Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

දිවයින පුරා ඩෙංගු රෝගීන් 180,988 ක්

ගතවූ මාස 12 ක කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 180,988 ක් වාර්තා වී ඇති අතර ඉන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංංඛ්‍යාව 33660 ක් යැයි වසංගත රෝග විද්‍යා අංශ වාර්තා සඳහන් කරයි.
අඩුම රෝගීන් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ කිලිනොච්චිය ප්‍රදේශයෙන් වන අතර එම සංඛ්‍යාව 499 ක් යැයිද එම වාර්තාවන් පෙන්වා දේ.
මෙම කාලය තුළ ඩෙංගු වැලඳීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 400 කට ආසන්න වුවත් එය වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව හා සැසඳීමේදී දශම 2 ක් පමණ වන බව ඩෙංගු මර්දන වැඩ සටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත තිසේරා මහතා සඳහන් කරයි.
කෙසේ නමුත් මේ දිනවල පවතින ඊසාන දිග වර්ෂාව හේතුවෙන් ලබන ජනවාරි මාසයේදී ඩෙංගු රෝගය නැවත ඉහළ යා හැකි බැවින් තමන්ගේ වටාපිටාව පිරිසිදුව තබාගැනීමේ වැඩ පිළිවෙළ ආරම්භ කරන්නැයි ජනතාවගෙන් ඩෙංගු මර්දන වැඩ සටහන විශේෂ ඉල්ලීමක් කරයි.
පාසල් වාරය ආරම්භ වීමට පෙර එනම් ලබන 30 වන දින දිවයිනේ සියලුම පාසල් තුළ ශ්‍රමදාන වැඩ සටහන් ආරම්භ කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය මගින් විශේෂ චක්‍ර‍ලේඛයක් නිකුත් කර ඇතැයිද වෛද්‍ය තිසේරා මහතා පැවැසීය. 
ඉදිකිරීම් වැඩ බිම් පරීක්ෂා කිරීමේ කටයුතු ආරම්භ කිරීම සඳහා මේ වන විටත් විශේෂ සෞඛ්‍ය කණ්ඩායම් යොදවා ඇති අතර රජයේ හා පෞද්ගලික ආයතන පිරිසිදු කරගන්නා මෙන් එම ආයතන බලධාරීන්ට දැනුම් දුන් බවද තිසේරා මහතා සඳහන් කළේය.
 
ශ්‍රියානි විජේසිංහ
IMAGE

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 37

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 184

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 6919

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4538

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 6028

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 6714

Please publish modules in offcanvas position.

X

Right Click

No right click