Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

අමතර දීමනා නංවන යෝජනා ක්‍රියාත්මක නෑ

වෛද්‍යවරුන්ට ලැබිය යුතු අමතර රාජකාරි දීමනා නැංවීම සඳහා වූ යෝජනා සෞඛ්‍ය අමාත්‍යංශයට භාරදී වසරක් ගතවී ඇතත් මේ දක්වා අදාළ යෝජනා ක්‍රියාත්මක නොකිරීමට එරෙහිව දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් පැවැත්වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටුව තීරණය කළ බව එහි ‍ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් ඉදිරි සති දෙක තුළ සෞඛ්‍ය බලධාරීන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබෙන්නේ නම් දීප ව්‍යාප්ත වැඩ වර්ජනය ස්ථිර බව හෙතෙම අවධාරණය කළේය.
වැඩ වර්ජනය මගින් රෝගී ජනතාවට සිදුවන අපහසුතාවන් සම්බන්ධයෙන් රජය වගකිව යුතු බව අද (26) පැවැති මාධ්‍ය හමුවේදී පැවැසුවේය.
සෞඛ්‍ය අමාත්‍යංශය තුළ සිටින වෛද්‍යවරුන් හැර අනෙකුත් සියලුම කාණ්ඩ සඳහා අතිකාල දීමනා මේ වනවිටත් ගෙවීමට කටයුතු යොදා ඇතැයිද මෙහිදී අනාවරණය කළේය.
වෛද්‍ය නිලධාරීන්ගේ සේවා ස්වභාවය සැලකිල්ලට ගෙන එවකට සෞඛ්‍ය ඇමැතිවරයකු ලෙස කටයුතු කළ දොස්තර රන්ජිත් අතපත්තු මහතා වෛද්‍යවරුන්ට අමතර රාජකාරි දීමනාවක් ලබාදීම ආරම්භ කළ බව වෛද්‍ය අලුත්ගේ මහතා පැවැසීය.
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහළ නැංවූ පසු මෙම දීමනාව සංශෝධනය කර ගෙවීම සිදුකරන ලද බවද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.
වසර 2016 දී රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප ඉහළ නැංවූ පසුව එයට සමානුපාතික ලෙස දීමනාවන් ඉහළ නැංවීම විවිධ අමාත්‍යංශවල සිදුවී අවසන් අතරම සෞඛ්‍ය අමාත්‍යංශයේද වෛද්‍යවරුන්ට හැර අනෙකුත් සියලුම කණ්ඩායම්වල අතිකාල දීමනා ඉහළ නංවා ගෙවීම් කටයුතු පවා සිදුකරමින් සිටින බව ඔහු මාධ්‍ය හමුවේදී අවධාරණය කළේය.
අපි මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගෙන් විමසූ විට ඒ මහතා සඳහන් කළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මගින් මේ ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සෞඛ්‍ය ‍ලේකම්වරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලා ඇති බවත් ‍ලේකම්වරයා අදාළ ලිපිය තමා වෙත ඉදිරිපත් කර ඇති බවත්ය.
ඒ අනුව ඉතාමත් ඉක්මනින් මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට දිනයක් ලබාදී ගැටලුව විසඳීමට උත්සාහ කරන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේය.
 
ශ්‍රියානි විජේසිංහ
IMAGE

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 1493

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 1774

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 3032

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 1618

SMS මිස්කෝල් ෆෙස්බුක් නිසා කාන්තාවන් 26%ක් ගුටිකති

IMAGE 2018 Jan 15 08:37
සැමියා පහරදීම නිසා කාන්තාවන්ගෙන් සියයට විසිහයක් හිංසනයට ලක්ව ඇත්තේ ජංගම දුරකථනවලට එන කෙටි...
Views - 1942

හැන්දෑවට හඩා වැටෙන සියඹලාගසේ භූතයා

IMAGE 2018 Jan 14 13:05
නිකවැරටියට ආසන්න පිටිසරබද ගම්මානයක භූතයකු අරක්ගත් සියඹලා ගසක් පිළිබඳව මීට වසර කිහිපයකට පෙර...
Views - 3516

Please publish modules in offcanvas position.

Web Analytics
X

Right Click

No right click