

Please publish modules in offcanvas position.

X

Right Click

No right click