Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

වනජීවි සහ වන සම්පත සුරැකුමට STF

මෙරට වන සම්පත සහ වනජීවි සම්පත රැක ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා සහාය ලබා දීමට රජය පියවර ගෙන තිබේ.

මෙරට ජාතික වනඋද්‍යාන අභයභූමි ආදී රක්ෂිත වනාන්තර ඇතුළු වන පෙත් ආශ්‍රිතව සිදුවන සතුන් දඩයම සහ දැව ජාවාරම් සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තු සමඟ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් එක්ව කටයුතු කරනු ඇත.

මේ අතර මන්නාරම් මඩු රක්ෂිතයේ පම්පේඩි කැලෑවේ පවත්වාගෙන ගිය රහසිගත දැවජාවාරමක් අද (27) අළුයම මඩු අඩවි වන නිලධාරීන් හා මන්නාරම් පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් විසින් වටලා ඇත.

කැලෑවෙන් කපන ලද බුරුත ගස් තොගයක්, යතුරුපැදියක්, දැව ඉරීම සඳහා යොදාගත් උපකරණ තොගයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

මේ අතර දැනට හොරව්පතාන අලි රැඳවුමෙන් පිටතට පැමිණ සිටින ගල්ගමුවේ තනිදළයා හස්තියාගේ ආරක්ෂාව පිණිසද පොලිස් විශේෂ බලකා නිලධාරීන් කණ්ඩායමක් යොදා ඇති බව වාර්තා වේ.

සහන් සංකල්ප සිල්වා

IMAGE

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 61

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 217

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 6929

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4547

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 6033

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 6722

Please publish modules in offcanvas position.

X

Right Click

No right click