Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

හදවත් සැත්කම් තීන්දුව අක්‍රියයි

කොළඹ ජාතික රෝහ‍ලේ තාවකාලිකව අත්හිටුවා ඇති හදවත් සැත්කම් පෞද්ගලික රෝහල් මගින් සිදුකරන බවට  අමාත්‍ය මණ්ඩලය විසින් මෙම මස 04 දා ගනු ලැබූ තීන්දුව මුදල් අමාත්‍යාංශ බලධාරීන්ගේ ක්‍රියාකලාපයක් නිසා මේ වන විටත් ක්‍රි්‍රයාත්මක  කිරීමට නොහැකි වී ඇති බව  රජයේ ආරංචි මාර්ග පැවැසීය.
අමාත්‍ය මණ්ඩලය මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ‍ලේකම්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂජනරාල් සහ මහා භාණ්ඩාගාර නියෝජිතයෙකුගෙන් සැදුම්ලත් කමිටුවක් පත්කිරීමටත් එදින තීන්දුකර ඇත.
නමුත් එම කමිටුව සඳහා මහා භාණ්ඩාගාර නියෝජිතයෙකු පත් කිරීමට මුදල් අමාත්‍යාංශය මේ වන තෙක් කටයුතු කර නොමැති අතර  ඒ නිසා මෙම කමිටුවටද මේ වන තෙක් රැස්වීමට නොහැකි වී ඇති බවද වාර්තා වේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එක්ව ඒකාබද්ධ යෝජනාවක් ලෙස මෙම තීරණය අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබුණි.
එම යෝජනාව මගින් අරමුණු කර තිබුණේ වසරකට වැඩි කාලයක් ජාතික රෝහ‍ලේ ගොඩගැසී ඇති හදවත් සැත්කම් ප්‍රමාණය කඩිනමින් අඩුකර ගැනීමය. තවද ජාතික රෝහ‍ලේ හෘද රෝග ඒකකයේ සිදුකෙරෙන අලුත්වැඩියා කටයුතු නිසා එම ඒකකය මේ වන විට වසා දමා තිබේ. ඒ නිසා හදවත් සැත්කම් කිරීම තවදුරටත් ප්‍රමාද වන නිසා රජයේ වියදමින් එම සැත්කම් තෝරාගත් පෞද්ගලික රෝහල් කිහිපයක සිදුකිරීමට අමාත්‍ය මණ්ඩලය අවසර ලබාදුන්නේය.
මේ පිළිබඳව දැනගැනීමට සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා අප දුරකථනයෙන් සම්බන්ධකරගත් අතර ඔහු මෙසේ පැවැසීය.
“මෙම කමිටුව තවම රැස්වෙන්න නොහැකි වුණාට අපි මේ වන විට හදවත් සැත්කම් කිරීම සම්පූර්ණයෙන් නතර කරලා නැහැ. ජයවර්ධනපුර රෝහල මගින් සතියකට රෝගීන් පස්දෙනා බැගින් හදවත් සැත්කම් සිදුකරනවා. ඒ වගේම ජාතික රෝහ‍ලේ අලුතෙන් ඉදිකෙරුණ නව ශල්‍යගාරයේ අපි හදවත් සැත්කම් සිදුකරනවා. තවද යාපනය, රෝහ‍ලේ හදවත් සැත්තම් කිරීම ඉතිහාසයේ පළමු වතාවට අපි පටන්ගත්තා. කුරුණෑගල  මහරෝහලෙත් හදවත් සැත්කම් කරනවා.  එමෙන්ම ජාතික රෝහලෙන් පරිබාහිර ප්‍රධාන රෝහල්වල හදවත් සැත්කම් කිරීමට අවශ්‍ය පහසුකම් අපි ලබාදෙනවා. එවිට මෙම තදබදය අඩුකරගත හැකිය.
කොළඹ ජාතික රෝහ‍ලේ හදවත් සැත්කම් ඒකකයේ අලුත්වැඩියා කටයුතු යුද හමුදාව ඉතා කඩිනමින් සිදුකරනවා. එළඹෙන ජනවාරි 31 දා වනවිට ඔවුන් එය නවීකරණය  කර අවසන් කරන්නේ පෞද්ගලික රෝහල් කිහිපයක හදවත් සැත්කම් කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය තාක්ෂණික කාරණා මේ දිනවල අපි සම්පූර්ණ කරමින් සිටිනවා.
ඒ සම්බන්ධයෙන් අවශ්‍ය තීන්දු ගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පෞද්ගලික රෝහල් සංගමය සමග සාකච්ඡා කළ බවද අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය.

පානුක රාජපක්ෂ

fShare
3
IMAGE

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 1487

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 1762

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 3023

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 1609

SMS මිස්කෝල් ෆෙස්බුක් නිසා කාන්තාවන් 26%ක් ගුටිකති

IMAGE 2018 Jan 15 08:37
සැමියා පහරදීම නිසා කාන්තාවන්ගෙන් සියයට විසිහයක් හිංසනයට ලක්ව ඇත්තේ ජංගම දුරකථනවලට එන කෙටි...
Views - 1936

හැන්දෑවට හඩා වැටෙන සියඹලාගසේ භූතයා

IMAGE 2018 Jan 14 13:05
නිකවැරටියට ආසන්න පිටිසරබද ගම්මානයක භූතයකු අරක්ගත් සියඹලා ගසක් පිළිබඳව මීට වසර කිහිපයකට පෙර...
Views - 3507

Please publish modules in offcanvas position.

Web Analytics
X

Right Click

No right click