Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

රුසියාවේ තේ තහනම ඉවතට

ශ්‍රී ලංකාවේ තේ සම්බන්ධයෙන් රුසියාව මතෛක් පනවා තිබූ තහනම දෙසැම්ර් 30 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ඉවත් කර ඇතැයි වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ‍ලේකම් ජේ.ඩී. රංජිත් මහතා පැවැසීය.
මෙරටින් ආනයනය කළ තේ සාම්පල්වල කෘමියකු සිටි බව පවසමින් රුසියාව ශ්‍රී ලංකාවට එරෙහිව තේ තහනමක් පනවා තිබුණි.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පෙරේදා (24) ශ්‍රී ලංකාවෙන් නියෝජිත පිරිසක් රුසියාව බලා පිටත් විය. එහිදී රුසියානු නියෝජිතයන් හා ශ්‍රී ලාංකික නියෝජිතයන් අතර සාකච්ඡාවක් ඊයේ (25) රුසියාවේදී පැවැතිණි. එහි ප්‍රතිඵලයක් ලෙස රුසියාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව පනවා තිබූ තේ තහනම අත්හිටුවා ඇත.
රුසියාව මෙරටින් යවන ලද තේවල කැප්රා නම් කෘමියකු සිටි බව පවසමින් ඉකුත් 18 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි තාවකාලික තේ තහනමක් ලංකාවේ තේ සඳහා පනවා තිබුණි. එහෙත් මෙම කෘමියා ලංකාවේ කෘමියකු නොවන බවත් එම කෘමියා තේවල නොව තේ බහාලු භාජනයක සිටි බවත් පසුව කරන ලද පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.
මේ සම්බන්ධයෙන් ලංකාව හා රුසියාව අතර සාකච්ඡා දිගින් දිගටම පැවැත්විණි. මෙරට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රුසියානු ජනාධිපති වෙත ලිඛිතවද මේ සම්බන්ධයෙන් දැනුම් දෙනු ලැබිය.
ලංකාව හා රුසියාව අතර පැවැති තේ ගැටලුව විසඳීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ‍ලේකම්වරයෙක්ද, කෘෂිකර්ම අමාත්‍යාංශයේ නියෝජිතයකුද, තේ මණ්ඩලයේ නිලධාරීන් තිදෙනෙක්ද, තේ පර්යේෂණ ආයතනයේ එක් නිලධාරියෙක්ද, ශාක නිරෝධායන ආයතනයේ එක් නිලධාරියෙක්ද, නීතිපති දෙපාර්තමේන්තුවේ එක් නිලධාරියෙක්ද වශයෙන් නියෝජිත පිරිසක් රුසියාව බලා පිටත්ව ගියේ පෙරේදා උදෑසනය. එම නිලධාරීන් හා රුසියානු නියෝජිතයන් අතර ඊයේ (25) පැවැති සාකච්ඡා සාර්ථක වී ඇත.
තේ පිළිබඳ රුසියාවේදී සාකච්ඡා පැවැත්වෙද්දී ඇස්බැස්ටස් නිෂ්පාදන පිළිබඳ පර්යේෂණයක් සඳහා ශ්‍රී ලංකාවේ විද්වත් කණ්ඩායමක් රුසියාව බලා පිටත්ව ගියේ (25) උදෑසනය. එහි විශේෂත්ව වූයේ රුසියාව ශ්‍රී ලංකාවේ තේ තහනම ඉවත් කරන බව නිවේදනය කරන විට ඇස්බැස්ටස් පර්යේෂණ සඳහා පිටත්ව ගිය ශ්‍රී ලංකා විද්වත් කණ්ඩායම රුසියාව බලා පිටත්ව ගොස් තිබිමයි.

තනුජා නානායක්කාර

IMAGE

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 29

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 172

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 6912

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4535

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 6024

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 6710

Please publish modules in offcanvas position.

X

Right Click

No right click