Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

අපේක්ෂකයන්ගෙන් 10%කට හැඳුනුම්පත් නැහැ

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාරදී තිබෙන ඡන්ද අපේක්ෂකයන්ගෙන් සියයට දහයක පමණ ප්‍රතිශතයකට ජාතික හැඳුනුම්පත් නැතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (26) පැවැසීය.
නාමයෝජනා භාර දීමේදී ඔවුන් ජාතික හැඳුනුම්පත වෙනුවට ඉදිරිපත් කර ඇත්තේ, විදේශ ගමන් බලපත්‍රය, රියැදුරු බලපත්‍රය හෝ වෙනත් පිළිගත් හැඳුනුම්පතක් බවද සභාපතිවරයා ප්‍රකාශ කළේය.
ඇතැම් අපේක්ෂකයන් අවර්ණ වූ ජාතික හැඳුනුම්පත් ඉදිරිපත් කර තිබූ බවත් ජාතික හැඳුනුම්පත නොමැති කිසිදි අපේක්ෂකයකුට ඡන්ද ‍පොළකට හෝ ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථානයකට ඇතුළු වීමට ඉඩ නොදෙන බවත් ඒ මහතා පැවැසීය.
පළාත් පාලන මැතිවරණයේ මාධ්‍ය උපමාන බලාත්මක කිරීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (26) පැවැති මාධ්‍ය හමුවකදී මහින්ද දේශප්‍රිය මහතා මෙම කරුණු අනාවරණය කළේය.
මේ අතර මෙවර මැතිවරණයේ ඡන්දය භාවිත කිරීම සඳහා තාවකාලික හැඳුනුම්පත් අවශ්‍ය පුද්ගලයන්ට ඒවා ලබාදීම ලබන මස 2 දා ආරම්භ කරන බවත්, ලබන පෙබරවාරි මස 2 දා තෙක් එම තාවකාලික හැඳුනුම්පත් ලබාදෙන බවත් ඒ මහතා මෙහිදී පැවැසීය.
පසුගිය ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී භාවිත කරන ලද තාවකාලික හැඳුනුම්පත් මෙවර ඡන්ද විමසීමේදීද භාවිත කළ හැකිද යන්න සම්බන්ධයෙන් සොයා බලන බවද සභාපති මහින්ද දේශප්‍රිය මහතා කීය.
කෙසේ වෙතත් ජාතික හැඳුනුම්පත, රියැදුරු බලපත්‍රය, විදේශ ගමන් බලපත්‍රය, වැඩිහිටි හැඳුනුම්පත, රාජ්‍ය සේවකයන් වෙනුවෙන් වන විශ්‍රාමික හැඳුනුම්පත, පූජක උතුමන් වෙනුවෙන් නිකුත් කරන ලද හැඳුනුම්පත හෝ මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරන තාවකාලික හැඳුනුම්පත පමණක් ඡන්දය භාවිත කිරීම සඳහා වලංගු වේ.
 
ගයාත්‍රි ගීගනආරච්චි
IMAGE

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 1483

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙයි

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 1323

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 1407

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 1570

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 7741

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 5128

Please publish modules in offcanvas position.

X

Right Click

No right click