Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ඇස්බැස්ටස් ගැන පේන බලන්න බෑ

විද්‍යාත්මක සාධකවලින් තොරව ඇස්බැස්ටස් ගෙන්වීම තහනම් කළේ ඇයිදැයි බැලිය යුතුයි. පර්යේෂණාගාරයක් තුළ ඇස්බැස්ටස් ගැන විද්‍යාත්මක පර්යේෂණයක් කරන්න  ඕනෑ. විද්‍යාත්මක පර්යේෂණයකින් තහවුරු කර ගන්නවා කියන්නේ පේන බලනවා වගේ වැඩක් ‍නෙවෙයි.' යැයි විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය.අමාත්‍යවරයා මෙසේ පැවැසුවේ ඇස්බැස්ටස් නිෂ්පාදන සම්බන්ධයෙන් පර්යේෂණයක් සඳහා ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් ඊරුසියාව බලා පිටත්ව යාම පිළිබඳ ලක්බිම කළ විමසමේදීය.
අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද කීය.
විද්‍යාත්මකව ශරීරයට අහිතකර බව කියනවනම් ඒක ශරීරයට අහිතකරයි. මම මේ අමාත්‍යාංශය භාර ගත්තට පසුව ඇස්බැස්ටස් අහිතකර බවට වාර්තාවක් නිකුත් කරලා නෑ. ඊට කලින් නිකුත් කළාද මම දන්නේ නෑ. මේ සම්බන්ධව මතයක්  ගොඩනැගී තිබෙන නිසා විද්‍යාත්මක පරීක්ෂණයක් කිරීමට කණ්ඩායමක් රුසියාවට ගියා. ඇස්බැස්ටස් නිෂ්පාදනයට අමුද්‍රවය යොදා ගන්නා ආකාරය  ඒවා නිෂ්පාදනය කරන ආකාරය පිළිබඳව තොරතුරු ලබා ගෙන වාර්තාවක් ඉදිරිපත් කරනවා. මේක  තේ සමග සම්බන්ධයක් නෑ. මාස කිහිපයක සිට කණ්ඩායමක් රුසියාවට යවන්න අපි සූදානම් වුණා. මේ මොහොතේදී ඒ ගමන කඩිනම් කරලා පිටත් කළා.
 බ්ලු සහ වයිට් යනුවෙන් ඇස්බැස්ටස් ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් භාවිත කළා. ලෝක සෞඛ්‍ය සංවිධානය මීට අවුරුදු කිහිපයකට පෙර බ්ලු කියන ඇස්බැස්ටස් වර්ගය තහනම් කළා. ඒවා ලංකාවට ගෙන්වන්නේ නෑ. වයිට් ඩෙසමයින් කියන ඇස්බැස්ටස් වර්ගය ලංකාවේ දැනටමත් භාවිත කරනවා. ලබන ජනවාරි මාසයේ සිට රජයේ ගොඩනැගිලිවලට යොදා ගන්නේ නෑ කිව්වේ මේවා 2020 සිට ලංකාවට ගෙන්වන්නේ නෑ කිව්වෙත් මෙම වයිට් ඩෙසමයින් වර්ගය ඇස්බස්ටස් සම්බන්ධයෙන් මතයක් ඇති වූ නිසා. ඒ පිළිබඳව පර්යේෂණ කරලා ස්වාධීන වාර්තාවක් ඉදිරියේදී ඉදිරිපත් කරනවා යැයි පැවැසීය.

තනුජා නානායක්කාර

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 5249

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3645

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 5131

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5746

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6564

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 4059

Please publish modules in offcanvas position.

X

Right Click

No right click